IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


තිරිගු අපනයනයට අවසර

යුදමය තත්ත්වයක් පැවැතියත්, යුක්රේනයේ තිරිගු අපනයන කටයුතුවලට රුසියාවෙන් කිසිදු බාධාවක් නොමැති බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ.

රුසියානු ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ, රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

රුසියන් යුක්රේන යුද්ධය මුල්කොට ගනිමින් ලෝක ආහාර අර්බුදයක් නිර්මානය වේවි යැයි බියක් හටගෙන ඇති අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා ඒ සම්බන්ධයෙන් ජනාධිපති පුටින් සමග සාකච්ඡා පවත්වා ඇත.

යුක්රේනයේ තිරිගු අපනයන කටයුතුවලට රුසියාවෙන් කිසිදු බාධාවක් නැති බවත්, යුක්රේනයේ තවමත් යයුක්රේන පාලනයේ පවතින වරාය හරහාත්, යුරෝපා කලාපය හරහාත්, රුසියානු හමුදාව විසින් අත්පත් කරගෙන ඇති වරාය හරහා පවා තිරිගු අපනයනය සිදු කළ හැකි බව පුටින් පැහැදිලි කර තිබේ.

යුක්රේය සම්බන්ධයෙන් රුසියාව අනුගමනය කරන හමුදාමය ක්‍රියා මාර්ගය අවුල් ජාලයක් බවට පත් කර ඇත්තේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් බවත්, එම අර්බුදය මුල්කොට ගනිමින් කිසිදු අවස්ථාවක ලෝක ආහාර අර්බුදයක් ඇතිකිරීමට ඉඩ නොතබන බවත් ජනාධිපති පුටින් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවේදී පැහැදිලි කළේය.

(රොයිටර්)



අදහස් (0)

තිරිගු අපනයනයට අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 543 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1692 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site