IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


තාක්ෂණයෙන් විභාග හොර අල්ලයි

විභාග වලදී ‘‘හොර‘‘ කිරීමට චීන ළමයින් විවිධ තාක්ෂණික උපකරණ භාවිතා කරන අයුරු චීන පොලිසිය පසුගියදා පෙන්වා දුන්න්නේය.

පොලිස් භාරයේ තිබූ උපකරණ අතර විභාග ශාලා වලදී හසුවූ උපකරණ රාශියක්ද විය.ඇතැම් උපකරණ සිසුන්ම නිපදවා ගත් ඒවාය.

බැනියමක සගවා ගත් ජංගම දුරකථනයක් හා එයට සවිකළ සම්පේ‍්‍රෂකයක්,පෑනක සඟවා තිබුණු කැමරාවක්,කන අභ්‍යන්තරයේ රැදවිය හැකි ශබ්ද වාහිනී, ඒවා අතර ප‍්‍රධාන විය.

පොලිසිය පවසන ආකාරයට සිසුන් සියලූදෙනාගේම පාහේ උත්සාහය වී ඇත්තේ සිරුරේ සවිකර ගෙන සිටින සම්පේ‍්‍රෂකයන් ආධාරයෙන් තොරතුරු විභාග ශාලාවෙන් පිටතට යවා පිටතින් ලැබෙන පිළිතුරු ග‍්‍රහණය කර ගැනීමයි.

මෙනිසාවෙන් දැන් චීන විභාග පරීක්ෂකවරුන්ගේ අත කොළයට හා පෑනට අමතරව ගුවන්විදුලි තරංග හඳුනාගත හැකි උපකරණයන්ද ඇත.

සිසුන් විභාග ශාලාවේ සිට රහසේ විමසන ගැටලූවලට හැරෙන තැපෑලෙන් පිළිතුරු යවන කණ්ඩායම් කිහිපයක සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට චීන පොලිසිය කටයුතු කර තිබේ.

අධ්‍යාපනයට චීනයේ ඇත්තේ ඉහළ වටිනාකමකි. සිසුන් උත්සාහ කරනුයේ කෙසේහෝ විභාග සමත්වී උසස් අධ්‍යාපනය ලබා ගැනීමේ වරම් දිනා ගැනීමටයි.

ඔවුන්ගේ ඇතැම් නීති විරෝධී කටයුතු වලට දෙමාපියන්ගේ සහයද ලැබෙන බව නොරහසකි.තම දරුවන් සේම ඔවුන්ද සිටින්නේ අනාගතය කෙසේවනු ඇත්දැයි බියපත්වය.

තත්ත්වය වඩාත් බරපතල ලෙස හදුනාගත හැක්කේ ‘‘ගොආකෝ‘‘ නම් විභාගයේදීය.අප රටේ උසස් පෙළ හා සමාන වන මෙයින් සිසුන්ට විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය ලැබීමේ වරම ලැබීම හෝ නොලැබීම තීරණය වේ.

 



අදහස් (0)

තාක්ෂණයෙන් විභාග හොර අල්ලයි

ලුම්බිණි Thursday, 19 June 2014 07:24 AM

මේ අතර තිබුන ඇස් කන්නාඩිය තමා ඉතාමත් නවීනම සහ බලගතුම උපකරණය විභාග වංචාවට යොදා ගත්. (නදී)

:       0       0

ගාමිණී - සිරි Wednesday, 18 June 2014 08:58 PM

වැඩේ හොර උනත් මහ චීනා වගේම පොඩි චීනුත් තාක්ෂණය අතින් දක්ෂයෝ වගෙයි පෙනෙන්නේ. (නදී)

:       0       0

අනුරුද්ධ ජයසුන්දර Sunday, 22 June 2014 12:39 PM

ඒ අතින් ඔවුන් ලංකාවට වඩා පිටුපසින් සිටින්නේ .(දී)

:       0       0

අනුරුද්ධ ජයසුන්දර Sunday, 22 June 2014 12:46 PM

ඕක තමා තාක්ෂනය ඕනවට වඩා දියුණු වුනාම වන අතුරු විපාක..ඔවැනි ක්‍රියා මාර්ග මගින් විභාග ලියා සමත්වෙලා ඉදිරියේ මෝඩ රැලක් බිහි වේවි..එතකොට තාක්ෂණයත් ඉබේම දුර්වල වේවි..මම නම් හිතන්නේ තාක්ෂනය දියුණු වුනා ඇති කියල..නැත්නම් මිනිසාගේ සීග්‍ර විනාශයට එය හේතුවක් වේවි. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site