IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


තමිල්නාඩු ධීවරයෝ පසුබසිති

ශ්‍රී ලංකාව භාරයේ ඇති තම බෝට්ටු හා ආම්පන්න යළි ලබාදෙන ලෙස බල කරමින් පම්බන් පාලම අත්පත් කරගැනීමට සැළසුම් කර සිටි තමිල්නාඩු ධීවර සමිති 11 ක සාමාජිකයෝ පිරිසක් ඉන්දියා බළධාරීන්ගේ ඉල්ලීම් හමුවේ එම සැළසුම අත්හැර දැමුහ.

ඉන්දියාවේ ප්‍රධාන භූමිය හා පම්බන් දුපත යා කෙරෙමින් ඉදිකර ඇති පම්බන් පාලම අවහිර කළහොත් රාමේෂ්වරමට වෙත පැමිණෙන වන්දනා කරුවන් මහත් අපහසුතාවයකට පත්වනු ඇතැයි ඉන්දියා බලධාරීන් ධීවර පිරිසට පෙන්වා දී ඇත.

ඒ අනුව තමන් පාලම අත්පත් කර ගැනීමට සිටි සැළසුම ඉවත් කර ගත් බව ධීවර සමිති නායකයෙකු වන පී.සෙසු රාජා පැවසීය.

සුපුරුදු පරිදි ජීවිකාවේ යෙදීමට තම බෝට්ටු ලබාගැනීම අත්‍යාවශ්‍ය වුවත් එසේ යැයි කියා කිසිවෙකුගේවත් නිදහසට අවහිර කිරීමට හෝ ගැටලු ඇතිකිරීමට හෝ තමන් කිසිවෙකුටත් වුවමනාවක් නැතැයි ඔහු කීය.

අත්අඩංගුවට ගත් තමිල්නාඩු ධීවරයින් නිදහස් කිරීමට කටයුතු කළද ඔවුන්ගේ බෝට්ටු 62 ක් තවමත් ඇත්තේ ශ්‍රී ලංකාව භාරයේය.

මෙම බෝට්ටු ලබාදෙන ලෙස ශ්‍රී ලංකාවට බල කරන්නැයි ඉන්දියා බළධාරීන්ගෙන් ඉල්ලා තමිල්නාඩු ධීවරයෝ පසුගිය ජූලි මස 24 දා සිටම වැඩ වර්ජනයක නියැළී සිටිති.

මේ සම්බන්ධයෙන් වගකිවයුත්තන් හා සාකච්ඡා ලබන සතියේ ආරම්භ කරන බව ධීවර සමිති නියෝජිතයෝ කියති.

පසුගියදා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියා දුත පිරිස ගැන තමන්ගේ ඉහළ විශ්වාසයක් තිබුණු බවද නමුත් අවසානයේ එයින් ලැබුණු දෙයක් නැති බවද ඔවුහු පවසති.



අදහස් (0)

තමිල්නාඩු ධීවරයෝ පසුබසිති

සිල්වා Tuesday, 26 August 2014 08:34 AM

අනේ මන්දන්නේ නැහැ (දී)

:       0       0

ධම්ම Tuesday, 26 August 2014 04:20 AM

අපේ දොස්තර වර්ජන වලට වඩා මානුෂිකයි වගේ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 25 August 2014 01:10 PM

හරි හරි අන්දන්න ඕන නැහැ අපි බෝට්ටු ටිකත් දෙන්නම්කො , හැබැයි ගොයියො නැවත මේ පැත්තේ ඇවිත් මාට්ටු වුණොත් නම් ඉතින් සොරිම තමයි (අ)

:       0       0

ඉසුරන්දි Monday, 25 August 2014 08:50 AM

ඕවට රටේ නීතිය මගින් නිසි ක්‍රියාමාර්ග අරගෙන නිදහස් කරාවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site