IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ට්විටර් මිලදී ගන්න මස්ක් කැමැත්තෙන්

බිලියනපති ව්‍යවසායක ඉලෝන් මස්ක් ‘ට්විටර්’ සමාගම මිලදී ගැනීමට කැමැත්ත පළ කර තිබේ. ‘ට්විටර්’ සමාගම පවරා ගැනීමේ ලංසුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 43 ක් යැයි වාර්තා වේ.

‘ට්විටර්’ සමාගමට ඉදිරිපත් කළ ලංසුවට අනුව ට්විටර් සමාගමේ එක් කොටසකට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 54.20 ක මිලක්  ප්‍රදානය කිරීමට බිලියනපති ඉලෝන් මස්ක් කැමැත්ත පළ කර ඇත.

ලෝකයේ ධනවත්ම පුද්ගලයා වන ඉලොන් මස්ක්, ටෙස්ලා සමාගමේ නිර්මාතෘ මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියා ද වෙයි. ඊට අමතරව අභ්‍යවකාශ කටයුතුවලට සම්බන්ධ ස්පේස් එක්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා මෙන්ම නිර්මාතෘ වන්නේ ද ඉලොන් මස්ක්ය.

ට්විටර් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය ඉලෝන් මස්ක් ගේ යෝජනාව ව්‍යංගයෙන් ප්‍රතික්ෂේප කර ඇති අතර අධ්‍යක්ෂක මණ්ඩලය ඒකමතික ඡන්දයෙන්  නව සැලැස්මක් හඳුන්වා දුන් බව වාර්තා වේ.

ඉලෝන් මස්ක් හෝ වෙනත් අයෙක් ට්විටර් සමාගමේ කොටස් අසීමිත ලෙස මිලදී ගැනීම පාලනය කිරීම සඳහා තෝරාගත් සමාගම් කොටස්කරුවන්ට කොටස් මිලදී ගැනීමේ සීමාව ඉවත් කිරීම එම සැලැස්ම වූ බව පැවැසෙයි.

ඉලෝන් මස්ක් ට්විටර් සමාගම සමග සාකච්ඡා නොකට සියයට 51 ක ප්‍රමාණයක් සමාගම් කොටස් මිලදී ගැනීම තුළින් ට්විටර් සමාගමේ පාලනය නතු කරගැනීම වැළැක්වීම සඳහා මෙම සැලැස්ම හඳුන්වා දෙන ලදි.

ඉලෝන් මස්ක් තමන් සතුව ට්විටර් සමාගමේ මුළු කොටස් ප්‍රමාණයෙන් සියයට 9.1 ක් තිබෙන බව ප්‍රකාශ කිරීමත් සමග ඉලෝන් මස්ක් සහ ට්විටර් අධ්‍යක්ෂක මණ්ඩලය අතර අර්බුදය ආරම්භ වූ බව ඇමෙරිකන් මාධ්‍ය පවසා තිබේ.

ඊයේ (18) ඉලෝන් මස්ක් තමන් ට්විටර් සමාගම පවරා ගතහොත් ඉක්මනින් වියදම් කපා හැරීමට ක්‍රමයක් තිබෙන බව පැවැසීය. ඒ ට්විටර් අධ්‍යක්ෂක මණ්ඩලයට සිදුකරන සියලු ගෙවීම් නතර කිරීමය.

ට්විටර් අධ්‍යක්ෂ මණ්ඩලය අස්කිරීමෙන් හෝ ඔවුන්ට සිදු කරන සියලුම ගෙවීම් නතර කිරීමෙන් අවුරුද්දකට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 3 ක මුදලක් ඉතිරි කරගැනීමට හැකිවන බවත් ලංසුව සාර්ථක වුවහොත් අනිවාර්යයෙන්ම එය සිදු කරන බවත් ඔහු පැහැදිලි කළේය.

(රොයිටර්)



අදහස් (0)

ට්විටර් මිලදී ගන්න මස්ක් කැමැත්තෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 570 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2268 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1702 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site