IMG-LOGO

ට්‍රම්ප්ට නොබෙල් සාම තෑග්ග හිමිවෙන්න ඕනෑ

ඇමෙරිකා ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප්ට, මෙම වසරේ නොබෙල් ත්‍යාගය හිමිවිය යුතු යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි. තමන් ඒ බව නොබෙල් කමිටුවට ලිපියක් මගින් දන්වා යැවූ බව ද ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කර ඇත.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මේ බව පැහැදිලි කළේ, ධවල මන්දිරයට පැමිණ, ජනාධිපති ට්‍රම්ප් හමුවී, පසුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

ධවල මන්දියට පැමිණි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි. ඊශ්‍රායල ඉරාන අර්බුදය ගැනත්, ගාසා ආර්බුදය ගැනත් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ට්‍රම්ප් හමුවීමට පැමිණියේ නියෝජිත පිරිසක් ද සමගය. නෙදන්යාහු සහ නියෝජිත පිරිස වෙනුවෙන් විශේෂ භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.

ඇමෙරිකාව, ඊජිප්තුව සහ කටාර් රාජ්‍යය එක් වී ගාසා තීරය සඳහා නව සටන් විරාමයක් සහ සාම වැඩපිළිවෙළක් සකස් කර ඇති අතර, ඊට ඊශ්‍රායලයේ කැමැත්ත පළ කර තිබේ. ඒ, ඊශ්‍රායල නියෝජිතයන් පිරිසක් කටාර් රාජ්‍යයට ගොස් සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය.
කොන්දේසි කීපයක් ඉදිරිපත් කළත්, ගාසා තීරයේ හමාස් සංවිධානය ද පවසා ඇත්තේ තමන් ද සටන් විරාමයකට යෑමට කැමැත්ත පළ කරන බවය.

ධවල මන්දිරයේ දී පැවැති සාකච්ඡාවලන් අනතුරුව, ට්‍රම්ප් සහ නෙදන්යාහු මේ සම්බන්ධයෙන් ද මාධ්‍ය දැනුවත් කිරීමක් කළහ. එහිදී ලෝක සාමය වෙනුවෙන් ට්‍රම්ප්ගේ කැපවීම තමන් අගය කරන බවත්, ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය හිමිවිය යුතු බවත් අග්‍රාමාත්‍ය නෙදන්යාහු අවධාරණය කළේය.

ඊශ්‍රායලයත් ඉරානයත් අතරේ පැවැති දොළොස් දින යුද්ධයේ දී ට්‍රම්ප් මැදිහත් වී, ඉරානයට පහර දුන්නේය. ඒ, ඉරානයේ න්‍යෂ්ටික ඉලක්ක ඉලක්ක කර ගනිමිනි. එම ප්‍රහාරයෙන් පසු, කඩිනමින් සටන් විරාමයකට යා යුතු යැයි ට්‍රම්ප් ඉරානයටත් ඊශ්‍රායලයටත් බල කර සිටි අතර, අවසානයේ ඊශ්‍රායලය සහ ඉරානය එකිනෙකාට ප්‍රහාර එල්ල කර ගැනීම නතර කළේය.

ඊට අමතරව ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ හටගත් යුද ගැටුට ද සමතයකට පත් වූයේ ජනාධිපති ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙනි. මේ වනවිට ට්‍රම්ප් දැඩි ලෙස උත්සාහ ගනිමින් සිටින්නේ රුසියන් ඊශ්‍රායල යුද්ධය අවසන් කිරීමටය.  කාරණා සැලකිල්ලට ගනිමින් ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය හිමිවිය යුතු බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි.



අදහස් (0)

ට්‍රම්ප්ට නොබෙල් සාම තෑග්ග හිමිවෙන්න ඕනෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 172 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 664 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1066 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site