IMG-LOGO

2024 දෙසැම්බර් මස 04 වන බදාදා


ට්‍රම්ප්-බයිඩන් හමුවෙති

ඇමෙරිකා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් ජනාධිපති ධුරයට තේරීපත් වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ධුරයෙන් සමු ගැනීමට සූදානමින් සිටින වත්මත් ජනාධිපති ජෝ බයිඩන් අතරේ හමුව ධවල මන්දිරයේ දී පැවැත්විණි.

නව ජනාධිපතිවරයාට ඉඩ දී, ධුරය අවසන් කරන ජනාධිපතිවරයාගේ සමුගැනීම සනිටුහන් කිරීම, ඇමෙරිකන් දේශපාලනයේ සම්ප්‍රදායයි. ජනාධිපති බයිඩන්, ජනාධිපති ධුරයට තේරී පත් වුණු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයට ඇරැයුම් කළේ ඒ අනුවය.

මෙම 2024 ඇමෙරිකන් ජනාධිපතිවරණය ආරම්භ වූයේ ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන් සහ රිපබ්ලිකන් පාක්ෂික ට්‍රම්ප් අතරේය. දෙදෙනා අතරේ පැවැති සජීවී රූපවාහිහිනී විවාදයේ දී 81 හැවිරිදි බයිඩන්ට ඔහුගේ වයස හරස් විය. 

වචන පැටැලී අසරණ වෙද්දී, ට්‍රම්ප් විවාදය ජයග්‍රහණය කළේය. ඒ අනුව, ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස බයිඩන්, සිය දෙවැනියා මෙන්ම වත්මන් උප ජනාධිපතිනිය ද වන කමලා හැරිස් ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස නම් කළේය. අවසන් සටන ට්‍රම්ප් සහ හැරිස් අතරේ පැවැතියේ ඉන් අනතුරුවය.

මැතිවරණ රැලිවලදී එකිනෙකාට අපහාස කරගත්, චෝදනා කරගත් සහ පරිභව කරගත් ප්‍රතිවාදීන් වූ බයිඩන් සහ ට්‍රම්ප්, ධවල මන්දිරයේ දී එකිනෙකා හමුවූයේ සුහදව සිනාවෙමින් අතට අත දෙමිනි. ඇතැම් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ එය කැමරාවට පෙනෙන ලෙස කළ බොරු රඟපෑමක් බවය. දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්වෙද්දී ද මාධ්‍යවේදීහු කණ්ඩායමක් ධවල මන්දිරයේ රැස්ව සිටියහ.

සාමකාමීව බලහුවමාරුව සිදුවන ආකාරය සම්බන්ධයෙන් බයිඩන් සහ ට්‍රම්ප් සාකච්ඡා කළ අතර, සාමකාමීව එම කටයුතු අවශ්‍ය පරිදි කර දෙන බව බයිඩන් ට්‍රම්ප්ට පැහැදිලි කළේය. ඒ සම්බන්ධයෙන් ට්‍රම්ප් බයිඩන්ට ස්තුති කළේය.

‘යළිත් වරක් ඔබ ධවල මන්දිරයට සාදරයෙන් පිළිගන්නවා’ යැයි බයිඩන් පවසද්දී,තමන් ද සාමකාමී බල හුවමාරුවක් අපේක්ෂා කරනවා යැයි ට්‍රම්ප්, බයිඩන් හමුවේ පෙන්වා දුන්නේය.

කෝටිපති ව්‍යාපාරිකයකු ද වන ට්‍රම්ප් මීට පෙර ජනාධිපති ධුරය හෙබවූයේ 2016 ජනාධිපතිවරණය ජය ගනිමිනි. 2020 ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප් පරාජය විය. ඒ, බයිඩන් හමුවේය.

ට්‍රම්ප්, යළිත් වරක් ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස දිවුරුම් දීමට නියමිතව ඇත්තේ, 2025 ජනවාරි 20 වැනිදාය.



අදහස් (0)

ට්‍රම්ප්-බයිඩන් හමුවෙති

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇෆ්ගන් සෞඛ්‍ය සේවිකාවන්ගේ පුහුණු පංති නවත්වයි
2024 දෙසැම්බර් මස 04 197 0

පවුල් සෞඛ්‍ය සේවිකාවන් සහ හෙදියන් ලෙස ඇත්‍්ගන් කාන්තාවන් පුහුණුවීම වැළැක්වීමේ නව නීති හඳුන්වා දීමට ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය තීරණය කර ඇත.


‘කොවිඩ් 19’ වයිරසයේ සුලමුල
2024 දෙසැම්බර් මස 04 418 0

ඇමෙරිකානුවන් මිලියන 1.1 ක් මරණයට පත් කළ ‘කොවිඩ් 19’ වයිරසයේ සුලමුල සම්බන්ධයෙන්, ඇමෙරිකන් නීති සම්පාදකයන් වසර දෙකක විමර්ශන කටයුතු මේ වනවිට අවසන් කර වාර්ත


හිරේ ඉන්න ඉම්රාන්ට චෝදනා
2024 දෙසැම්බර් මස 04 96 0

බන්ධනාගාරගතව සිටින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දින 14 ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි පාකිස්තාන ත්‍රස්ත විරෝධී අධිකරණය නියෝග කර ඇ


ගාසා තීරයේ උග්‍ර ආහාර අර්බුදයක්
2024 දෙසැම්බර් මස 04 48 0

ගාසා තීරයේ දරුණු ආහාර අර්බුදයක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි. ඊශ්‍රායල ප්‍රහාරවලින් බැටකන පලස්තීන වැසියන්ට ප්‍රමාණවත් ආහාර සැපයීම


හමුදා නීතියට පාර්ලිමේන්තුව විරුද්ධයි
2024 දෙසැම්බර් මස 04 73 0

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් හදිසි හමුදා නීතිය පැනැවීමට ගත් තීරණයට විරෝධය දක්වමින්, එය අවහිර කිරීමට දකුණු කොරියානු පාර්ලිමේන්තුව ඡන්දය ප්‍


සෙලෙන්ස්කිගෙන් යෝජනාවක්
2024 දෙසැම්බර් මස 03 438 0

රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමට තමන් ද කැමැත්තෙන් පසුවන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි 2024 දෙසැම්බර් මස 03 77 0
සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි

බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 673 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 846 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

Our Group Site