IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


තායිලන්ත බෝම්බ ප‍්‍රහාරයට ඉරානයේ සම්බන්ධයක් නැහැ

බැංකොක් අගනුවර සිදුවූ බෝම්බ පිපිරීමට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් එම ප‍්‍රහාරයට වගකිවයුත්තේ සියොන්වාදී ඊශ‍්‍රායලය බවත් ඉරාන විදේශ කටයුතු අමාත්‍යංශ ප‍්‍රකාශකයෙක් ඊයේ (15) කියා සිටියේය. තායිලන්තය සමඟ පවතින හොඳහිත පළුදු කිරීමේ අරමුණින් ඊශ‍්‍රායලය තමන්ට පදනම් විරහිත චෝදනා එල්ල කරන බවත් මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේදී ඉරානයේ සහය තායිලන්තයට ලබා දෙන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. බැංකොක් නගරයට පෙරේදා(14) එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයට සම්බන්ධයැයි සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනකු තායිලන්ත ආරක්ෂක අංශ භාරයේ සිටින බව එරට පුවත් සේවා වාර්තා කරයි. තායිලන්ත බලධාරීන් විසින් ඉරාන ජාතිකයින් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඊශ‍්‍රායල ආරක්ෂක අමාත්‍ය එහුඞ් බරාක් කියා සිටියේ ඉරානය ත‍්‍රස්තවාදය වැපිරවීමේ කි‍්‍රයාවන්හි නිරතව සිටින බවයි.



අදහස් (0)

තායිලන්ත බෝම්බ ප‍්‍රහාරයට ඉරානයේ සම්බන්ධයක් නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1978 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site