දකුණු තායිලන්තයේ ඊයේ (1) උදෑසන කාර් බෝම්බ තුනක් පුපුරා ගිය අතර 13 දෙනක් ඊට බිලිවූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 533 කි.
බෝම්බ පුපුරා ගියේ දකුණු තායිලන්තයේ මැලේසියාවට සහ සිංගප්පූරුවට මායිම් වූ සොංග්මාලා ප‍්‍රාන්තයේ හට්යායි සහ යාලා යන නගරවලය. හට්යායි යනු දකුණු තායිලන්තයේ විශාලතම නගරයයි. එය සංචාරක පුරවරක් ද වෙයි.
පළමු කාර් බෝම්බය පුපුරා ගියේ යාලා නගරයේය. ඊට මිනිත්තු කිහිපයකින් දෙවැනි කාර් බෝම්බයත් ඒ අසලම ස්ථානයකදී පුපුරා ගොස් ඇත. එම බෝම්බ ප‍්‍රහාරවලට 10 දෙනෙක් බිලිවූහ.
තුවාල ලබා රෝහල් ගත කළ ගණන 117 කි. තුවාලකරුවන්ගෙන් 29 දෙනකුගේ තත්ත්වය බරපතළ යැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
තෙවැනි බෝම්බය පුපුරා ගියේ සංචාරකයන් බහුලව ගැවසෙන ‘ලී ග‍්‍රෑන්ඞ්ස් ප්ලාසා’ හෝටලයේ රථගාලේය. බෝම්බය අටවා තිබුණේ රථ ගාලේ නවතා තිබූ මෝටර් රථයක යැයි පොලිසිය පවසයි. එයින් පුද්ගලයෝ තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඒ අතර මැලේසියා ජාතික සංචාරකයෙක් ද සිටියි.
කාර් බෝම්බය පුපුරා යෑමත් සමඟ හෝටලයේ බිමි මහලේ පිහිටි රථගාලේ ගින්නක් හට ගත් අතර එයින් නැගුණු දුම හෝටලය පුරා පැතිර තිබිණි.
දුම් ආඝ‍්‍රාණ වීමෙන් සහ බෝම්බ ප‍්‍රහාරයට හසුවී තුවාල ලැබීමෙන් රෝහල් ගත කළ පිරිස 416 ක් යැයි පොලිසිය පවසයි. ඔවුන්ගෙන් 140 දෙනකු මේ වනවිටත් රෝහලේ ප‍්‍රතිකාර ගනිමින් සිටින බව ද වාර්තාවේ.
දකුණුදිග තායිලන්තයේ දේශසීමා ආසන්නයේ කි‍්‍රයාත්මක බෙදුම්වාදී සටන්කාමීන්, බෝම්බ ප‍්‍රහාරවල වගකීම බාරගෙන ඇතැයි තායිලන්ත රජය පවසයි. බෙදුම්වාදී සටන්කාමීන් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන්නේ 2004 වසරේ සිටය.
2025 දෙසැම්බර් මස 18
187
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
963
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තායිලන්තයේ බෝම්බ පිපිරී 13 ක් මරුට: