IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


තමිල්නාඩුව හරහා ‘නීලම්’ ආන්ද්‍රා ප‍්‍රදේශයට කඩාවදී

ජීවිත දෙකක් බිලි ගනිමින් දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්ත වෙරළ තීරය හරහා හමා ගිය ‘නීලම්’ සුළි කුණාටුව ඊයේ (1) ආන්ද්‍රා ප‍්‍රදේශයට කඩා වැදුණේය. පැයට කිලෝ මීටර් 89 ක වේලයකින් හමා යන සුළි කුණාටුව හේතුවෙන් ඉදිරි පැය 24 පුරාවට මහ වැසි සහ තද සුළං ඇති විය හැකි යැයි ආන්ද්‍රා ප‍්‍රදේශ් කාලගුණ විද්‍යා බලධාරීහු පවසති. සුළි කුණාටුව ගැන කල් තියා අනතුරු ඇඟවීමට හැකිවූ නිසා වෙරළ බඩ අවදානම් ප‍්‍රදේශවලින්  ජනතාව ඉවත් කිරීමට බලධාරීහු පියවර ගත්හ. ආන්ද්‍රා ප‍්‍රදේශය හරහා මීට පෙර මේ අයුරින් ප‍්‍රචණ්ඩ සුළි කුණාටුවක් හමා ගොස් ඇත්තේ 1977 වසරේදීය. ඊට 10,000 ක් බිලි වූහ. බෙංගාල බොක්කේ කැළැඹිලි ස්වභාවයක් හේතුවෙන් හටගත් ‘නීලම්’, දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ මහාබලිපුරම් වෙරළට කඩා වැදුණේ පෙරේදා (31) සවසය. සැඬ සුළං සහ ප‍්‍රචණ්ඩ රළ පහර හේතුවෙන් දකුණු ඉන්දීය වෙරළ තීරයට ඔබ්බෙන් ගමන් කරමින් තිබූ ‘ප‍්‍රතිභා කාවේරි’ නමැති තෙල් නැව චෙන්නායි වෙරළට ගොඩගැසීය. වෙරළාරක්ෂක නිලධාරීන් වහා කි‍්‍රයාත්මක වී නැවේ සිටි 37 දෙනා බේරා ගැනීමට උත්සහ දරා ඇත. එම 37 දෙනාගෙන් 21 දෙනකු බේරාගෙන ජීවිතාරක්ෂක බෝට්ටුවලින් වෙරළට රැගෙන එද්දී එම බෝට්ටු සැඬ රළ පහරට හසුවී පෙරැුළී ගියේය. එහිදී එක් අයකු මුහුදේ ගිලී ජීවිතක්ෂයට පත්වූයේය. 15 දෙනෙක් අතුරුදන් වූහ. අතුරුදන් වූවන් සොයා කඩිණමින් සෝදිසි මෙහෙයුම් ආරම්භ කළ නමුත් අයහපත් කලගුණය නිසා එම මෙහෙයුම්වලට බාධා එල්ල විය. චෙන්නායි වෙරළට ගසාගෙන ආ තෙල් නැව



අදහස් (0)

තමිල්නාඩුව හරහා ‘නීලම්’ ආන්ද්‍රා ප‍්‍රදේශයට කඩාවදී

සම්පත් Friday, 02 November 2012 11:21 AM

එල....එල....(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 219 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 409 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 170 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site