IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


තායිවානේ බළල්ගම

හොවුටොන්ග් නම් වන මේ ගම්මානය එදවස ප‍්‍රසිද්ධව තිබූයේ ගල් අගුරු ආකර පැවැතීම නිසාය.හොද තත්ත්වයේ ගල් අගුරු බෙදාහැරීමෙන් දිවි සරිකරගත් ගම්මු 6000 ක් පමණ ගම්මානයේ විය.1970 වසරින් පසු විදුලිබලය හා ඛනිජ තෙල්, ජනපි‍්‍රය වන්නට පටන්ගත්තේ කිසිවෙකුත් නොසිතූ පරිදිය.

මෙනිසා හොවුටොන්ග් ගම්මානයේ ගල් අගුරු වලට තිබූ ඉල්ලූමද පහත ගියේ ගම්මානයේ නමද එහි වැසියන්ද බාහිර ලෝකයාට අමතක කරවමිනි.ජීවත් වීමට ක‍්‍රමයක් නොමැති තැන ගම්මුන්ද නගර වලට සංක‍්‍රමණය වීමට පටන් ගැනීම නිසා ගම්මානයේ සිටි 6000 න් 2000 වසර වන විට සිටියේ 100 ක් පමණි.

2008 වසරේදී දුර රටකින් සංචාරකයෙකු ගමට පැමිණියේ සියල්ලන් පුදුමයට පත්කරවමිනි.ඔහු ඡායාරූප ශිල්පියෙක් විය.ඔහු සතුන් ඡායාරූප ගතකරණය කෙරෙහි උනන්දුවක් දැක්වූයෙකි.ගම්මානයේ එහෙ මෙහෙ සැරිසරමින් සිටි බළලලූ ඔහුගේ ඡායාරූප වල ‘‘නිරූපණ ශිල්පීහු‘‘ වූහ.අවසානයේ සිය රට බලා ගිය ඔහු එම ඡායාරූප අන්තර්ජාලය වෙත එක් කිරීමට කටයුතු කිරීමත් සමග ලොව පුරා බළල් ලෝලීන්ගේ අවධානය ඒවා කෙරෙහි යොමු විය.ගම්මානයේ කදු පල්ලම් ආදී ස්ථාන වල සිට ඡායාරූප වලට ‘‘පෙනී‘‘ සිටි බළලූන් සියලූදෙනාගේ සිත්ගත් බව පෙනෙන්නට තිබුණි.

මෙහි ප‍්‍රතිඵලය වූයේ බළලූන් ඡායාරූපයට නැගීමේ අරමුණින්ම හොවුටොන්ග් ගම්මානය සොයා සංචාරකයින් පැමිණෙන්නට පටන් ගැනීමයි.දැන් හොවුටොන්ග් දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉහළ අවධානයක් දිනාගෙන ඇති ස්ථානයකි.බොහෝ දෙනා දැන් හොවුටොන්ග් හදුන්වන්නේ ‘‘බළල් ගම‘‘ ලෙසය.ගණන් බලා ඇති පරිදි මේ වන විට හොවුටොන්ග්හි බළලූන් 300 ක් පමණ වාසය කරයි.ගම්මුන්ටද හොද කලදසාවක් උදාවී ඇත.ගම්මානයට පැමිණෙන සංචාරකයින්ට සිහිවටන,ආහාර ආදිය අලෙවි කිරීමෙන් ඔවුන් ජීවිකාව සොයා ගනී.ගමට වසන්තය ගෙන ආ බළලූන් ඔවුන් ඉතා ආදරයෙන් රැක බලා ගනු ලබයි.බළලූන් වෙනුවෙන් නොමිලයේම පශු වෛද්‍ය සේවා ආදියද කි‍්‍රයාත්මකය.



අදහස් (0)

තායිවානේ බළල්ගම

සංජීව Friday, 14 June 2013 07:14 AM

අපේ රටෙත් තියෙනවා මෙහෙම ගමක්. ගම තියෙන්නේ දියවන්නාව මැද්දේ.(නදී)

:       0       0

චානක ඇන්ටන් Friday, 14 June 2013 09:27 AM

ඒ බළල් ද නැත්නම් ඒ වගේ වෙන එකක්ද? (අ)

:       0       0

නදීෂාන් Friday, 14 June 2013 09:54 AM

ශෝක් පූස් ගෙඩියෝ ටිකක් මේ පින්තුරේ ඉන්නෙ. (නි)

:       0       0

චම්පි Friday, 14 June 2013 10:05 AM

අනේ මමත් හරි ආසයි පූසන්ට. මටත් යන්න හිතෙනවා එහාට (නි)

:       0       0

නාලක Friday, 14 June 2013 10:19 AM

අපේ රටේ තියෙන්නේ බළල් ගම් නෙමෙයි, බලු ගම්. (නි)

:       0       0

චතුර Friday, 14 June 2013 04:45 PM

සුනාමියට පසු පැමිණි විදේශික උපකාරකයයෝ ලංකාවේ එහෙ මෙහෙ දුවන බලු බලල්ලෝ වෙනුවෙන් ආරක්ෂක වියාපාර කරමින් ගම්වාසීන්ට ආදර්ශමත් ලෙස කටුතු කලා. වර්තමානය ගැන නොදනිමි (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site