ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට මැන්හැට්න් ජූරි සභාව තීරණය කිරීමත් සමඟ ජනාධිපතිවරයෙකුට එරෙහිව අපරාධ චෝදනා ගොනුකළ ප්‍රථම අවස්ථාව ලෙස ඇමෙරිකානු ඉතිහාසයට එක් විය.
ඩොනල්ඞ් ට්‍රම්ප් හෙට (4) නිව්යෝර්ක් අධිකරණයේදී යටත් වීමට නියමිත අතර එහිදී ඔහුට එල්ල වී ඇති අපරාධ චෝදනා ප්‍රසිද්ධියේ කියවනු ලබයි.ජූරි සභාව අපරාධ චෝදනා ගොනු කිරීමට වැඩි ඡන්දයෙන් තීරණය කළත් එම ලියවිල්ල තවමත් මුද්‍රා තබා ඇති හෙයින් ට්‍රම්ප්ට විරුද්ධව එල්ල වී ඇති අපරාධ චෝදනා සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරක් නොමැති බව ද පැවැසෙයි.
ට්‍රම්ප්ගේ නඩු විභාගය පැවැත්වෙන 15 වෙනි මහලේ හෙට (4) දිනට විභාග කිරීමට නියමිත සියලුම නඩු වෙනත් දිනකට කල් දමා ඇතැයි අධිකරණ ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත. එසේම අධිකරණයට පැමිණෙන මාර්ගය අවට මාර්ගබාධක යෙදවීමට තීරණය කර ඇති බවත් අනෙක් මහල් වල නඩු කටයුතු ද සීමා කර ඇති බවත් ආරංචි මාර්ග පෙන්වා දී තිබේ.
ට්‍රම්ප්ට මාංචු නොදමනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඔහුගේ නීතිඥවරයා ප්‍රකාශ කර ඇත. එසේම ට්‍රම්ප් අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් පසු ගොනු කර ඇති චෝදනා වල නීතිමයභාවය පිළිබඳව මෝසමක් ගොනු කරන බවත් එල්ල වී ඇති සියලු චෝදනාවලට ට්‍රම්ප් නිර්දෝෂි බවත් ඔහුගේ නීතිඥවරයා සඳහන් කර ඇත.
ට්‍රම්ප් හෙට(4) රාත්‍රියේ ඔහුගේ නිවසේදී පාක්ෂිකයන් අමතමින් කතාවක් සිදු කිරීමට නියමිතව තිබේ.එල්ල වී ඇති චෝදනා ප්‍රමාණය පැහැදිලි නැතත් ඔහුට වංචා සම්බන්ධව චෝදනා 30 කට අධික ප්‍රමාණයක් තිබෙන බව ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ට්‍රම්ප්ට එරෙහි චෝදනා ගොනු කිරීම හෙට