IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


තුර්කි විරෝධතාකරුවන්ට පොලිස් ප‍්‍රහාර: 62 කට තුවාල

තුර්කි රජයට එරෙහිව විරෝධතා පවත්වමින්, ඉස්තාම්බුල් අගනුවර තක්සිම් චරස‍්‍රයට රැුස්ව සිටි විරෝධතාකරුවන්ට පහර දී ඔවුන් පලවා හැරීමට කැරැලි

විරෝධතාකරුවකුගෙන් පොලිසියට පෙට‍්‍රල් බෝම්බ ප‍්‍රහාරයක්

මර්දන පොලිසිය ඊයේ (12) උත්සහ කළ අවස්ථාවේදී පොලිසියත් විරෝධතාකරුවනුත් අතර දරුණු ගැටුම් හට ගැනිණ.
ඊයේ දිනය පුරා ගැටුම් පැවැති අතර, පොලිස් නිලධාරීන් 12 දෙනකු සහ කැරැුලිකරුවන් 50 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව වාර්තා විය. ඊයේ දිනයේ පමණක්, 150 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් වූහ.
සති දෙකකට ආසන්න කාලයක් තිස්සේ තක්සිම් චරස‍්‍රයට රැස්වී හමි කඳවුරු බැඳගෙන සිටින සහසකට වැඩි විරෝධතාකරුවන් එම ස්ථානයෙන් පන්නා දැමීමට, කඳුළු ගෑස්, ජල ප‍්‍රහාර සහ ගම්මිරිස් ප‍්‍රහාර එල්ල කිරීමට පොලිස් නිලධාරීහු කටයුතු කළහ.
විරෝධතාකරුවන්ට තුවාල සිදුවූයේ ඔවුන් රබර් උණ්ඩවලින් වෙඩි තැබීමට ද පටන් ගත් නිසාය.
තක්සිම් චරස‍්‍රයයෙන් පසුබා ගිය ඇතැම් විරෝධතාකරුවන් ඒ අසල පිහිටා ඇති ගෙසායි උද්‍යානයට එක් රැස් වූ බව ද පැවැසිණි.
විරෝධතා නවත්වා සාමකාමීව හැසිරෙන ලෙසටත්, තක්සිම් චරස‍්‍රයෙන් ඉවත් වන ලෙසටත් තුර්කි අගමැති රිසෙප් ටයියිප් එඞ්රෙගොන් විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටියේ පෙරේදා (11) ය.
අගමැතිවරයා පෙරේදා පාර්ලිමේන්තුවේ කළ කතාවේදී අවධාරණය කළේ, විරෝධතා කරුවන්ට නායකත්වය දෙන සරසවි සිසුන් සහ වෘත්තීය සමිති නායකයන් සමඟ සාකච්ඡා පැවැත්වීමටත්, හටගත් අර්බුදය සාමකාමීව විසඳා ගැනීමටත් උත්සහ ගන්නා බවය.
තුර්කි අගමැතිවරයාට ධුරයෙන් ඉවත්වන්නැයි බලකරමින් විරෝධතා ඇරැඹුණේ ඉකුත් සති අන්තයේදීය. ඒ, ඉස්තාම්බුල් නුවර උද්‍යානයක වෙළෙඳ සංකීර්ණයක් ඉදිකිරීමට රජය සූදානම් වීමත් සමඟය. මේ වනවිට තුර්කියේ සෑම ප‍්‍රධාන නගරයකම පාහේ විරෝධතා පැවැත්වෙන බව වාර්තා වේ.
ටියුනීසියාවේ, ලිබියාවේ සහ ඊජිප්තුවේ සිදුවූවාක් මෙන් ‘අරාබි වසන්තයක්’ තුර්කියට උදා වීමට ඉඩ නොදෙන බව ද අගමැති එඞ්රෙගොන් පවසා ඇත.

 

විරෝධතාකරුවන්ට පොලිසියෙන් වෙඩි

 



අදහස් (0)

තුර්කි විරෝධතාකරුවන්ට පොලිස් ප‍්‍රහාර: 62 කට තුවාල

ප්‍රසන්න Friday, 14 June 2013 05:36 AM

කෝ දැන් ඔය කියන නේටෝ එක? ඇමෙරිකාවටත් වෙන්නේ දවසක ඕකම තමා, ජනතාවගේ මතයට හිස නැමුවේ නැත්නම්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site