
ඇමෙරිකන් හමුදාවේ 250 වැනි සංවත්සරය නිමිත්තෙන් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අදහසකට අනුව, වොෂින්ටන් අගනුවර දැවැන්ත හමුදා පෙළපාළියක් පැවැත්විණි.
එම පෙළපාළිය නැරඹීමට ආරාධිත අමුත්තන් ලෙස ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සහ ප්‍රංශ ජනාධිපති ආර්යාව බ්‍රිජෙත් ත්‍රොග්නෝව් සහභාගී වූහ.
හමුදා පෙළපාලිය පැවැත්වීම සිදුවූයේ ට්‍රම්ප්ගේ 79 වැනිඋපන් දිනයට සමගාමීව වීම ද විශේෂත්වයකි. ට්‍රම්ප් එම හමුදා පෙළපාළිය හදුන්වා දී තිබුණේ මීට පෙර කිසිම දිනෙක ඇමෙරිකන් වැසියන්ට දකින්න නොලැබුණු විදියේ හමුදා පෙළපාළියක් බවය.
වොෂින්ටන් ස්මාරක භූමිය කේන්ද්‍ර කොට ගනිමින් පෙළපාළිය පැවැත්විණි. නිල ඇඳුමින් සැරසුණු භට පිරිස් 7,000 කට අධික සංඛ්‍යාවක් ටැංකි, සන්නද්ධ වාහන, සංගීත කණ්ඩායම්, ගුවන් සංදර්ශන සහ මහා පරිමාණ ගිනිකෙළි සංදර්ශනයක් සමඟින් පෙළපාළියට එක් වී සිටියහ. ඇමෙරිකන් ඩොලර් මිලියන 25 ත් 45 ත් අතර මුදලක් මේ සඳහා වැයවුණු බව ද පැවැසෙයි.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
892
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
619
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ට්‍රම්ප්ගේ හමුදා පෙළපාළිය