IMG-LOGO

ඩිමොක්‍රටික් පක්ෂය රජයේ නැවතී තිබෙන කටයුතු ආරම්භ කරන්න පියවර ගනී

ඇමෙරිකා එක්සත් ජනපදයේ නැවතී තිබෙන රජයේ කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා ඩිමොක්‍රටික් පක්ෂය පියවර ගෙන තිබේ.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී පනත් කෙටුම්පතක් සම්මත කරගැනිමින් ඇමෙරිකා එක්සත් ජනපද ඩිමොක්‍රටික් පක්ෂය එම පියවර ගත්තේය.

කෙසේ නමුත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තම ජනාධිපති බලතල භාවිත කරමින් එය ප්‍රතික්ෂේප කරනු ඇතැයි වාර්තා වේ. 

ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ වැඩි බලතල හිමිව ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂයටය. මේ තත්ත්වය විශාල අර්බුදයක් නිර්මාණය වී තිබේ. 

ඇමෙරිකා එක්සත් ජනපදය සහ මෙක්සිකෝව අතර ඉදි කෙරෙන තාප්පයට මුදල් වෙන් කිරීම ප්‍රතික්ෂේප කිරීමට ඩිමොක්‍රටික් පක්ෂ පාලනයේ තිබෙන නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ඉකුත් දිනෙක පියවර ගත්තේය.

ඇමෙරිකාව සහ මෙක්සිකෝව අතර ඉදි කෙරෙන තාප්පයට මුදල් වෙන් නොකරන කිසිදු පනතකට තමන්ගෙන් අනුමැතිය නොලැබන බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. 

ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ නව කතානායිකා නැන්සි පොලෙසි ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හමු වී සාකච්ඡා නියමිත යැයි ද වාර්තා වේ.

කෙසේ නමුත් ඇමෙරිකාව සහ මෙක්සිකෝව අතර ඉදි කිරීමට නියමිත තාප්පය ආචාරධාර්මික නැතැයි නැන්සි පොලෙසි අවස්ථා කිහිපයකදීම සඳහන් කර තිබිණි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ වත්මන් කොංග්‍රසයේ එරට ඉතිහාසයේ වැඩිම විවිධත්වයකින් යුත් කොංග්‍රසය යැයි ද පැවසේ. වත්මන් කොංග්‍රසය විවිධ ජන කොටස්, විවිධ දේශපාලන මතවාද දරන බොහෝ පිරිසකගෙන් සමන්විතය. 

බී.බී.සී. ඇසුරිනි 

055



අදහස් (0)

ඩිමොක්‍රටික් පක්ෂය රජයේ නැවතී තිබෙන කටයුතු ආරම්භ කරන්න පියවර ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1675 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 653 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site