IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


තුර්කිය රුසියා යුද යානයක් බිම හෙළයි

 තුර්කිය විසින් රුසියා යුද යානයක් සිරියා දේශසීමාවේදී වෙඩි තබා බිම හෙළා ඇතැයි බීබීසී පුවත් සේවය කියයි.

රුසියා ඉන්ටෆේස් පුවත් ඒජන්සිය වාර්තා කරන්නේ එස්යූ 24 යානය එසේ දකුණු සිරියාවේදී වෙඩි තබා බිම හෙළා ඇතැයි රුසියා ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරන බවයි. එම අවස්ථාවේදී ගුවන් යානයේ සිටි නියමුවන් දෙදෙනා යානයෙන් ඉවතට පැන ඇතැයි කියති.

තුර්කි හමුදා නිලධාරීන් පවසන්නේ අනතුරු සංඥා නිකුත් කර තිබියදී තුර්කි ගුවන්පථයට බලෙන් ඇතුළුවූ රුසියා යානයට එෆ් 16 යානයෙන් ප්‍රහාර එල්ල කළ බවයි.

සිරියා ජනපති බෂාර් අල් අසාද්ගේ රජයට සහාය පිණිස රුසියාව පසුගිය සැප්තැම්බරයේ ගුවන් මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.

විදෙස් පුවත් සේවා පසුව අනාවරණය කර ඇත්තේ එක් නියමුවකු මියගොස් බිම වැටී ඇති බවයි.

_86843950_29407b39-4127-4a93-962d20151124-41cd34e41dfb _86845884_turkey_russia20151124_aircraftmap624 _86845886_a8a80ba4-3801-4730-8c2015112430-7444d86a6940 _86845888_0c7f07cd-4856-4450-bc2015112469-87a8fececbc8 _86845890_b24122e7-a066-41d620151124-8462-8d2e1fdbf4f7

 



අදහස් (0)

තුර්කිය රුසියා යුද යානයක් බිම හෙළයි

ආනන්ද දොඩන්ගොඩ Tuesday, 24 November 2015 08:05 PM

වැඩි කලක් යන්නට පෙර මෙයට ප්‍රතිචාරයක් දකින්නට ඉඩ ලැබෙන්න පුළුවන්. වෙරිවුණ මීයා වගෙයි තුර්කිය. බළලා අවදිවුණාම මීයාගේ වෙරි හි‍ඳෙයි (නි)

:       0       0

රනිල් වික්‍රම Wednesday, 25 November 2015 02:01 AM

isis කියන්නේ ලෝකෙටම හිසරදයක්, රුසියාව කරන වැඩේට උදවු නොකර තුර්කිය කරන මේ පහත් වැඩේ ලෝකෙ හැමෝම හෙලා දැකිය යුතුයි!isisලට කිරි පෙවුව ඇමරිකාවට වුනාට එහා වැඩක් මෙයාලට වෙන්න ඕන!.(රේ)

:       0       0

ජනිත් Wednesday, 25 November 2015 11:47 PM

රුසියන්කාරයින්ට පහර දෙනවා කියන්නේ කොටි වලිගය අල්ලාගත්තා වැඩක්. (නි)

:       0       0

නාමල් Wednesday, 25 November 2015 05:22 AM

රනිල් ඇමරිකාව කොහෙද IS ලට කිරිපෙව්වේ... වලට උදව් කරන්නේ සුන්නි අරාබි රටවල්..අනික රුසියාවට අවශ්‍ය සිරියාවේ රුසියානු හිතවාදී ඒකාධිපති ජනාධිපතිව බලයේ තබාගෙන තමන්ගෙ හමුදා කදවුරු ආරක්ෂා කරගන්න..(බ)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Wednesday, 25 November 2015 12:03 PM

අයි එස් ත්‍රස්තයන් බිහි කලේ අමෙරික්කාව සහ බටහිර රටවල් , තමන්ට අවනත නැති රටවල් විනාශ කර තමන්ට අවනත නායකයන් පත් කරන්න , පටන් ගත්තේ ලිබියාවෙන් , එකට සෞදි අරාබිය සහ කටාර් වැනි රටවලින් විශාල මුදල් ලැබෙනවා , දැන සිරියාවේ සිටින බටහිරට අවනත් නැති රුසියානු සහ ඉරාන හිතවත් බශාර් අල අසාද් පන්නා දැමිම තමා අයි එස් අයි එස් මාර්ගයෙන් බටහිර රටවල් සහ ඇමරිකාව කරන්නේ , ඔවුනට අවි ආයුධ සහ මුදල් ලැබෙන්නේ ඔවුන්ගෙන් , නාමල් වැනි මුකුත් නොදන්නා කෙනෙක් සිටීම දුකකි (අ)

:       0       0

රිචි බාලසුරිය Thursday, 26 November 2015 02:11 PM

ඕක මොකක්ද? රුසියාවේ ඕවා සිය ගණන් හදනවා. එකක් බිම දැම්මාට රුසියාවට ලැජ්ජාව මිසක පාඩුවක් නැහැ (නි)

:       0       0

ලක්මාල් Thursday, 26 November 2015 05:08 AM

මෙතන ඇමෙරිකාවට කඩේ යන කට්ටියක් ඉන්නවා කියල පේනවා, ඇමෙරිකාව කියන්නේ මොකක්ද කියලවත් ඒ අය හරියට දන්නේ නැ. අයිඑස් බිහිකළේ ඇමෙරිකාව කියන එක හැමෝම දන්නා ප්‍රසිද්ධ රහසක්.(ම)

:       0       0

ඉන්දික Wednesday, 25 November 2015 06:20 AM

නාමල්, දන්නේ නැති දේවල් කතා කරන්න එපා . ඇමෙරිකාව මුස්ලිම් ත්‍රස්තවාදෙට විරුද්ධ වුනාට අයිඑස් එකට ගහන්නේ නැහැ. මොකද එතකොට සිරියාවේ ජනාධිපති නැවතත් ශක්තිමත් වෙන හින්ද. ඇමරිකාවට ඕනේ ත්‍රස්තවාදීන්ට කියල හරි සිරියාවේ ජනාධිපතිට ගහන එකයි. (බ)

:       0       0

තිනුර කුරේ Wednesday, 25 November 2015 01:13 PM

සිරියානු ගුවන් සිමාව තුල මේදිනවල විවිධරටවල ප්‍රහාරක යානා අයි එස් අයි එස් ත්‍රස්‌තවාදීනට එරෙහිව ගුවන් ප්‍රහාර දියත් කරනවා. මේ නිසා එරට ගුවනේ නිතර නිතර ගුවන් යානා පියාසර කරනවා. යම් විටකදී යම් ගුවන් යානයක් සිමාවෙන් පිටතට යන්න පුළුවන්. මෙම රුසියානු ගුවන්යානය මගින් තුර්කියට කිසිඳු හානියක් වෙන්නේ නැහැ ඔවුන් ගුවන් ප්‍රහාර දියත් කරන්නේ ත්‍රස්තවාදින්ට පමණයි. එම නිසා තුර්කි බලධාරීන් මිට වඩා විමසිලිමත්විය යුතුය. මුළු ලොවටම අවශ්‍යවන්නේ මෙම ත්‍රස්තවාදීන් නැතිකිරිමටයි. තවද තුර්කි බලධාරීන් රුසියානු ගුවන් නියමුවන්න අනතුරු අගවා ඇත්තේ තුර්කි හෝ ඉංග්‍රීසි භාෂාවෙන් විය හැකිය එයා ගුවන් නියමුවන්න්ට නොතේරුනා විය හැකිය. (ර)

:       0       0

පුබුදු ප්‍රසන්න Wednesday, 25 November 2015 07:35 AM

මුන්ට ඕන හදන යුද මෙවලම් ටික විකුණගන්න. ඒ නිසා යුද්දයක් ඇතිකරනවා. මේවා නිසා මුළු ලෝකෙම විනාශ වෙන දිනය වැඩි දුරක නෙවෙයි. ඒ නිසා බුදු දහමට අනුව ජීවත් වෙන්න අපේ රටේ ඉන්න අය හිතාගන්න ඕන. (බ)

:       0       0

සුදත් Wednesday, 25 November 2015 08:12 AM

ඉන්දික නොදන්නා දේවල් කතාකරන්න එපා. අයිඑස් ලට මුලින්ම ගැහැව්වේ නේටෝ සංවිධානය. ඔන්න සෞදි, කටාර්, කුවේට්, එමිරේට්ස් වගේ රටවල් නම් ඔය සංවිධානයට පෙරදී සහය දුන්නා (ම)

:       0       0

ඉන්දික ගම්පහ Tuesday, 24 November 2015 03:47 PM

තුර්කිය කියන්නේ ඇමරිකානු අතක්. ඔය ගැහුවේ තුර්කිය නොවෙයි. ඇමෙරිකාව. දෙපිටකාට්ටු වැඩ පේනවා කාටත් (බ)

:       0       0

චන්න බුවනක Thursday, 26 November 2015 04:58 PM

මෙතන තියෙන්නේ යට ගේමක්.. ගේම තියෙන්නේ අමෙරිකාවත් රුසියාවත් අතර. ගේම ගහන්නේ සෞදිය, ඉරාකය, සිරියාව, යේමනය, තුර්කිය, ආදී රටවල්, ඕකට පස්සෙන් ලිබියාව, ඊජිප්තුව, ඉරානය, ඉන්න පුළුවන්. ඔය රටවල් ඉස්සරහට දාගෙන තමයි මේ ගේම යන්නේ. ඕක තේරුම් ගන්න . (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 512 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site