IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


තුර්කි විරෝධතාකරුවෝ පොලිසිය සමඟ ගැටෙති

තුර්කි අගමැති රිසෙප් ටයියිප් එඞ්රෙගොන්ට ධුරයෙන් ඉවත් වන්නැයි බලකරමින්, එරට ඉස්තාම්බුල් නුවර තක්සිම් චරස‍්‍රයට රැුස්වී සිටින විරෝධතාකරුවන් සහ කැරැුලි මර්දන පොලිස් නිලධාරීන් අතර ඊයේ (14) යළිත් වරක් දරුණු ගැටුම් හටගත් අතර, එරට පුවත් සේවා වාර්තා කළේ තක්සිම් චතුරස‍්‍රය එකම යුද පිටියක් වූ බවය.
එම ගැටුම් ඇවිළී ගියේ, පැය 24 ක් යෑමට පෙර තක්සිම් චතුරස‍්‍රයෙන් විරෝධතාකරුවන් පලවා හරින්නැයි අගමැති එඞ්රෙගොන් පොලිසියට අණ කිරීමත් සමඟය.
ඒ අනුව සති දෙකකට ආසන්න කාලයක් තිස්සේ තක්සිම් චරස‍්‍රයට රැුස්වී එහි කඳවුරු බැඳගෙන සිටින සහසකට වැඩි විරෝධතාකරුවන් එම ස්ථානයෙන් පන්නා දැමීමට රබර් උණ්ඩ, කඳුළු ගෑස්, ජල ප‍්‍රහාර සහ ගම්මිරිස් ප‍්‍රහාර එල්ල කිරීමට පොලිස් නිලධාරීහු කටයුතු කළහ.
විරෝධතා නවත්වා සාමකාමීව හැසිරෙන ලෙසටත්, තක්සිම් චරස‍්‍රයෙන් ඉවත් වන ලෙසටත් තුර්කි අගමැති අවස්ථා කිහිපයකදී විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටි නමුත් විරෝධතා නතර නොවිණි.
අගමැතිවරයා විරෝධතා කරුවන්ට නායකත්වය දෙන සරසවි සිසුන් සහ වෘත්තීය සමිති නායකයන් සමඟ සාකච්ඡුා පැවැත්වීමට ද උත්සහ කළ නමුත් එය ද අසාර්ථක විය.
තුර්කි අගමැතිවරයාට ධුරයෙන් ඉවත්වන්නැයි බලකරමින් විරෝධතා ඇරැුඹුණේ ඉකුත් සති අන්තයේදීය.
ඒ, ඉස්තාම්බුල් නුවර උද්‍යානයක වෙළෙඳ සංකීර්ණයක් ඉදිකිරීමට රජය සූදානම් වීමත් සමඟය. මේ වනවිට තුර්කියේ සෑම ප‍්‍රධාන නගරයකම පාහේ විරෝධතා පැවැත්වෙන බව වාර්තා වේ.

 



අදහස් (0)

තුර්කි විරෝධතාකරුවෝ පොලිසිය සමඟ ගැටෙති

නිමල් Saturday, 15 June 2013 11:33 AM

ඉතුරු වෙලා තියෙන්නේ ගල්ෆ් රටවල් ටිකයි ඉන්දුනීසියාව,මැලේසියාව වගේ පැසිෆික් රටවල් ටිකයි විතරයි.මගේ එකම පැතුම එටිකටත් ඉක්මනටම මේ යුද වසංගතේ පැතිරේවා.(අ)

:       0       0

අසා Saturday, 15 June 2013 02:53 AM

අරාබින් කොතනද එතන යුද්ධ ... (නි)

:       0       0

ලාල් Sunday, 16 June 2013 10:18 AM

මාත් කැමතියි මෙහෙම වෙනවාට (නි)

:       0       0

දිසානායක Saturday, 15 June 2013 10:37 AM

ඇයි තව පොහොර දාන්න ඇමරිකාවත් ඉන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1101 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1125 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site