IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ට්‍රම්ප්ට තවත් අපරාධ චෝදනාවක්

ඇමෙරිකන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට තවත් අපරාධ චෝදනාවක් එල්ල විය. ඒ, 2020 වසරේ පැවැත් වුණු ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සාහ කළ බවටය.

ට්‍රම්ප් ජනාපධිති ධුරය හෙබවූයේ එක් ධුර කාලයක් පමණි. ඔහු වත්මන් ඩිමොක්‍රටික් ජනාධිපති ජෝ බයිඩන්ට පරාජය වූයේ 2020 ජනාධිපතිවරණයෙනි.

එදා තමන් පරාජය වූ බව ට්‍රම්ප් පිළිගත්තේ නැත.

ට්‍රම්ප් සිය රිපබ්ලිකන් පක්ෂ ආධාරකරුවන් ‘උසි ගන්වමින්’ වොෂින්ටන් අගනුවරට කඩා වැදීමට සැලැස්වූයේ ද එම අවස්ථාවේදීය.

එම ‘උසිගැන්වීමේ’ සිද්ධිය සම්බන්ධයෙන් ද ට්‍රම්ප්ට වෙනම චෝදනා එල්ල වී ඇත.

ඇමෙරිකන් නීති දෙපාර්තමේන්තුව වෙනුවෙන් හිටපු ජනාධිපති ට්‍රම්ප් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන්නේ විශේෂ නීතීඥවරයකු වන ජැක් ස්මිත්ය.

ජැක් ස්මිත් පිටු 45 කින් යුත් අධි චෝදනා පත්‍රයක් ගොනු කර ඇතැයි ද වාර්තා වේ.

ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන 2024 වසරේ දී පැවැත්වීමට නියමිතය. රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ට්‍රම්ප් ඊට ඉදිරිපත් වීමට සූදානමින් සිටී.

එල්ල වන සියලුම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ට්‍රම්ප් පවසා ඇත්තේ, යළි ජනාධිපති ධුරයට ඉදිරිපත් වීමට තමන් ගන්නා උත්සාහය වැළැක්වීමට ප්‍රතිවාදීන් උත්සාහ කරන බවය.



අදහස් (2)

ට්‍රම්ප්ට තවත් අපරාධ චෝදනාවක්

ගජමිතුරු Wednesday, 02 August 2023 05:16 AM

ලංකාවේ 2010 ඔහොම වුණා කියලා ඒ කාලයේ අහන්න ලැබුණා... ඒත් ලංකාවේ ඇමරිකාවේ වගේ වෙන්නේ නැහැනේ..

:       0       2

ravin Wednesday, 02 August 2023 08:23 AM

පිස්සන්ගේ රටේ තවත් පිස්සෙක්

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 404 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 117 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 798 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site