IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ති‍්‍රණමූල් කොංග‍්‍රසයෙන් ඉන්දීය සන්ධාන රජයට රතු එළියක්

ඉන්දීය රජය හඳුන්වා දීමට සැරසෙන නව ආර්ථික ප‍්‍රතිසංස්කරණවලට විරෝධය පාමින්, එරට සන්ධාන රජයේ ප‍්‍රධානතම පක්ෂයක් වන බටහිර බෙංගාල ප‍්‍රාන්ත මහ ඇමැතිනී මම්තා බෙනර්ජීගේ නායකත්වයෙන් යුත් ‘ති‍්‍රණමූල් කොංග‍්‍රසය’ රජයෙන් ඉවත් වීමට සූදානම් වෙයි. 2009 වසරේ පැවැති මහ මැතිවරණයෙන් පසු අගමැති මන්මෝහන් සිංගේ කොංග‍්‍රස් පක්ෂය ප‍්‍රමුඛ සන්ධාන රජයට ශක්තියක් වූයේ ති‍්‍රණමූල් පක්ෂයයි. රජයෙන් ඉවත් වීමට තමන් තීරණය කළේ රජය හඳුන්වා දීමට සැරසෙන නව ආර්ථික ප‍්‍රතිසංස්කරණ පැකේජය ජනතා හිතකාමී නොවන නිසා යැයි මහ ඇමැතිනී බෙනර්ජී පවසයි. ඉන්ධන මිල ඉහළ දැමීමටත්, විදෙස් ආයෝජකයන් ළං කර ගැනීමටත් ඉන්දීය රජය එම නව ආර්ථික ප‍්‍රතිසංස්කරණ හරහා සූදානම් වේ. එය රටේ මිලියන ගණනින් සිල්ලර වෙළෙඳාමට ‘මරු පහරක්’ වනු ඇතැයි බටහිර බෙංගාල මහ ඇමැතිනිය වැඩිදුරටත් කියා සිටී. ” ඕනෑම ජනතා හිතකාමී කටයුත්තකදී රජය ගන්නා තීරණවලට අප එකඟ වෙනවා. සෑම විටම රජය සමඟ සිටිනවා. ඒත් රජය කි‍්‍රයාත්මක කිරීමට සැරසෙන මෙම නව ආර්ථික ප‍්‍රතිසංස්කරණවලට අප විරුද්ධයි. ඒවායින් සිදුවන්නේ රටේ ආර්ථිකය අගාධයට ඇද දැමීමක්” යැයි ති‍්‍රණමූල් පක්ෂය පෙන්වා දෙයි. තම පක්ෂය සන්ධාන රජයෙන් ඉවත්වීමට සූදානම් වන්නේ අගමැති සිංගේ රජය පෙරළා දැමීමට නොවන බව ද මහ ඇමැතිනී බෙනර්ජි අවධාරණය කරඇත. ඇය ඉන්දීය මුදල් ඇමැති චිදම්බරම් සමඟ සාකච්ඡුා කළ අවස්ථාවක පවසා ඇත්තේ රටේ ආර්ථිකය ඉහළ දැමීමට නම් ජනතාවට වඩා හිතකර අයුරින් ආර්ථික ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දිය යුතුයි කියාය.



අදහස් (0)

ති‍්‍රණමූල් කොංග‍්‍රසයෙන් ඉන්දීය සන්ධාන රජයට රතු එළියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 708 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17895 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site