(රොයිටර් ඇසුරෙනි - 042)
රටවල් හයක ජාතිකයින්ට ඇමෙරිකාවට ඇතූළුවීමට තහනම් කරමින් ඇමෙරිකානු ජනපතිවරයා සංශෝධන සහිතව නිකුත් කළ නව තහනමට හවායි අධිකරණයක් පැනවූ වාරණ නියෝගයට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කරන බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි.
මෙම අධිකරණ නියෝගය මගින් ඇමෙරිකාව දුර්වල බව ලෝකයට පෙන්වූ බවත් එය අධිකරණය හපන්කම් පෙන්වීමට දුන් නියෝගයක් බවත් ට්‍රම්ප් මහතා කියයි. එම අධිකරණ නියෝගයෙන් ප්‍රකාශ වුයේ මෙම තහනම එක් ආගමක් අප්‍රසාදයට පත් කිරීම අරමුණු කරගෙන නිකුත් කර ඇති බවයි.
ජනපතිවරයාගේ මෙම තහනම් නියෝගය ඉකුත් බදාදා(15) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබිණි.
සංශෝධන සහිතව නිකුත් කළ නව නියෝගයට අයත් වන රටවල් හය වන්නේ ඉරානය, සිරියාව, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනයයි.
ට්‍රම්ප් මෙම තහනම නිකුත් කළ දෙවැනි අවස්ථාව මෙය වන අතර මීට පෙර නිකුත් කළ තහනම දැඩි විරෝධතා හා අධිකරණ වාරණ නියෝග හමුවේ ඉවත් කරගැනීමට සිදු විය. පළමු නියෝගයේදී ඉරාකයට ද තහංචි පනවා තිබුණි.
2025 නොවැම්බර් මස 04
673
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2337
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ට්‍රම්ප් අධිකරණයට චෝදනා කරයි