IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


තම ණය ගෙවන්න සොසේජස් විකුණන චීන මිලියනපතියා

(විමුක්ති එස් රුද්‍රිගු)

තම ව්‍යාපාර බංකොලොත් වූ චීන මිලියනපති ව්‍යාපාරිකයෙකු ඉන්දීය රුපියල් කෝටි 52කට වැඩි තම ණය ගෙවා දැමීම සඳහා ග්‍රිල් කරන ලද සොසේජස් විකිණීමේ ව්‍යාපාරයක නිරත වීම පිළිබඳ සමාජ මාධ්‍ය ජාලා තුල විශාල අවධානයක් හිමිව ඇත.

ඔහු තම පාරිභෝගිකයන්ට සංග්‍රහ කිරීම සඳහා තම අතින්ම සොසේජස් පිළියෙළ කරන බවත් ඔහුගේ ජීවිත කතාව පිළිබඳ මේ වන විට චීනයේ පුවත්පත් වලද ශිර්ෂ පාඨ වෙන්වන බවත් සවුත් චයිනා මොර්නින්ග් පොස්ට් පුවත් පත පෙන්වා දෙයි.

ටැංග් ජියෑන් නම් 52 හැවිරිදි ව්‍යාපාරිකයා තම ව්‍යාපාර බංකොළොත් වීමෙන් පසුව ඉන්දීය රුපියල් කෝටි 52 කට වැඩි තම ණය ගෙවා දැමීම සඳහා වීදි කඩයක් ආරම්භ කරමින් උත්සහ දැරීම පිළිබඳව චීන ජනතාවගේ මෙන්ම සමාජ මාධ්‍ය තුළද පැසසුමට ලක්ව තිබේ.

වයස අවුරුදු 36 වන විට සැලකිය යුතු ධනස්කන්ධයක් එක්රැස් කරගෙන ඇති ටැංග් ජියෑන් ආපන ශාලා කිහිපයක අයිතිකරුවෙකුව සිට ඇති අතර 2005 වසරේදී වෙනත් අංශයක ආයෝජනය කිරීමට යෑමෙන් බංකොළොත් වී ඇත.



අදහස් (3)

තම ණය ගෙවන්න සොසේජස් විකුණන චීන මිලියනපතියා

ravin Wednesday, 23 November 2022 05:58 PM

මේකට තමා දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග කියන්නේ...!

:       2       11

chandima Thursday, 24 November 2022 12:24 AM

ඒ කියන්නේ මේ චීන ඉන්දියාවට නයවෙලාද?නැතිනම් ඉන්දියන් කාරයින්ට පොල්ලක් තියලද?

:       1       3

Perera Thursday, 24 November 2022 09:50 AM

අපේ ලොක්කාටත් ගාලුමුවදොර වැඩේ බෙද බෙදා ඩොලර් වලට විකුනන්න පුළුවන් සුද්දන්ට

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site