IMG-LOGO

තායිලන්ත අගමැතිගේ ධුරය අත්හිටුවයි

තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ප්‍රයුත් චාන්-ඕ-චාගේ ධුර කාලය අත් හිටුවීමට එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය අද (24) තීරණය කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය අග්‍රාමාත්‍යවරයාගේ ධුර කාලය මෙසේ අත්හිටු වූයේ ධුර කාලය පිළිබඳ විපක්ෂ දේශපාලන කණ්ඩායම් ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කරමිණි.

හිටපු හමුදා ජනරාල්වරයකු ද වන ප්‍රයුත් චාන්-ඕ-චාගේ ධුරය තාවකාලික අත්හිටුවීමෙන් පසු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ ප්‍රවිත් වොන්ග් සුවන් භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස රාජකාරි අරඹනු ඇතැයි තායිවාන මාධ්‍ය වාර්තා කර තිබේ.

2014 වසරේ තායිලන්ත හමුදා ප්‍රධානියා ලෙස කටයුතු කළේ ජනරාල් ප්‍රයුත් චාන්-ඕ-චා ය. එම කාලයේ තායිලන්ත දේශපාලනයේ පැවැති අස්ථාවරත්වය සැලකිල්ලට ගනිමින් ජනරාල් ප්‍රයුත් චාන්-ඕ-චා හමුදාව මෙහෙයවා කුමන්ත්‍රණයකින් රටේ බලය අල්ලා ගත්තේය. ඒ, කිසිදු ලේ වැගිරීමකින් තොරවය.

ඉන්පසු පිහිටුවූ හමුදා ජුන්ටාවේ ප්‍රධානියා ලෙස ජනරාල් ප්‍රයුත් චාන්-ඕ-චා වසර 5 ක් කටයුතු කළේය. කෙසේ නමුත් 2019 දී ඔහු ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරමින් මහ මැතිවරණයක් පැවැත්වීමට පියවර ගත්තේය.

හමුදාපති ධුරයෙන් ඉවත් වූ ප්‍රයුත් චාන්-ඕ-චා, සිවිල් වැසියකු ලෙස හමුදාවට හිතවත් දේශපාලන කණ්ඩායම් එක් කර ගනිමින් ඊට ඉදිරිපත් වී ජය ගත්තේය. සිවිල් අග්‍රාමාත්‍යවරයකු ලෙස දිවුරුම් දී ප්‍රයුත් චාන්-ඕ-චා රාජකාරි ආරම්භ ​කළේ 2019 ජූලි මාසයේය.

තායිලන්ත ව්‍යවස්ථාවට අනුව, තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ ධුර කාලය වසර 8 කි. ප්‍රයුත් චාන්-ඕ-චා හමුදාපති ලෙසත්, සිවිල් වැසියකු ලෙසත් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ බැවින් ඔහුගේ ධුර කාලය අද (24) අවසන් වන බව තායිලන්ත විපක්ෂ කණ්ඩායම් දිගින් දිගටම පෙන්වා දී තිබුණි.

විපක්ෂ දේශපාලන කණ්ඩායම් ඒ බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේය. ඒ අනුව, ප්‍රයුත් චාන්-ඕ-චාගේ ධුර කාලය අත් හිටුවීමට අධිකරණය තීරණය කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය, පෙත්සම විභාග කිරීමට නියමිතව ඇති අතර, මිලිටරි ජුන්ටාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ කාලය, සිවිල් අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ධුර කාලයට

එකතු කළ නොහැකි බවට තීන්දු කළහොත් ප්‍රයුත් චාන්-ඕ-චා ට දිගටම අග්‍රාමාත්‍ය ධුරය හෙබවීමට හැකි වනු ඇතැයි ද පැවැසෙයි.

(රොයිටර්)



අදහස් (2)

තායිලන්ත අගමැතිගේ ධුරය අත්හිටුවයි

Dasa P Wednesday, 24 August 2022 04:55 PM

ගෝ හෝම් ලෙඩේ එහෙටත් බෝ කළාට ස්තුතියි සර්...

:       0       0

ganegoda Thursday, 25 August 2022 02:28 PM

මේ ගෝඨගේ යාලුවෙක් නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 12 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 179 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 504 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site