IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


තුන්වැනි ලෝක යුද්ධයට මුල පිරෙන්නේ සිරියාවෙන්ද?

පසුගිය සතියේදී  තුර්කි ගුවන් හමුදාවට අයත්  ත්‍4 වර්ගයේ  ෆැන්ටම්  ජෙට් ගුවන් යානයක් සිරියානු ගුවන් කලාපයට පිවිසීම නිසා සිරියානු හමුදාව විසින් වෙඩි තබා බිම දැමීමත් සමග සිරියාවේ බෂිර් අල් අසාඞ්ගේ පාලනය පෙරළා දැමීමට මාන බලා සිටින තුර්කිය  ඇතුළු බටහිර රටවලට කදිම අවස්ථාවක් උදා වූවා විය හැක. මෙම ගුවන් යානය කෙටි වේලාවකට සිරියානු ගුවන් කලාපයට පිවිසි බව පිළිගත් අතර තුර්කි විදේශ අමාත්‍යාංශය ගුවන් යානයේ සුන්බුන් සොයාගැනීමට දෙරටම එක්ව මෙහෙයුමක් කිරීමටද සූදානම් බව සඳහන්කොට තිබේ. එහෙත් පසුව දැඩි ස්ථාවරයක් ගත් තුර්කිය ඊට නිසි පිළිතුරු දීමට තම හමුදාව සූදානම් යැයි පැවසුවේය. ඉන් පසු තුර්කිය සාමාජිකත්වය ලබා සිටින  නේටෝ ගිවිසුමේ හතරවැනි වගන්තිය යටතේ එම ගිවිසුමට අයත් රටවල් 28ක රැස්වීමක් කැඳවන ලෙස ඉල්ලීමක් කෙරිණි. එම වගන්තිය අනුව නේටෝ ගිවිසුමේ  ඕනෑම සාමාජික රටකට එල්ල කරන ප‍්‍රහාරයක් අනෙක් සාමාජික රටවලටද එල්ල වූ ප‍්‍රහාරයක් සේ සලකා අදාළ රටට එරෙහිව සන්නද්ධ ප‍්‍රහාර එල්ල කිරීම ඇතුළු අවශ්‍ය  ඕනෑම පියවරක් ගත හැක. ඒ අනුව තුර්කිය ඇතුළු නේටෝ රටවලට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ආවරණයක් නැතිවම සිරියාවට එරෙහිව හමුදා ක‍්‍රියාමාර්ගයක් ගත හැක. 2003 දී ඉරාකයට ප‍්‍රහාර එල්ල කිරීමට මාසයකට පෙර තුර්කිය මෙම වගන්තිය යටතේම නේටෝ රටවල රැස්වීමක් කැඳවූ බව අමතක නොකළ යුතුය. වසරකට අධික කාලයක් තිස්සේ බෂිර් අල් අසාඞ් ගේ පාලනයට එරෙහිව සන්නද්ධ අරගලයක් ගෙන යන සිරියානු විපක්ෂ කණ්ඩායම්වලට රැුකවරණය සහ පුහුණුව තුර්කිය ලබා දුන්නේ එක්සත් ජනපදයේ හා අරාබි ලීගයේ අනුදැනුම යටතේය. සිරියානු නිදහස් හමුදාව තම විපක්ෂ කණ්ඩායමේ සටන්කරුවන්ට වැටුප් ගෙවීම ඇතුළු වියහිදම් ලබා දෙන්නේ අරාබි ලීගය හරහා සෞදි අරාබියෙනි. ඔවුන්ට අවශ්‍ය අවි අයුධ සී. අයි. ඒ සංවිධානයෙන් සැපයෙන බවට  වාර්තා ඇත. එහෙත් වසරකට අධික කාලයක් තිස්සේ සටන් කළද  සැලකිය යුතු ජයග‍්‍රහණයක් අත්කර ගත නොහැකි වූ නිසා ජනතාව  ආරක්ෂා කිරීමට ඇතිි අයිතිය (Right to Protect) යටතේ ලිබියාවේ මෙන් සන්නද්ධ මෙහෙයුමක් දියත් කිරීමට නේටෝ රටවල් ප‍්‍රමුඛ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ආවරණය ලබාගත නොහැකි විය. ඊට මූලික හේතුව වූයේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය නියෝජිතයන් වන රුසියාව සහ චීනය විරුද්ධ වීමය අලූත්ම තතත්වය යටතේ එවැනි අනුමැතියක් නැතිව ක‍්‍රියාත්මක වීමට හැකියාවක්  නේටෝ රටවලට ලබාගත හැකිය. සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු ලොව කුමන රටක හෝ සිදුවන අභ්‍යන්තර ගැටුමක් විසඳීම සඳහා මැදිහත්වීමට එක්සත් ජනපදය ප‍්‍රමුඛ නේටෝ රටවල් විවිධ හේතුන් ඉදිරිපත් කළහ. 1991 දී යුගෝස්ලාවියාව කැබලිවලට වෙන් කිරීමේ මෙහෙයුමේදී නේටෝ හමුදා යුගෝස්ලාවියාවට ගුවන් ප‍්‍රහාර එල්ල කළේ මානුෂික ව්‍යසනයක් වළක්වා ගැනීම සඳහාය. මෙම ගුවන් ප‍්‍රහාරයේදී යුද්ධයට කිිසිසේත් සම්බන්ධයක් නැති ස්ථානවලට මෙන්ම පොදු පහසුකම්ද මානුෂිකවාදී ප‍්‍රහාර එල්ල කෙරිණි. ඉන්පසු ඇෆ්ගනිස්ථානයට නේටෝ හමුදා ප‍්‍රහාර එල්ල වූයේ ඉස්ලාමීය ත‍්‍රස්තවාදීන්ගෙන් ලෝකය මුදවා ගැනීම සඳහාය. සදාම් හුසේන්ගේ පාලනය යටතේ තිබූ ඉරාකය එක්සත් ජනද ගුවන් හමුදාවේ නිත්‍යනුකූල ඉලක්කය වූයේ කලාපයේ සහ ලෝකයේ සාමයට තර්ජනයක් වන සමූහ ඝාතන අවි රැුස්කිරීම නිසාය. ඊනියා අරාබි වසන්තයත් සමග ගඩාෆිගේ පාලනය යටතේ පැවති ලිබියාවට නේටෝ ගුවන් ප‍්‍රහාර එල්ල කළේ මානව අයිතිවාසිකම් සුරැුකීම සඳහාය. සෝමාලියාවට භට හමුදා යවන්නේද මානුෂිකවාදී අරමුණෙනි. ඊට අමතරව පසුගිය වසරේ ආසියා පැසිපික් කලාපයේ රටවල සංචාරයක යෙදුන ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා කුඩා රටවල් ආරක්ෂා කිරීමට එක්සත් ජනපදයට ඇති අයිතිය හා බැඳීම අවධාරණය කළේ චීනය ඉලක්ක කර ගනිමිනි. ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළවෙළ කලාපයටත් ලෝක සාමයටත් තර්ජනයක් සේ දකින එක්සත් ජනපදය ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන විනාශ කිරීමට ගත හැකි  ඕනෑම පියවරකට සූදානම් බව නිතර අවධාරණය කරයි. ඒ සඳහා න්‍යෂ්ටික  අවි යොදා ගැනීමට ඇති ඉඩකඩ බැහැර කරන්නේ නැත. හදිසි ප‍්‍රහාරයක් සඳහා අවශ්‍ය සියලූ හමුදා පර්සියානු බොක්කේ සහ ඊශ‍්‍රායලයේ රඳවා  සිටින අතර ඉරානය දුර්වල කිරීමට සම්බාධක මෙන්ම ස්ටක්ස්නෙට් හා ෆ්ලේම වැනි සයිබර් අවිද යොදා ගන්නා බව රහසක් නොවේ. මෙවැනි වාතාවරණයක් යටතේ එක්සත් ජනපදය ප‍්‍රමුඛ නේටෝ රටවල් හා ඊශ‍්‍රායලය සිරියාවේ අසාඞ් විරෝධීන් ආරක්ෂා කිරීමට හා ඉරානයේ  මෙතෙක් තහවුරු කර නොමැති න්‍යෂ්ටික අවි විනාශ කිරීමට මෙහෙයුමක්  සඳහා සූදානම් වී සිටින්නේ කලක සිටය. ඒ සඳහා දිනයක් හා පෙරමුණක් ප‍්‍රකාශයට පත්වී නොමැති වුවද  ඕනෑම මොහොතක සිදුවිය හැකි සංසිද්ධියකි. එහෙත් එවැනි ප‍්‍රහාරයක ප‍්‍රතිඵලය එක්සත් ජනපදය හා නේටෝ රටවල් අපේක්ෂා කරන ආකාරයට සරල එකක් විය නොහැකිය. එවැනි ප‍්‍රකාරයක් නිසැකවම දීර්ඝ කාලයක් තිස්සේ කෙරෙන යුද්ධයක් බවට පත්විය හැකි බව ඇෆ්ගනිස්ථානයේ හා ඉරාකයේ සිද්ධීන්ගෙන් මනාව පැහැදිලි වේ. මෙවැනි ප‍්‍රහාරයක් තමන් කොටු කිරීමේ පියවරක කුළුගැන්වීමක් ලෙස දකින රුසියාව හා චීනය සිරියාවේ විදෙස් හමුදා මැදිහත්්වීමක් නොසලකා සිටිනු ඇතැයි කිව නොහැක. ඊට එක හේතුවක් වන්නේ මධ්‍යධරණී මුහුදු ආශ‍්‍රිත ප‍්‍රදේශයේ රුසියාව සතු එකම නාවික මධ්‍යස්ථානය සිරියාවේ පිහිටා තිබීමයි. එම මධ්‍යස්ථානය රැුකෙන්නේ අසාඞ් රුකුණහොත්ය. ඉරානය චීනයට මායිම් වන රටක් නිසා එහි ගැටුම්කාරී  තත්ත්වයක් උදාවීම චීනය තමාට ඇති තර්ජනයක් සේ දැකීමද තේරුම් ගත හැකිය.   ඇත්තෙන්ම ලිබියාවේ සිට ඇෆ්ගනිස්ථානය දක්වා රටවල පවතින ගැටුම්කාරී තත්ත්වය බල ශක්ති මූලාශ‍්‍ර සතුකර ගැනීමේ ප‍්‍රයත්නයකි. එය මීට පෙර පැවති ලෝක යුද්ධ දෙකටම පොදු වූ බල ප‍්‍රදේශ අත්කර ගැනීමේ ප‍්‍රයත්නයට වෙනස් නොවේ. එවැනි අර්ථයකින් මහා පරිමාණයේ ජීවිත හා දේපොල විනාශයකට තුඩුදිය හැකි සන්නද්ධ ගැටුම් මාවතක් දැන් විවෘත වී ඇතැයි කිව හැකිය.

සටහන - මහින්ද හත්තක
නේටෝ සංවිධානයේ ලේකම් රස්මුසීන් සිරියාවේ ජනපති බෂිර් අල් අසාඞ් සිරියානු ජනාධිපතිට විරුද්ධ උද්ඝෝෂණයක් තුර්කි අගමැති එර්දොහාන් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත කොෆී අනන්



අදහස් (0)

තුන්වැනි ලෝක යුද්ධයට මුල පිරෙන්නේ සිරියාවෙන්ද?

aaa Friday, 29 June 2012 06:58 PM

සිරියාවට සරියා නීතිය ගෙනා කෙනොගේ පාලනය නැති කල යුතුයි

:       0       0

senanayake Saturday, 30 June 2012 11:43 PM

ඔක්කොටම දෙවියන්ගෙ පිහිටයි...!

:       0       0

වලගම්බා Sunday, 01 July 2012 12:25 AM

u s a වලට ගහන දාට චීනයටයි රැසියාවටයි අපෙන් හමුදාව නේන ඕන.

:       0       0

යසීර් අර්ෆත් Sunday, 01 July 2012 02:16 AM

සිරියාවට මොකුත් කරන්න බැහැ

:       0       0

පුංචා Sunday, 01 July 2012 01:22 PM

තෙල් යුද්ධ...........................

:       0       0

මාධව Sunday, 01 July 2012 01:03 PM

හැමෝම අහගන්න 2 වන ලෝක යුදදෙදි හැමෝගෙම පොදු සතුරා උනේ ජපානය....

:       0       0

mrs Wednesday, 04 July 2012 07:38 PM

මේවයෙන් අපිටත් තෙල් වලට පහර වදීවි

:       0       0

රන් Saturday, 30 June 2012 12:58 AM

"ඉරානය චීනයට මායිම් වන රටක් නිසා......." මන් නම් දන්න හෑටියට චිනයට මායිම් වෙල තියෙන්නෙ ඇෆ්ගනිස්ථානය, භූතානය, ඉන්දියාව, කසකස්ථානය, කිරිගිස්ථානය(Kyrgyzstan), ලාඕස්, මොංගෝලියා, මියන්මාර්, නේපාලය, පකිස්ථානය, රැසියාව, ටැජිකිස්තාන(Tajikistan) සහ වියට්නාමය කියන රටවල්..

:       0       0

බණ්ඩා Tuesday, 03 July 2012 07:40 AM

මොන බොරුද?

:       0       0

සුභාෂිණි Saturday, 30 June 2012 03:05 AM

මේවා ඔක්කොම තෙල් සම්බන්ධයෙන් යන යුද්ධ

:       0       0

නලින් Monday, 02 July 2012 11:09 AM

හැම අහිංසක රටක්ම කොටවන්නේ ඇමරිකාවේ අය.

:       0       0

මොහොමඩ් රමීස් Saturday, 30 June 2012 08:51 PM

ලෝක යුද්ධයට USA බයයි..!!

:       0       0

අමරා අයිරංගනී Saturday, 30 June 2012 10:34 PM

බසාර් අසාද් සිරියාවෙන් නෙරපා දැමිය යුතුයි...!!

:       0       0

අමරා ඉරන්ගනී Saturday, 30 June 2012 10:34 PM

බෂර් අසාද් ස්රියාවන් නරප දැමිය යුතුයි

:       0       0

ලක්ෂාන් Saturday, 30 June 2012 10:42 AM

සිරියාවට ජය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

පුටින්ගේ සටන් විරාමය දීර්ඝ කරන්නැයි ට්‍රම්ප් ඉල්ලයි
2025 මැයි මස 09 119 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඇති කරගත් ඒකපාර්ශ්වීය තෙදින සටන් විරාමය, දින 30 ක් තෙක් දීර්ඝ කරන්නැ


ඇමෙරිකාවත් බ්‍රිතාන්‍යයත් අතරේ නව වෙළෙඳ ගිවිසුමක්
2025 මැයි මස 09 89 0

ඇමෙරිකාවත්, මහා බ්‍රිතාන්‍යයත් අතරේ, නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැණුනි. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය කියේර් ස්ටාර


නව පාප්තුමාට ලෝක නායකයන්ගෙන් සුබ පැතුම්
2025 මැයි මස 09 62 0

පාප් ධුරයට තේරී පත්වුණු14 වැනි ලියෝ පාප්තුමාට විදෙස් නායකයන්ගෙන් උණුසුම් සුබ පැතුම් හිමිවී ඇත. 14 වැනි ලියෝ පාප්තුමා බවට පත්වූයේ ඇමෙරිකන් කාදිනල්​ රොබට


නව පාප්තුමා 14 වැනි ලියෝ
2025 මැයි මස 08 4580 4

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරේ පැවැති කාදිනල්ව


සුදු දුමක්: පාප් ධුරයට සුදුස්සෙක් තෝරා ගැනෙයි
2025 මැයි මස 08 3369 1

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටයින් දෙව්මැ


චීන ජනාධිපති රුසියාවේ සංචාරයක
2025 මැයි මස 08 179 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා පවත්වා, චීනය සහ රුසියාව අතරේ උපාය මාර්ගික හවුල්කාරීත්වය වර්ධනය කර ගැනීම චීන ජනාධිපතිවරයාගේ මෙම සංච


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 361 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1337 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 343 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site