
කාම්බෝජයේ හිටපු නායක හුන් සෙන් සමග කළ දුරකතන සංවාදයක් හේතුවෙන් ඉල්ලා අස්වන ලෙසට දැඩි බලපෑමකට ලක්වුණු තායිලන්ත අගමැතිනී පේටොංටාර්න් ෂිනවාත්‍රාගේ ධූරය අත්හිටුවිණි.
පේටොංටාර්න් ෂිනවාත්‍රා, කාම්බෝජ හිටපු නායක හුන් ට ඉතා ලෙංගතුව, හිතවත්කමින්, 'අංකල්' යනුවෙන් ආමන්ත්‍රණය කරමින්, තායිලන්තය සහ කාම්බෝජය අතරේ හටගෙන ඇති දේශසීමා අර්බුදය විසඳීමට මැදිහත් වෙන්නැයි කරන ඉල්ලීම ඒම දුරකතන සංවාදයට ඇතුළත් වෙයි.
එම දුරකතන සන්වාදයේ දී, තායිලන්ත අගමැතිනිය, තායි හමුදා ප්‍රධානීන් විවේචනය කරන අතර, ඇගේ සන්ධාන රජයේ හවුල්කාර පක්ෂ හෑල්ලු කරමින් කතා කරයි. මෙම දුරකතන සන්වාද හඬ පටය ප්‍රසිද්ධියට පත් වෙද්දී, අගමැතිනී පේටොංටාර්න්ගේ සන්ධාන රජය ද දෙදරා ගියේය. ජනතා විරෝධයක් ද ඉස්මතු විය.
ඉන්පසු අග්‍රාමාත්‍යවරිය සේවයෙන් පහ කරන ලෙස ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කෙරුණු අතර එය මේ වනවිට අධිකරණය තුළ විභාග වෙමින් පවතී.
ඒ අනුව, පසුගිය දශක දෙකක කාලය තුළ තායි දේශපාලනයේ ආධිපත්‍යය දැරූ බලවත් ෂිනවාත්‍රා පරම්පරාවේ - ඔවුන්ගේ ධූර කාලය සම්පූර්ණ කිරීමට පෙර බලය අහිමි වන තුන් වන දේශපාලනඥයා පේටොංටාර්න් වීමට ඉඩ ඇත. පේටොංටාර්න්, යනු තාක්ෂින් ෂිනවාත්‍රාගේ දියණියයි.
අග්‍රාමාත්‍යවරිය සේවයෙන් පහ කිරීම සඳහා වන නඩුව සලකා බලන අතරතුරේ ඇගේ සේවය අත්හිටුවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ විනිසුරුවරුන් 7න් 2ක් ඡන්දය ප්‍රකාශ කළ අතර, ඇයට නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට දින 15 ක් හිමිවී ඇතැයි ද පැවැසෙයි.
2025 නොවැම්බර් මස 04
505
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2245
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1678
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තායි අගමැතිනිය ධූරයෙන් නෙරපයි
රුවන් Wednesday, 02 July 2025 06:45 AM
පියා නම් හරියට අගමැති කාලයේ හිටියා දුවට බැරි වුනේ ඇයි? මිනිස්සු ඡන්දෙ දුන්නේ පියාගේ චරිතය නිසා මිස දුව වෙනුවෙන් නෙමෙයි වගේ.
ජිරාපොන් ලුජුන්තා Wednesday, 02 July 2025 08:26 AM
රටේ ලේඩි බෝයිස්ලා වැඩි වෙනකොට ඔය වගෙ පොඩි පොඩි ප්‍රශ්ණ එනවා. ඔවා කතා කරලා විසදගන්න ඔනේ