IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


තුර්කිය ඊශ‍්‍රායල තානාපති නෙරපයි

මානුෂීය ආධාර තොගයක් රැගෙන ඉකුත් වසරේ ගාසා තීරයට ගිය නෞකාවට ඊශ‍්‍රායල හමුදා සෙබළුන් එල්ල කළ ප‍්‍රහාරයෙන් තුර්කි ජාතිකයන් සිවු දෙනකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ වාර්තාව පෙරේදා (3) එළිදැක්වීමත් සමඟ තම රටේ සිටින ඊශ‍්‍රායල තානාපති නෙරපා දැමීමට තුර්කි රජය පියවර ගත්තේය. තුර්කි විදේශ ඇමැති අමෙත් ඩොටොග්ලූ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ තුර්කියේ සිටින ඊශ‍්‍රායල තානාපති ඇතුළු කාර්ය මණ්ඩලය වහාම සිය රට බලා පිටත් කළ බවය. විදේශ ඇමැතිවරයා වැඩි දුරටත් කියා සිටියේ එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන තෙක්ම ඊශ‍්‍රායල රජය තුර්කියෙන් කිසිදු ආකාරයේ සමාව ඇයැදීමක් සිදුකර නැති බවය. තුර්කිය සහ ඊශ‍්‍රායලය අතර පැවැති සියලූම හමුදා ගනුදෙනු ද වහාම අත්හිටුවීමට ද තුර්කි රජය තීරණය කර ඇතැයි ඇමැති අමෙත් ඩොටොග්ලූ මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය. ඊශ‍්‍රායලයේ සිටි තුර්කි තානාපතිවරයා නිවාඩුවක් සඳහා මේ දිනවල සිය රටට එනම් තුර්කියට පැමිණ සිටින බවත් ඔහු ආපහු ඊශ‍්‍රායලට නොයවන බවත් ඇමැති අමෙත් ඩොටොග්ලූ පවසයි.

අන්කාරා (රොයිටර්)



අදහස් (0)

තුර්කිය ඊශ‍්‍රායල තානාපති නෙරපයි

සමන් Tuesday, 06 September 2011 06:48 AM

එපමණයි කළ හැක්කේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 708 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 881 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 372 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site