IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


තැනේ හැටියට ඇනේ ගසයි

මොරොක්කෝවේ මේඩි වන් රූපවාහිනී සේවයේ පුවත් විකාශය අතරතුරදී සිදුවූයේ අපූරු දෙයකි.

නිවේදිකාවගේ පසුපසින් පැමිණි කුඩා ගැහැණු දරුවෙකු ප‍්‍රවෘත්ති මේසය මතය ජංගම දුරකථනයක් විසි කර වහා වහා පලා ගියාය.

හෙළිව ඇති ආකාරයට එම දරුවා නිවේදිකාවගේ දුවණියයි.මව රටටම පෙනෙන්නට පුවත් කියවමින් සිටිනා බව නොදැන ඇය මවගේ ජංගම දුරකථනය ඇයට දීමට පැමිණ ඇත.

පුවත් කියවීමට මෙය බාධාවක් කර නොගත් මව තම දුවණිය දෙස අමනාපයෙන් බැල්මක් එල්ල කර පසුව මුවගින් සිනාසුනාය.

කලබල නොවී තම රාජකාරිය කිරීම නිසාවෙන් ඇය නියම වෘත්තිකයෙකු යැයි

ප‍්‍රවෘත්ති විකාශය අවසන් වීමෙන් පසු කාර්යාල සගයෝ ඇයව පැසසූහ.

 



අදහස් (0)

තැනේ හැටියට ඇනේ ගසයි

ඩෑම් Friday, 23 August 2013 08:30 AM

නසාර්, ළමයි හුරතල් වෙන්නේ වෙලාව බලල නෙමෙයි, (නි)

:       0       0

හසරැල් Friday, 23 August 2013 08:38 AM

හැබැයි චැනල් වලට කරනවා නම් වැඩක් තියෙනවා. නිවුස් කියන කෙනාගේ ළමය පේන්න එන වෙලාව එස්.එම්.එස්.කරන්න කියලා තරඟයක් තියන්න පුළුවන්. එතකොට නිවුස් බලන සංඛ්‍යාවත් වැඩි කරගන්න පුළුවන්. (නි)

:       0       0

තේනුක Thursday, 22 August 2013 12:52 PM

මම දැකලා තියෙනවා ඔය වගේ දේවල් ඕනා තරම් (දී)

:       0       0

කටා මාමා Thursday, 22 August 2013 05:38 PM

ලංකාවෙත් එෆ් එම් නාලිකාවල ඔය දක්ෂ නිවේදක නිවේදිකාවන් ඉන්නේ.(නදී)

:       0       0

ඉෂාර Thursday, 22 August 2013 01:05 PM

කෙටි විරාමයක් ගන්න ඇති නෙ? දුවට ටොක්කක් ඇනලා එන්න. :D (ස)

:       0       0

කටා මාමා Friday, 23 August 2013 02:24 AM

අපේ අයත් ඔය ඕනෑතරම් තැනේ හැටියට ඇන ගන්නේ.! (නි)

:       0       0

සේනක Thursday, 22 August 2013 01:27 PM

අපුරු වැඩක්නේ මාධ්‍යය ක්ෂේත්‍රයේ විශිෂ්ටයෙක් ඇය (දී)

:       0       0

බමුණු Thursday, 22 August 2013 01:50 PM

මට නම් අපූරු වැඩේ ළමයක් එතනට එනතුරු අනික් අය බලාගෙන හිටපු එකයි. ඔය විදිහට තව කෙනෙකුට පැමිණ එයාට ඕනේ දෙයක් කියන්නත් පුලුවනිනේ. (ස)

:       0       0

නසාර් Thursday, 22 August 2013 07:28 PM

රාජකාරි වෙලාවේ ළමයි හුරතල් කරනවද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 106 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site