IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


ට්‍රම්ප්ගේ තීරු බදු

(එන්.ඩී.ටීවී.)

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් ගණනාවකින් ආනයනය කරන භාණ්ඩ සඳහා 41% දක්වා වූ නව අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රකාශයට පත් කර අවසන්ය.

ට්‍රම්ප් පරිපාලනය පැහැදිලි කර ඇති ආකාරයට, මෙය සිදු කර ඇත්තේ වෙළඳ හිඟයන් අවම කර ගැනීමේ අරමුණින්, හදිසි බලතල භාවිත කරමිනි. මෙම නව ගාස්තු අද (අගෝස්තු 1 වැනිදා) සිට ක්‍රියාත්මක වෙයි.

පහත දැක්වෙන්නේ රට අනුව නව ගාස්තු අනුපාත ලැයිස්තුවයි:

  • ඇෆ්ගනිස්ථානය: 15%
  • ඇල්ජීරියාව: 30%
  • ඇන්ගෝලාව: 15%
  • බංගලාදේශය: 20%
  • බොලිවියාව: 15%
  • බොස්නියා සහ හර්සගොවිනා: 30%
  • බොට්ස්වානා: 15%
  • බ්‍රසීලය: 10%
  • බෲනායි: 25%
  • කාම්බෝජය: 19%
  • කැමරූන්: 15%
  • චැඩ්: 15%
  • කොස්ටාරිකාව: 15%
  • කෝට් ඩි'අයිවෝර්: 15%
  • කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය: 15%
  • ඉක්වදෝරය: 15%
  • යුරෝපීය සංගමය: 0%–15%
  • එක්වටෝරියල් ගිනියාව: 15%
  • ෆෝක්ලන්ඩ් දූපත්: 10%
  • ෆීජි: 15%ඝානාව: 15%
  • ගයනාව: 15%
  • අයිස්ලන්තය: 15%
  • ඉන්දියාව: 25%
  • ඉන්දුනීසියාව: 19%
  • ඉරාකය: 35%
  • ඊශ්‍රායලය: 15%
  • ජපානය: 15%
  • ජෝර්දානය: 15%
  • කසක්ස්තානය: 25%
  • ලාඕසය: 40%
  • ලෙසෝතෝ: 15%
  • ලිබියාව: 30%
  • ලිච්ටෙන්ස්ටයින්: 15%
  • මැඩගස්කරය: 15%
  • මලාවි: 15%
  • මැලේසියාව: 19%
  • මොරිටානියාව: 15%
  • මෝල්ඩෝවා: 25%
  • මොසැම්බික්: 15%
  • මියන්මාරය: 40%
  • නැමීබියාව: 15%
  • නාවුරු: 15%
  • නවසීලන්තය: 15%
  • නිකරගුවාව: 18%
  • නයිජීරියාව: 15%
  • උතුරු මැසිඩෝනියාව: 15%
  • නෝර්වේ: 15%
  • පාකිස්තානය: 19%
  • පපුවා නිව්ගිනියාව: 15%
  • පිලිපීනය: 19%
  • සර්බියාව: 35%
  • දකුණු අප්‍රිකාව: 30%
  • දකුණු කොරියාව: 15%
  • ශ්‍රී ලංකාව: 20%
  • ස්විට්සර්ලන්තය: 39%
  • සිරියාව: 41%
  • තායිවානය: 20%
  • තායිලන්තය: 19%
  • ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ: 15%
  • ටියුනීසියාව: 25%
  • තුර්කිය: 15%
  • උගන්ඩාව: 15%
  • එක්සත් රාජධානිය: 10%
  • වනුවාටු: 15%
  • වෙනිසියුලාව: 15%
  • වියට්නාමය: 20%
  • සැම්බියාව: 15%
  • සිම්බාබ්වේ: 15%



අදහස් (5)

ට්‍රම්ප්ගේ තීරු බදු

Ravatima Friday, 01 August 2025 08:56 AM

ඇෆ්ගනිස්තානය 15% ලන්කාව 20% NPP ආණ්ඩුව රාජ්‍ය තාන්ත්‍රික අතින් තාලේබාන්ලාට වඩා දුර්වලයි... අයියෝ...

:       8       0

Pradeep Kumara Friday, 01 August 2025 08:57 AM

ජය වේවා. එය විශාල ජයග්‍රහණයක්...

:       0       1

Ekanayake Friday, 01 August 2025 09:29 AM

5% ක වාසියට ඉන්දියාවෙන් බඩු අරන් යවන්න පුළුවන්. 20% ක වාසියට මියන්මාරයේ අරන් යවන්නත් පුළුවන්...

:       0       1

මාගිමාගැත්තා Friday, 01 August 2025 09:51 AM

මාලිමා ආණ්ඩුව නිසා අනිත් රටවලටත් තීරුබදු අඩු කරලා. ඔන්න වැඩ. කෙසේ වෙතත් අදයත් මහින්ද සමරසිංහ මහතා (ඔහු මාලිමාවෙක් නොවේ), ඇමරිකාව සමඟ කරන හැම සාකච්ඡාවක්ම මෙහෙයවන වග දැනගතිමි...

:       3       3

ISANKWFriday, 01 August 2025 02:09 PM

මහත්තයෝ... මේ අපේ රට, ශ්‍රී ලංකා රජය සහ අපි හැමෝගේම රටේ ජනාධිපති කියලා තේරුම් ගත්තු දවසට තේරෙයි මේ දිනන්නේ මගේ රට අපේ රට කියලා මේක මාලිමාව, අනුර කුමාර NPP නායක වෙන්නේ NPP පාක්ෂිකයින්ට විතරයි. මහින්ද සමරසිංහ කරත් මහින්ද රාජපක්ෂ කරත් අනුර කුමාර කරත් හොඳ නරක වෙයි රටට...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 163 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 308 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 657 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site