ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමට තමන් කැමැත්තෙන් පසුවන බව ඉරාන රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඉරනයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන, ඉරානයේ ස්වෛරීත්වයට බාධාවක් නොවන ආකාරයට ට්‍රම්ප් පරිපාලනය සමඟ සාකච්ඡා පැවැත්වීමටත් නව ජනාධිපති ට්‍රම්ප් සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමටත් තමන් සූදානම් බව ඉරාන රජය වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
ට්‍රම්ප් සහ ඉරානය අතර අර්බුදයක් පවතී. පසුගිය මාස කීපයේ ට්‍රම්ප් ඇමෙරිකන් ජනාධිපතිවරණයට සූදානම් වෙද්දී අවස්ථා තුනකදී ඔහු ඝාතනය කිරීමට තැත් කෙරුණි. එක් අවස්ථාවක ජන රැලියක් අමතමින් සිටිද්දී තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ට්‍රම්ප්ගේ දකුණු කන් පෙත්ත තුවාල විය.
ට්‍රම්ප් ඝාතනය කිරීමට සැලැසුම් සකස් කර ඇත්තේ ඉරාන විප්ලවීය හමුදාව යැයි චෝදනා එල්ල වී ඇත. ඇමෙරිකාවට සහ ඊශ්‍රායලයට අනුව ඉරාන විප්ලවීය හමුදාව යනු ත්‍රස්ත සංවිධානයකි.
ට්‍රම්ප් පළමු වරට ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට තේරී පත් වූයේ 2016 දීය. ඒ වනවිට ඇමෙරිකාව ඉරානයට පනවා තිබූ සම්බාධක බොහොමයක්, ට්‍රම්ප්ට පෙර ජනාධිපති ලෙස කටයුතු කළ බැරැක් ඔබාමා ලිහිල් කර තිබුණි. ට්‍රම්ප් ජනාධිපති වූ සැණින්, ඔබාමා පරිපාලනය විසින් ලිහිල් කරනු ලැබූ එම සම්බාධක දැඩි කළේය. ඊට අමතරව, නව සම්බාධක පවා ඉරානයට පැනැවීය. ඒ අනුව, ඉරානය සහ ට්‍රම්ප් අතරේ අර්බුදයක් නිර්මාණය විය.
2020 ජනවාරි 3 වැනිදා, ට්‍රම්ප්ගේ අණ පරිදි, ඉරාන හමුදා ජෙනරාල් කසීම් සුලෙයිමානී ඝාතනය කෙරුණි. සුලෙයිමානී යනු ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කමේනීට පසු එරට ජනතාවගේ ගෞරවයටත් ආදරයටත් පාත්රඅ වූ හමුදා නිලධාරියෙක් විය.
ඉරාන විප්ලවීය හමුදාවේ අතිරේක බලඇණියක් ලෙස සැලකෙන කුඩ්ස් බලඇණියට නායකත්වය දුන්නේ ද සුලෙයිමානීය. සුලෙයිමානී ඝාතනය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් පළි ගන්නා බව ඉරාන විප්ලවීය හමුදාව ප්‍රතිඥ දී ඇත.
(ඒ.එෆ්.පී.)
ඊශ්‍රායලයේ බෙන් ගුරියොන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට යේමනයේ හවුති සටන්කාමීන්ගෙන් එල්ල වුණු දිගු දුර බැලැස්ටික මිසයිල ප්‍රහාරයෙන් පසු ඒ සම්බන්ධයෙන් ඉ
ඇමෙරිකාවේ ඇල්කට්‍රාස් බන්ධනාගාරය යළි විවෘත කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වෙයි.
විදෙස් චිත්‍රපට, හොලිවුඩ් චිත්‍රපටවලට අභියෝගයක් වී ඇති බැවින්, සහ හොලිවුඩ් සිනමා කර්මාන්තය කඩා වැටීමකට ලක් වී ඇති බැවින්, විදෙස් චිත්‍රපට සඳහා සියයට 100
තෙදින නිල සංචාරයක් සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් රුසියාවේ මොස්කව් අගනුවර නිල සංචාරයකට යෑමට නියමිතය.
දකුණු සුඩානයේ ප්‍රාන්ත රෝහලකට සහ වෙළෙඳසැල පෙළකටත් බෝම්බ ප්‍රහාර එල්ල විය. ඒම ප්‍රහාරවලින් හත් දෙනකු මියගිය බවත් 20 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ.
ඇමෙරිකා එක්සත් ජනපදය භූමිකම්පාවකින් දෙදරා ගියේය. භූමිකම්පාව හටගෙන ඇත්තේ ටෙක්සාස් ජනපදයේ එල්පැසෝ නගරය ආසන්නයේ යැයි මාධ්‍ය වාර්තා කරයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ට්‍රම්ප් සමඟ යහපත් සබඳතා පවත්වන්න ඉරානය සූදානම්