IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


තමන්ගේම සල්ලි ගන්න බැංකුවට තුවක්කුවක් අරන් ගිහින්

තමන්ගේ ඉතිරි කිරිමේ ගිණුමේ ඇති මුදල් ලබා ගැනීමට නොහැකි වූ බැවින් ගිනි අවියක් අතැතිව, රාජ්‍ය බැංකුවට කඩා වැදී, පැය හයකට වැඩි කාලයක් බැංකු සේවක සේවිකාවන් ප්‍රාණ ඇපයේ රඳවා ගත් ලෙබනන් ජාතිකයකු අවසානයේ පොලිසියට බාර වූ බව පැවැසෙයි.

42 හැවිරිදි බසාම් අල් ෂෙයික් හුසේන් නමැති පුද්ගලයා, බේරූට් අගනුවර හම්රා දිස්ත්‍රික්කයේ පිහිටි රාජ්‍ය බැංකුවට කඩා වැදුණේ රයිෆලයක් සහ ප්‍රෙටල් බූලියක් ද අතැතිවය. තම ඉතිරි කිරීමේ ගිණුමේ මුදල් ආපසු නොදුන්නොත්, තමන් තම සිරුරට ගිනි තබා ගන්නා බවට ඔහු තර්ජනය කර තිබේ.

2019 වසරේ සිට ලෙබනනය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙයි. ආර්ථික අර්බුදය හේතුවෙන්, එරට රාජ්‍ය බැංකු නව නීති හඳුන්වා දී ඇත. ඉතුරු කිරීමේ ගිණුම් වෙත ප්‍රවේශ වීමට මෙන්ම, ඉතිරි කිරීමේ ගිණුමෙන් ලබා ගත හැකි මුදල් ප්‍රමාණය සීමා කර තිබේ.

මේ හේතුව නිසා, ලෙබනන් වැසියෝ මහත් දුෂ්කරතා රැසකට මුහුණ දෙති. දිනපතාම පාහේ බේරූට් අගනුවර රාජ්‍ය බැංකු ඉදිරිපිට විරෝධතා දකින්න ලැබෙන බව ලෙබනන් මාධ්‍ය පෙන්වා දෙයි.

බසාම් අල් ෂෙයික් හුසේන්ගේ පියා දැඩි ලෙස ගිලන් වී සිටී. පියාට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සඳහාත්, රෝහල් බිල් ගෙවීම සඳහාත් තමන්ට තම ඉතිරි කිරීමේ ගිණුමේ ඇති ඇමෙරිකන් ඩොලර් 210,000 ක මුදල ආපසු අවශ්‍ය යැයි හුසේන් අවස්ථා කීපයකදී බැංකු ප්‍රධානීන් හමුවී පැහැදිලි කර ඇත.

කෙසේ නමුත් හුසේන්ගේ ඉල්ලීම ඒ සෑම අවස්ථාවකදීම ප්‍රතික්ෂේප වූ බව පැවැසෙයි.

හුසේන්, බැංකුවට කඩා වැදී එහි සේවක සේවිකාවන් පැය 6 ක් ප්‍රාණ ඇපයට ගෙන සිටිද්දී, හුසේන්ට සහාය දක්වමින් ලෙබනන් වැසියෝ සිය ගණනක් බැංකුව ඉදිරිපිටට රැස්වුහ.

ඒ, අතර හසාන්ගේ බිරිඳ සහ සොහොයුරාද විය. වෙනත් විකල්පයක් නොතිබුණු බැවින් තම සැමියා බැංකුවට කඩා වැදුණු බව බිරිඳ මාධ්‍ය හමුවේ පැවැසුවාය.

පැය 6 කට පසු හුසේන් පොලිසියට භාරවීමට තීරණය කළේ සාකච්ඡාවලින් පසු බැංකු නිලධාරීන්, හසාන්ගේ ගිණුමේ ඇති මුදලින් ඇමෙරිකන් ඩොලර් 35,000 ආපසු හසාන් වෙත ලබා දීමට එකග වුණු බැවිනි.

ඒ වනවිට ලෙබනන් පොලිස් නිලධාරීන් සහ හමුදා නිලධාරීන් බැංකු ගොඩනැගිල්ල වට කර තිබුණු බව මාධ්‍ය වාර්තා කර තිබේ.

පොලිස් අත්අඩංගුවට ගැණුනු හුසේන් බැංකුවෙන් රැගෙන ගියේ බැංකුව ඉදිරිපිට රැස්ව සිටි සිය ගණනක් ලෙබනන් වැසියන්ගේ ඔල්වරසන් මධ්‍යයේය. හුසේන් වීරයකු බව ලෙබනන් වැසියෝ එක හඬින් පැවැසූහ.

පොලිස් අත්අඩංගුවට පත්වුණු හුසේන් ට පොරොන්දු වුණු එම මුදල නොලැබුණු බව ඔහුගේ නීතීඥවරයා පසුව මාධ්‍ය හමුවේ පවසා ඇත.

(රොයිටර්)



අදහස් (0)

තමන්ගේම සල්ලි ගන්න බැංකුවට තුවක්කුවක් අරන් ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 506 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2246 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1679 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site