
දූෂණ චෝදනා එල්ල වී සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට සමාව දෙන්නැයි, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායල ජනාධිපති ඇයිසැක් හර්සොග්ගෙන් නිල වශයෙන් ඉල්ලීමක් කර ඇත. ඒ, ඊශ්‍රායල ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමිණි.
අග්‍රාමාත්‍ය නෙදන්යාහුට එල්ල වී ඇත්තේ, අල්ලස් ගැනීම, වංචාව, ජනතා විශ්වාසය කඩකිරීම යන චෝදනාය. මෙම චෝදනා සම්බන්දයෙන් වෙන වෙනම නඩු විභාග පැවැත්වෙයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇත්තේ, කමන් දේහපාලනික වශයෙන් පළිගැනීමකට ලක් වී ඇතැයි පවසමිනි. මෙම චෝදනා සම්බන්ධයෙන් 2020 දී නඩු විභාගයක් ආරම්භ විය. එය තවමත් අවසන් නැත.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්මින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ පවතින්නේ ඉතා සමීප මිත්‍රත්වයකි. ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය හිමිවිය යුතු යැයි දිගින් දිගටම ලොවට අවධාරණය කළ තැනැත්තකු වන්නේ ද නෙදන්යාහුය.
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර, සටන් විරාම සාම ගිවිසුම සකස් කළේ ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙනි. ඒ සඳහා ට්‍රම්ප්, කටාර් රාජ්‍යය, ඊජිප්තුව, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ තුර්කිය හවුල් කර ගත්තේය. සටන් විරාම සාම ගිවිසුමට අස්සන් තැබීමට ට්‍රම්ප්, ඊජිප්තුවට ගියේ ඊශ්‍රායලය හරහාය.
ඊශ්‍රායල සංචාරයේ දී ට්‍රම්ප්, ඊශ්‍රායල පාර්ලිමේන්තුව හෙවත් නෙසට් සභාව ඇමතුවේය. එම අවස්ථාවේදී ද ට්‍රම්ප් පාර්ලිමේන්තු සභිකයන් පමණක් නොව, ඊශ්‍රායල ජනාධිපති ඇයිසැක් හර්සොග් ද අමතමින් කියා සිටියේ, නෙදන්යාහු වීරයකු බවත්, ඔහුට සමාව දී සියලු චෝදනාවලින් නෙදන්යාහු නිදහස් කළ යුතු බවත්ය.
2025 නොවැම්බර් මස 04
687
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2358
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ට්‍රම්ප් ඊශ්‍රායල අගමැති නෙදන්යාහුට සමාව ඉල්ලයි