IMG-LOGO

තායිවානය අයිති කරගන්න ඉඩ දෙන්නේ නෑ

තායිවානය අයිති කරගැනීමට චීනය උත්සාහ කරන්නේ නම් ඔවුන්ට දැඩි අභියෝගවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි දැඩි අභියෝගවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ජියැන්ලි යැන්ග් පවසයි.

ජියැන්ලි යැන්ග් චීන පාලනය ප්‍රතික්ෂේප කරන අතර චීනයේ විරුද්ධවාදියකු ලෙස ද සැලකේ.

හෙතෙම ‘නිව්ස්වීක්’ සඟරාව වෙත ලිපියක් ලියමින් මේ බව සඳහන් කර ඇත.

තායිවාන ජනතාවගේ වෙනමම ජාතික අනන්‍යතාවක අවශ්‍යතාව වේගයෙන් වර්ධනය වෙමින් තිබෙන බව ද හෙතෙම පෙන්වාදෙයි.

‘සිටිසන් පවර් ඉනිෂියේටිව් ෆෝ චයිනා’ වැඩසටහනේ නිර්මාතෘවරයා වන්නේ ද ජියැන්ලි යැන්ග් ය.

තායිවානය තමන් යටතට ගැනීමට හැකි වනු ඇතැයි චීනය සුබවාදී අපේක්ෂා තබාගත්ත ද තායිවාන වැසියන්ගෙන් ඊට දැඩි විරෝධයක් එල්ල වනු ඇතැයි ද තායිවානය අල්ලා ගැනීම චීනය සිතන තරම් පහසු නැතැයි ද යැන්ග් පවසයි.

තායිවාන වැසියන් ඔවුන් චීනයට සම්බන්ධ කරගැනීමට පමණක් නොව චීන ජාතිකයන් හෝ එම වාර්ගිකත්වයට හෝ සම්බන්ධ කරගැනීමට දැඩි ලෙස විරුද්ධ යැයි ද හෙතෙම කියයි.

තායිවානයේ ජාතික විශ්වවිද්‍යාලයක් වන ‘නැෂනල් චෙන්ග්චි’ විශ්වවිද්‍යාලයේ මැතිවරණ අධ්‍යයන මධ්‍යස්ථානය මේ සම්බන්ධයෙන් අධ්‍යයනයක් කර ඇත.

ඊට අනුව පසුගිය දශක තුනක කාලයේ දී තමන් තායිවාන ජාතිකයකු ලෙස හඳුන්වන පිරිස වැඩි වී ඇති බවත් තමන් චීන සහ තායිවාන ජාතිකයකු ලෙස හඳුන්වන පිරිස ඉතා වේගයෙන් සහ සැලකිය යුතු ලෙස අඩු වී ඇතැයි ද එම අධ්‍යයනයෙන් අනාවරණනය වී ඇත.

එමෙන්ම තායිවානය තුළ, එනම් තායිවාන ජනතාව අතර වෙනමම ජාතික අනන්‍යතාවක අවශ්‍යතාව වේගයෙන් වැඩි වී ඇතැයි ද එහිදි සොයාගෙන තිබේ.

(ඒ.එන්.අයි. ඇසුරිනි)



අදහස් (0)

තායිවානය අයිති කරගන්න ඉඩ දෙන්නේ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 397 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 194 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1896 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site