IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඩොනෙස්ක් සටනට සීරුවෙන්

අවි අතදැරිය හැකි ලොකු කුඩා සියලු දෙනා සන්නද්ධ වී සිටිය යුතු යැයි යුක්රේනයේ ඩොනෙස්ක් නගරයේ ප්‍රධානී ඩෙනිස් පුෂ්ලින් වීඩියෝ පණිවිඩයක් හරහා ජනතාව අමතමින් ඉල්ලීමක් කර තිබේ.

”අවි රැගෙන යා හැකි ඩොනෙක්ස් සියලුම පිරිමින්ගෙන් මා ඉල්ලා සිටින්නේ දරුවන්, භාර්යාවන්, මව්වරුන් ආරක්ෂා කිරීමට නැගී සිටින ලෙසයි.” යැයි ඩෙනිස් පුෂ්ලින්ගේ වීඩියෝ පණිවුඩයේ දැක්වෙයි. වයස 18-55 අතර පිරිමින් හට ඩොනෙක්ස් නගරයෙන් පිටවීම තහනම් කර ඇතැයි ද බටහිර මාධ්‍ය වාර්තා පවසයි.

ඩොනෙස්ක් නැගෙනහිර යුක්රේනයේ වාණිජ නගරයක් යැයි ජාත්‍යන්තර වශයෙන් පිළිගත්තත්, ඩොනෙස්ක් සැලකෙන්නේ ස්වයං පාලන රාජ්‍යයක් ලෙසය. යුක්රේනයට අයත් පස්වැනි විශාලතම නගරය ලෙස ඩොනෙස්ක් සැලකෙන අතර ජනගහනය 9,05,364 කි.

ඩොනෙස්ක් රුසියානු හිතවාදී නගරයක් වන අතර, යුක්රේනයේ රුසියන් බෙදුම්වාදීන්ගේ බල කඳවුරක් ලෙස ද මෙය සැලකෙයි.

ඩොනෙස්ක් මෙන්ම, ලුහාන්ස්ක් ස්වයං පාලන නගරය ද රුසියානු බෙදුම්වාදීන්ට හිතවත් වන අතර, එම නගරයේ ප්‍රධානියා ජනතාවට පවසා ඇත්තේ යුද්ධයට එකතු වීමට බලාපොරොත්තුවෙන් සංචිතයේ සිටින සියලු දෙනා හමුදා බඳවා ගැනීමේ කාර්යාල වෙත පැමිණෙන ලෙසය.

විමුක්ති එස් රුද්‍රිගු
(රොයිටර්)



අදහස් (0)

ඩොනෙස්ක් සටනට සීරුවෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 585 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2277 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site