
අල් කයිඩා හිතවාදී අල් ෂෙබාබ් ඉස්ලාමීය ත්‍රස්තවාදීහු සෝමාලියාවේ මොගඩිෂු අගනුවර, විදේශිකයන් අතරේ පවා ප්‍රකට ‘හයාත්’ හෝටලයට කඩා වැදී එහි සිටි සේවක සේවිකාවන් සහ රැඳී සිටි අමුත්තන් ප්‍රාණ ඇපයට ගත්හ.
සෝමාලි ආරක්ෂක අංශ වහා ක්‍රියාත්මක වී, හෝටලය වට කොට ත්‍රස්තන්ට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න විය. පැය 30 කට ආසන්න කාලයක් තිස්සේ පැවැති දරුණු අවි ගැටුම්වලින් සිවිල් වැසියන් 13 දෙනකු මියගිය බව පැවැසෙයි.
ප්‍රහාර අවසන් වූයේ සෝමාලියානු ආරක්ෂක අංශ අතින් අල් ෂෙබාබ් ත්‍රස්තවාදීන් සියලු දෙනා මරා දැමීමෙන් පසුව යැයි සෝමාලි රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. දරුණු ගැටුම්වලින් පසු තුවාල ලැබූ ගණන 40 කි. ඒ අතර ආරක්ෂක අංශ සාමාජිකයන් ද සිටින බව පැවැසෙයි.
ගිනි අවිවලින් සහ පුපුරන ද්‍රව්‍යවලින් සන්නද්ධ වූ ත්‍රස්තවාදින් හෝටලයට කඩා වැදුණේ පසුගිය සිකුරාදා (19) ය. ඊයේ (20) දිනය පුරා සෝමාලි පොලිස් නිලධාරීන් සහ හමුදා නිලධාරින් හෝටලය වටලා ත්‍රස්තයන් සමඟ ගැටුම් පැවැතිණි. ආරක්ෂක අංශ බලය තහවුරු කර ගනිද්දී අල් ෂෙබාබ් ත්‍රස්තයෝ බෝම්බ පුපුරුවා ගත් බව ද පැවැසෙයි.
අප්‍රිකා රාජ්‍යයක් වන සෝමාලියාව ආර්ථික මෙන්ම දේශපාලනික වශයෙන් ද දුර්වල වූ රාජ්‍යයකි. අල් කයිඩාව සමඟ සම්බන්ධ අල් ෂෙබාබ් ත්‍රස්තවාදීන් සහ සෝමාලියා රජය අතර ගැටුම් පවතින්නේ වසර 15 ක් තිස්සේය. සෝමාලියාවේ ජනාධිපති ලෙස හසාන් මොහමද් රාජකාරි ආරම්භ කිරීමෙන් පසු, අල් ෂෙබාබ් ත්‍රස්තවාදීන් සිදු කළ දරුණුතම ප්‍රහාරය මෙය බව පැවැසෙයි.
‘හයාත්’ හෝටලය සෝමාලියානු රජයේ ඉහළ නිලධාරීන් නිතර ගැවසෙන ස්ථානයකි. අල් ෂෙබාබ් ත්‍රස්තවාදීන් හෝටලයට කඩා වැදී පහර දී එහි සිටි පිරිස් ප්‍රාණ ඇපයට ගත් බව පැවැසෙන්නේ එහෙයිනි. ත්‍රස්තයන් කඩා වැදී පහර දේදදී, හෝටලයේ විදේශිකයන් සිටියේදැයි මෙතෙක් කිසිවක් වාර්තා වී නැත.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
502
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2244
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1677
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ත්‍රස්තයෝ සෝමාලි හෝටලයකට කඩා වදිති