චීන හමුදා ගුවන් යානා 29ක් සහ නාවික යාත්‍රා 10ක් තම ගුවන් සීමාවත්, මුහුදු සීමාවත් උල්ලංඝනය කර ඇතැයි තායිවානයේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. මේ නිසා තායිවානය ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇත.
චීන හමුදාවේ ගුවන් යානා 29න් 13ක් තායිවාන සමුද්‍ර සන්ධියේ මධ්‍ය රේඛාව හරහා ගොස් තායිවානයේ උතුරු, මධ්‍යම, නිරිතදිග සහ නැගෙනහිර ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ කලාපයට ඇතුළු වූ බව තායිවාන හමුදාව කියයි.
ඒ සමඟම තායිවානය ද ගුවන් යානා සහ නාවික නෞකා යොමු කර චීනයේ හමුදා ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා වෙරළබඩ මිසයිල පද්ධති යෙදවූ බව ද වාර්තා වේ.
තායිවානය යනු චීනය අසල ඇති කුඩා දූපත් රාජ්‍යයකි. චීනයේ ප්‍රධාන භූමියෙන් තායිවානය වෙන්කරන අතර, තායිවාන සමුද්‍ර සන්ධිය නිතර මතභේදයට තුඩුදෙන ප්‍රදේශයක් බවට පත් වී තිබේ. චීනය තවමත් තායිවානය සලකන්නේ ඔවුන්ට අයත් කොටසක් ලෙසය. අර්බුදයට හේතුව මෙයයි.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
තායිවානය සීරුවෙන්