IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


තුර්කි ජනපති සෞදියේ

ගල්ෆ් රටවල සංචාරයක් ආරම්භ කරමින්, තුර්කි ජනාපධිති රිජෙප් තායිප් එර්දොවාන් සෞදියට පැමිණියේය. තුර්කි ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ අරමුණ විදෙස් අයෝජන තුර්කියට ලබා ගනිමින් තුර්කියේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීම බව පැවැසෙයි.

සෞදියේ වෙරළාශ්‍රිත ජෙඩා නුවරදී තුර්කි ජනාපධිතිවරයා උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ සෞදියේ සල්මාන් බින් අබ්දුල් අසීස් අල් සෞද් සහ සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරුන් විසිනි.

සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, තුර්කි ජනාපධිතිවරයා එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේත් ඉන්පසු කටාර් රාජ්‍යයේත් සංචාරය කිරීමට නියමිතය. සෞදි තුර්කි ව්‍යාපාරික හමුවකට ද තුර්කි ජනාධිපතිවරයා සහභාගී විය.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේත් කටාර් රාජ්‍යයේත් ව්‍යාපාරික හමු පැවැත්වීමට නියමිත බව අල් ජසීරා පුවත් සේවය පවසා තිබේ.

තුර්කියේ නිෂ්පාදිත නියමුවන් රහිත ඩ්‍රෝන යානා මිලදී ගැනීමට සෞදි රජය කැමැත්ත පළ කර තිබේ. එම ගනුදෙනුවට අදාල ගිවිසුම්වලට ද තුර්කි ජනාධිපති එර්දොවාන් අත්සන් කළේ යැයි පැවැසෙයි.

අර්බුදයට පත් වී ඇති තුර්කි ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙම ගනුදෙනුව ඉවහල් වනු ඇතැයි ද පැවැසෙයි. තුර්කි ජනාපධිති එර්දොවාන් සෞදියේ සංචාරයකට පැමිණියේ තුර්කි ව්‍යාපාරිකයන් කණ්ඩායමක් ද පිරිවරා ගනිමිනි.

මේ අතර, සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් හමුවී, සාකච්ඡා කිරීමට තමන් සූදානම් නමුත්, තුර්කි සිරියාවේ රඳවා ඇති තුර්කි හමුදා ආපසු ගෙන්වා ගැනීමට තමන් සූදානම් නැතැයි තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පවසා ඇත.

තුර්කි ජනාධිපති එර්දොවාන් මෙසේ පැවැසුවේ සෞදියේ, කටාර් රාජ්‍යයේ සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සංචාරය ආරම්භ කිරීමට සූදානමිනි.

සිරියානු සිවිල් යුද්ධයේ දී තුර්කියේ සහාය හිමිවන්නේ සිරියානු නිල විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලටය. තුර්කිය කිසිම අවස්ථාවක, සිරියානු රජය සමඟ සාකච්ඡා කිරීමෙන් බැහැර නොවූ බව ද ඕනෑම දෙයක් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට තුර්කිය සූදානම් බවත් තුර්කි ජනාධිපති එර්දොවාන් පෙන්වා දී ඇත.



අදහස් (0)

තුර්කි ජනපති සෞදියේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 420 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 125 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 803 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site