IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ට්‍රම්ප්-හැරිස් විවාදය: දිනය ගැටලුවක්

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වත්මන් උප ජනාධිපතිනි ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා කමලා හැරිස් ඔවුන්ගේ පළමු සජීවී රූපවාහිනී විවාදයට සූදානම් වෙති. කෙසේ නමුත් විවාදය පැවැත්වෙන දිනය පිළිබඳ මේ වනවිට ගැටලුවක් නිර්මාණය වී ඇත.

උප ජනාධිතිනි හැරිස්, ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකාව ලෙස නම් කළේ වත්මන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ය. ඒ, ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටි 78 හැවිරිදි බයිඩන් එයින් ඉවත් වෙද්දීය. ඇමෙරිකාවේ ජනාධිපතිවරණයක් පැවැත් වෙද්දී, ප්‍රධාන අපේක්ෂකයන් අතරේ සජීවී විවාද පැවැත්වෙයි. එය එරට දේශපාලන සම්ප්‍රදායයි.

බයිඩන් අපේක්ෂකයා ලෙස සිටිද්දී ඔහු සහ ට්‍රම්ප් අතරේ පළමු විවාදය පැවැත්විණි. එම විවාදය මෙහෙයවිම කළේ සී.එන්.එන්. මාධ්‍ය ආයතනයයි. එම විවාදයේ දී බයිඩන්ට නිසි ලෙස අදහස් පළ කිරීමට නොහැකි විය. විවාදයේ දී වැඩි වාසි අත්වූයේ ට්‍රම්ප්ටය. බයිඩන් පසුබෑමට ලක් වූයේ ඔහුගේ වයස නිසාය. ඔහුට අපේක්ෂකත්වයෙන් ඉවත් වී සුදුස්සකුට එය පිරිනමන මෙන් ඩිමොක්‍රටික් පක්ෂය තුළින් විරෝධයක් නැගුණේ ඒ නිසාය.

දෙවැනි විවාදය පැවැත්වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් 10 වැනිදාය. එම විවාදය මෙහෙයවීමට සූදානමින් සිටින්නේ ඇමෙරිකාවේ ඒ.බී.සී. නිවුස් නාළිකාවය. මෙම විවාදයට තමන් ඉදිරිපත් වන බව කමලා හැරිස් පවසා ඇති නමුත්, ට්‍රම්ප් විවාදය පැවැත්වෙන දිනය වෙනස් කිරීමට උත්සාහ ගන්නා බව පැවැසෙයි. කෙසේ නමුත් කමලා හැරිස් ඊට විරෝධය පළ කර තිබේ.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ට්‍රම්ප්-හැරිස් විවාදය: දිනය ගැටලුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 165 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 151 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 958 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site