තුර්කිය සිරියා-තුර්කි දේශසීමා ප්‍රදේශයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් දහස් ගණනක් අවතැන් වී ඇති බවත් රඳවාගෙන සිටි අයි.එස්. සාමාජිකයන් සිය ගණනක් පලා ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කුර්දි පාලනයේ සිටින 100,000කට වැඩි පිරිසක් අවතැන් වී ඇතැයි ද කුර්දි පාලනයේ තිබෙන සිරියාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල 191,000කට වැඩි පිරිසක් අවතැන් වී ඇතැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
උතුරු දිග සිරියාවේ පිහිටි කඳවුරකින් අයි.එස්. සටන්කාමීන්ගේ පවුල්වල සාමාජිකයන් දහසකට ආසන්න පිරිසක් පලා ගොස් ඇතැයි කුර්දි බලධාරීහු අද (13) ප්‍රකාශ කළහ.
තුර්කි හමුදා උතුරු දිග සිරියාවේ කුර්දි හමුදා වෙත ප්‍රහාර එල්ල කරයි.
“තුර්කි හමුදා සහ ඔවුන්ගේ කුලී හේවායෝ අයින් ඉස්සා කඳවුර ආසන්න ප්‍රදේශයට මිලේච්ඡ ප්‍රහාරයක් එල්ල කලා. එහි සිටි දහස් ගණනක් දැන් පලා ගිහින්. ඔවුන්ගෙන් වැඩි දෙනා අයි.එස්.
සටන්කාමීන්ගේ පවුල්වල සාමාජිකයන්” යැයි නිවේදනයක් නිකුත් කරමින් කුර්දි පරිපාලනය සඳහන් කළේය. කඳවුරට ද ප්‍රහාර එල්ල වූ බව තුර්කි බලධාරීහු පැවැසූහ.
තුර්කිය තමන් වෙත එල්ල කරන ප්‍රහාර නිසා අයි.එස්. සටන්කාමීන්ට නැවත නැගී සිටීමට අවස්ථාවක් උදා වනු ඇති බවත් තමන්ට අයි.එස්. සටන්කාමීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් රඳවා සිටින කඳවුරුවලට ආරක්ෂාව සැපයීමට නොහැකි බවත් කුර්දි බලධාරීහු පසුගිය දින කිහිපයේදීම අනතුරු ඇඟවූහ.
නිල සංඛ්‍යාදත්තවලට අනුව අයි.එස්. සටන්කාමීන් 12,000කට ආසන්න පිරිසක් කුර්දි සිර කඳවුරුවල රඳවා තබාගෙන ඇති අතර ඒ අතර රටවල් 54කින් පැමිණි පිරිස් ද සිටිති. ඔවුහු අයි.එස්. සංවිධානයට එක්වීමට විදේශවලින් පැමිණි අය වෙති.
අවතැන් කඳවුරුවල දරුවන් 8,000ක් සහ කාන්තාවන් 4,000ක් ඇතුළු විදේශකියන් 12,000කට වැඩි පිරිසක් සිටින බව ද පැවසේ.
ඒ.එෆ්.පී/රොයිටර්ස්
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
තුර්කි ප්‍රහාර වලින් දහස් ගණනක් අවතැන්