IMG-LOGO

ඩී.එන්.ඒ. සොරා ගනීවි යැයි බියක් !

යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, රුසියන් ජනාධිපති හමුවීමට මොස්කව් අගනුවර බලා ගිය අවස්ථාවේදී රුසියන් බලධාරීන් පැවැසුවේ ප්‍රංශ ජනාධිපතිවරයා කොරෝනා පරීක්ෂණයකට යොමු විය යුතු බවය.

කෙසේ නමුත් ප්‍රංශ ජනාධිපති මැක්රොන් ඊට අවසර දී නැත. ඒ, රුසියානුවන් ඔහුගේ ඩී.එන්.ඒ සොරකම් කරාවි යැයි බියක් ඇති වුණු නිසා යැයි ඩේලිමේල් වෙබ් අඩවිය පැහැදිලි කර තිබේ.

මාස්ක් නොමැතිව, රුසියන් ජනාධිපති මුහුණට මුහුණ හමුවීමට නම් අනිවාර්යයෙන් ‘කොවිඩ් 19’ පරීක්ෂණයකට යොමු විය යුතු බව රුසියන් බලධාරීන් ප්‍රංශ ජනාධිපති මැක්රොන්ට දැනුම් දුන්නේ, ඔහු මොස්කව් අගනුවරට ළගා වූ අවස්ථාවේදීය.

ප්‍රංශ ජනාධිපතිවරයා එකහෙළා එය ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව, ප්‍රංශ ජනාධිපති මැක්රොන් සහ රුසියන් ජනාධිපති පුටින් අතරේ හමුව සිදුවූයේ මීටර් දෙකකට වඩා දුරක සිට සාකච්ඡා පවත්වමිනි. දෙදෙනා අසුන් ගෙන සිටියේ අඩි 13 ක් දිග මේසයක දෙකෙළවරය.

(ඩේලිමේල්)



අදහස් (1)

ඩී.එන්.ඒ. සොරා ගනීවි යැයි බියක් !

Senaka Saturday, 12 February 2022 08:19 PM

බය වෙන්න දෙයක් නෑ මහත්තයා. රුසියාව දැනටමත් ඒක අරගෙන ඇත්තේ. කොහොම වුණත් රුසියා, යුක්‍රේන ප්‍රශ්නයට ප්‍රංශ ජනාධිපති මැදිහත් වෙලා, ඇමරිකාවේ මාධ්‍ය උසි ගැන්නුවාට ආක්‍රමණ කතාව බොරුවක් කියලා ලෝකෙට කියපු එක නම් බොහොම නිර්භීත වගේම උසස් ක්‍රියාවක්. ඒකට අපේ උත්තමාචාරය...!

:       1       24

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 233 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 115 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1726 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site