ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ 29 වැනි මහ ඇමතිවරයා වශයෙන් ඊඩප්පඩි කේ. පලනිස්වාමි මහතා ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ඉදිරියේ අද (16) දිවුරුම් දුන්නේය.
ඒ අනුව කේ. පලනිස්වාමි මහතා 31 දෙනකුගෙන් යුතු ප්‍රාන්ත කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරනු ඇත.
කේ. පලනිස්වාමි මහතාගේ කැබිනට් මණ්ඩලයේ දෙවැනියා ලෙස දින්දිගුල් ශ්‍රී නිවාසන් මහතා කටයුතු කරනු වාර්තා වෙයි. කෙසේ වෙතත් හිටපු මහ ඇමති ඕ.පන්නීර්සෙල්වම්, මා ෆෝයි කේ. පාණ්ඩියරාජන් යන හිටපු ප්‍රාන්ත අමාත්‍යවරුන් නව කැබිනට් මණ්ඩලයට පත් කර නැතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
කැබිනට් මණ්ඩලය ද සමඟ මෙම දිවුරුම් දීමේ ක්‍රමය හඳුන්වනු දෙනු ලැබුවේ තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහ ඇමතිනි ජයලලිතා ජයරාම්ය. ජයලලිතා ජයරාම්ගේ සමීපතම ආධාරකාරිනිය වූ සසිකලා නටරාජන්ට සිර දඬුවම් නියම වූ සැණින් අන්නා ද්‍රවිඩ මුනේත්‍ර කලහම් පක්ෂයේ නායකත්වයට පත්වූයේ ද කේ. පලනිස්වාමිය මහතාය.
පක්ෂයේ මහලේකම් සසිකලා නටරාජන්ට මහත්මියට සිර දඬුවම් නියම වූ අවස්ථාවේදීම ඕ.පන්නීර්සෙල්වම් මහතා ඇතුළු විසි දෙනකු පක්ෂයෙන් නෙරපීමට ඇය නියෝග කළාය.
අයථා ලෙස මුදල් උපයාගැනීමේ චෝදනාවලට සසිකලා නටරාජන් මහත්මියට වසර හතරක සිර දඬුවමක් නියම වූ අතර වසර දහයක කාලයක් ඇයට දේශපාලනයේ නිරත වීමට අවස්ථාව නොලැබේ.
2025 නොවැම්බර් මස 04
673
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2337
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තමිල්නාඩුවේ මහ ඇමති තනතුරට කේ. පලනිස්වාමි