IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.

ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු, ඔහු හමුවීමට පැමිණි පළමු රාජ්‍ය නායකයා නෙදන්යාහුය.

පලස්තීන ගාසා තීරයේ ඊශ්‍රායල හමාස් අර්බුදය සහ බටහිර ඉවුරේ පලස්තීනුවන් සම්බන්ධයෙන් ඇති අර්බුදය  රාජ්‍ය නායකයන් දෙදෙනාගේ සාකච්ඡාවට බදුන් විය.

පලස්තීනුවන්ට ජෝර්දානයේ වෙනම ඉඩම් ලබා දීමට ට්‍රම්ප් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් ද රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු විය.

මේ වනවිට ඊශ්‍රායල රජය සහ හමාස් සංවිධානය අතරේ සටන් විරාමයක් පවතී. එම සටන් විරාමය සාර්ථක කර ගැනීම සිදුවූයේ තම මැදිහත් වීම නිසා යැයි ට්‍රම්ප් පවසා ඇත.

ඒ සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගය හිමිවිය යුතු නොවේදැයි ධවල මන්දිරයට පැමිණ සිටි එක් මාධ්‍යවේදියකු ට්‍රම්ප්ගෙන් විමසූ අවස්ථාවේ, ට්‍රම්ප් පිළිතුරු දුන්නේ 'ඔව්, මට නොබෙල් සාම තෑග්ග හිමිවිය යුතුයි. ඒත් මම දන්නවා මට ඒක දෙන්නේ නැහැ' යනුවෙනි.

(බීබීසී)



අදහස් (2)

ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති

ජගත් ලියනගේ Wednesday, 05 February 2025 08:27 AM

අනෙක් රටවල් වල පාලනයන්ට ඇගිලි ගහන්නේ නැතුව හිටියොත් ට්‍රමිප් මහත්තයට නෝබේල් ත්‍යාගය ලැබීමට සුදුස්සෙක් වේවි.

:       1       7

Bishan Wednesday, 05 February 2025 01:23 PM

මස් වැද්දෝ දෙදෙනෙකු හමු වූ අවස්ථාවක්

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 14 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 816 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 596 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site