IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ට්‍රම්ප් අවන්හලේ වැඩ

ඇමෙරිකන් හිටපු ජනාධිපති මෙන්ම, එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පාක්ෂික ජනාධිපති ධුර අපේක්ෂකයා ද වන ඩොනල්ඩ් ට්‍රම්ප්, පැය කීපයකට පෙන්සිල්වේනියා ජනපදයේ මැක්ඩොනල්ඩ්ස් අවන්හලක සේවයට ගියේය.

ට්‍රම්ප් මැක්ඩොනල්ඩ්ස් අවන්හලේ මුළුතැන්ගෙට ගොස් අල පෙති බදිමින්, මස් පිසිමින්, බර්ගර් සකස් කළේ, අවන්හලේ සේවක සේවිකාවන් සමඟ විනෝද වෙමිනි. මාධ්‍යවේදීන් පිරිසක් අවන්හලට පැමිණ සිටි අතර, ඔවුන්ට සංග්‍රහ කළේ ද ට්‍රම්ප්ය.

ට්‍රම්ප්, මැක්ඩොනල්ඩ්ස් අවන්හලේ සේවයට ගියේ, ජනාධිපතිවරණයේ දී ප්‍රතිවාදී ඩිමොක්‍රටික් අපේක්ෂිකා කමලා හැරිස් විවේචනය කරමිනි. පසුගිය දා දේශපාලන වේදිකාවේදී කමලා හැරිස් පවසා තිබුණේ තමන් උසස් පාසල් සිසුවික වී සිටිද්දී, අධ්‍යාපන කටයුතු අවසන් වී මැක්ඩොනල්ඩ්ස් අවන්හල අර්ධ කාලීනව රැකියාව කළ බවත්, වැඩ කරන ඇමෙරිකානුවන්ට තමන් වඩා සමීප බවත්ය.

ට්‍රම්ප්, මැක්ඩොනල්ඩ්ස් අවසන්හලේ වැඩට ගියේ, කමලා හැරිස්ගේ ප්‍රකාශය බොරුවක් බවත්, තමන් දන්නා පරිදි කමලා හැරිස් කිසිම මැක්ඩොනල්ඩ්ස් අවන්හලක සේවය කර නොමැති බවත් අවධාරණය කරමිණි.



අදහස් (7)

ට්‍රම්ප් අවන්හලේ වැඩ

ශ්‍රී ලාන්කිකයා Monday, 21 October 2024 11:23 AM

අපේ රොටී මෑන් මතක් වුණා.

:       4       26

ලංකාවේ එකෙක් Monday, 21 October 2024 11:35 AM

අපේ හිටපු සීයා වගේම, පුතාණෝ වගේම ආතල් පප්පෙක් නේද? අනේ හොඳයි...

:       12       22

Samantha Monday, 21 October 2024 12:32 PM

මනසට වදයක් නොකරන විනෝදජනක මැතිවරණ ගැටුම්... ලංකාවේ මැතිවරණ ආරම්භක කාලේ ඔවැනි දේ වෙනවා...

:       0       11

මුදිත් Monday, 21 October 2024 01:32 PM

ඕවා මොනවාද අනේ? අපේ රටේ කවදාවත් රස්සාවක් නොකරපු අයත් ජනාධිපති වෙලා තියෙනකොට...!

:       2       13

Nandalal de Silva - France Monday, 21 October 2024 01:46 PM

බලාගෙන යනකොට ඇමරිකාවේ දැනට ඉන්න, සත්‍යය ප්‍රකාශ කරන එකම පුද්ගලයා වයසක ඩොනල්ඩ් ට්‍රම්ප් සීයා පමණක් බව එයාගේ කතාවලින් ලොවටම පෙන්වන්න එයා උත්සාහ කරනවා. අපේ දෙශපාළුවෝ වගේම... එයා විතරයි නිවැරැදි... අනිත් අය වැරැදියි...!

:       2       11

SIRI Monday, 21 October 2024 02:22 PM

දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් " මැක්ඩොනල්ඩ් ට්‍රම්ප්" වෙලාද ?

:       2       7

KumarMonday, 21 October 2024 10:07 PM

'පරණ එම් සී ඩොනල්ඩ් ට්‍රම්ප්' කිව්වානම් හරි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 623 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17603 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site