IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


’ඩෙල්ටා ප්ලස්’ ඉන්දියාවේ ප්‍රාන්ත රැසකින් හමුවෙයි

'ඩෙල්ටා' ප්‍රභේදයට වඩා බිහිසුණු, 'ඩෙල්ටා ප්ලස්' යන නමින් හැඳින්වෙන 'කොවිඩ් 19' වයිරස විකෘතිය, ඉන්දියාවේ ප්‍රාන්ත රැසකින් හමුවී ඇති බවත්, ඉන්දියාවේ තෙවැනි කොරෝනා රැල්ලට හේතුවක් වනු ඇත්තේ මෙම 'ඩෙල්ටා ප්ලස්' ප්‍රභේදය බවත් එරට සෞඛ්‍ය අංශ බිය පළ කරයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇති අන්දමට, මහාරාෂ්ට්‍රය, තමිල්නාඩුව, කේරළය, මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තය සහ පන්ජාබයෙන් මේ වනවිට 'ඩෙල්ටා ප්ලස්' විකෘතිය ආසාදනය වූ පුද්ගලයන් වාර්තාවීමට පටන්ගෙන ඇත. එසේ 'ඩෙල්ටා ප්ලස්' ආසාදිතයන් වාර්තා වන්නේ, 'ඩෙල්ටා' ආසාදිතයන් ද කිසිදු අඩුවක් නොමැතිව වාර්තා වෙද්දීය. ඉන්දියාවේ දෙවැනි කොරෝනා රැල්ලට හේතුව 'ඩෙල්ටා' විකෘතියයි.

ගතවුණු පැය 48 ඇතුළත මහාරාෂ්ට්‍රයෙන් පමණක්, 'ඩෙල්ටා ප්ලස්'  විකෘතිය ආසානය වූ ආසාදිතයන් විසි දෙදෙනකු හඳුනා ගැනීම සිදුවූ බව මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ. ඊයේ (23) වනවිට ලෝකයේ සමස්ත 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන කෝටි 18 පසු කළේය. ඊයේ (23) වනවිට ඉන්දියාවේ සමස්ත 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන කෝටි 3 පසු කර තිබුණි.

'ඩෙල්ටා' යනු ඉන්දියාවෙන් පළමු වරට සොයාගත් දෙමුහුන් වයිරස විකෘතියයි. මෙය දෙමුහුන් විකෘතියක් යැයි පැවැසෙන්නේ, විකෘති වයිරස දෙකක් එක් වී මෙම වයිරස ප්‍රභේදය නිර්මාණය වීම නිසාය. 'ඩෙල්ටා ප්ලස්' යනු 'ඩෙල්ටා' විකෘතිය තවත් විකෘතිකරණයට ලක් වී නිර්මාණය වූ විකෘති ප්‍රභේදයයි.

'ඩෙල්ටා' විකෘතිය, ඉන්දියාවෙන් පළමු වරට සොයා ගැණුනත්, 'ඩෙල්ටා ප්ලස්' විකෘතිය පළමු වරට සොයා ගැනුණේ ඉන්දියාවෙන් නොව යුරෝපා රටවල කොරෝනා ආසාදිතයන් අතරින් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. එසේ වූයේ ඩෙල්ටා ප්‍රභේදය යුරෝපයට ව්‍යාප්තවීමෙන් පසුවය. 'ඩෙල්ටා ප්ලස්' විකෘති ප්‍රභේදය ගැන පළමුවෙන් දැනගන්න ලැබී ඇත්ටෙත් පසුගිය මාර්තු මාසයේය. කෙසේ නමුත් පුළුල් අධ්‍යයනයකින් පසු යුරෝපා විද්‍යාඥයන් ඒ ගැන ලොවට අනාවරණය කළේ පසුගිය ජූනි 13 වැනිදාය.

'ඩෙල්ටා' විකෘතිය (B.1.617.2) යන නමින් හැඳින්වෙන අතර 'ඩෙල්ටා ප්ලස්' හැඳින්වෙන්නේ (K417N) යන නමින්ය. 'ඩෙල්ටා' විකෘති ප්‍රභේදයට වඩා 'ඩෙල්ටා ප්ලස්' බිහිසුණු ලෙස ව්‍යාප්ත වන බව යුරෝපා විද්‍යාඥයන්ගේත් ඉන්දීය විද්‍යාඥයන්ගේත් අදහස වී තිබේ.

'ඩෙල්ටා' විකෘතිය අද ලොවට තර්ජනයක් වී ඇති ප්‍රධානතම කොරෝනා වයිරස විකෘතිය යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත. එය මේ වනවිටත් යුරෝපා රටවලට පමණක් නොව, ආසියානු රටවලටත් ඇමෙරිකාවටත් පැතිර ගොස් අවසන්ය.

තව සති 6 ක් හෝ 8 ක් යෑමට පෙර ඉන්දියාව තෙවැනි කොරෝනා රැල්ලට මුහුණ දෙනු ඇති බවත්, එම තෙවැනි රැල්ලට හේතුව 'ඩෙල්ටා' නොව 'ඩෙල්ටා ප්ලස්' ප්‍රභේදය බවත් ඉන්දීය සෞඛ්‍ය අංශ වැඩි දුරටත් අනාවැකි පළ කර තිබේ. දකුණු අප්‍රිකාවෙන් හමුවුණු වයිරස විකෘතිය නම් කර ඇත්තේ 'බේටා' යනුවෙනි. මෙම 'බේටා' වයිරසයේ ඇති ලක්ෂණ ද 'ඩෙල්ටා ප්ලස්' විකෘතියේ ඇතැයි පැවැසෙයි.

නවදිල්ලියේදීය (රොයිටර්)



අදහස් (0)

’ඩෙල්ටා ප්ලස්’ ඉන්දියාවේ ප්‍රාන්ත රැසකින් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 694 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2364 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1734 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site