IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ට්‍රම්ප්ගේ සංචාරයට එරෙහිව අත්සන් මිලියනයක්

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එක්සත් රාජධානියේ නිල සංචාරයක නිරත වීම වැළැක්වීම සඳහා ඉදිරිපත් කළ පෙත්සමට මිලියන ගණනයකට වැඩි සංඛ්‍යාවක් අත්සන් තබා ඇතැයි වාර්තා වේ. 

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා ඇමෙරිකාවට සංක්‍රමණිකයන් ඇතුළුවීම නවත්වමින් විධායක නියෝගයක් දීමත් සමඟ පෙත්සමට අත්සන් තබන ප්‍රමාණය වැඩි වී ඇතැයි ද ලොවු පරා විරෝධයක් ඇමෙරිකා ජනාධිපතිවරයාට එල්ල වී ඇතැයි ද බී.බී.සී පුවත් සේවය වාර්තා කරයි. 

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා එක්සත් රාජධානියේ නිල සංචාරයක යෙදෙන බව බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මහත්මිය සිය ඇමෙරිකා සංචාරයේදී ප්‍රකාශ කළාය. කෙසේ වෙතත් එම සංචාරය අවලංගු කරන ලද ඉල්ලීම් ජනප්‍රිය තීරණ පමණක් යැයි බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලය නිවේදනය කර තිබිණි. 

සංචාරය කල් දමන්නැයි බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින් මහතා බ්‍රිතාන්‍ය අගමැතිනියට දන්වා ඇතැයි බී.බී.සී පුවත් සේවය වාර්තා කරයි. 

 



අදහස් (0)

ට්‍රම්ප්ගේ සංචාරයට එරෙහිව අත්සන් මිලියනයක්

රොෂාන් Monday, 30 January 2017 09:19 PM

එංගලන්තේ ඉන්න කළු සුද්දෝ ටික ට්‍රම්ප් මහත්තයට හොඳටම බයවෙලා වගෙයි. (නි)

:       0       0

සංජු Wednesday, 01 February 2017 05:23 AM

ට්‍රම්ප්ට විරුද්ධ අය මුස්ලිම් අන්තවදියෝ සහ හැම එකකටම කෝමටත් විරුද්ධ වෙන අය තමයි (බ)

:       0       0

කුලසේකර Monday, 30 January 2017 09:37 PM

දැන් ට්‍රම්ප් බයවෙලා සංචාරය නතරකරයි (නි)

:       0       0

අජිත් නිශ්ශංක Wednesday, 01 February 2017 05:39 AM

රජින්ද! මේ අය විරෝධය පළ කරන්නේ අන්තවාදී අදහස් ක්‍රියාත්මක කිරීමට විරෝධය පල කිරීමට මිස පවතින ක්‍රමයේ වෙනසක් කරන්න හදන නිසා නොවේ! ට්‍රම්ප්ට කොහොමටත් ඇමෙරිකානු ක්‍රමය ඉදිරියට ගෙනියනවා හැරෙන්න ලංකාවේ ක්‍රමය ගෙනෙන්ඩ බැහැනේ ! (බ)

:       0       0

ඩිලාන් Tuesday, 31 January 2017 01:06 AM

ට්‍රම්ප්ට ජයවේවා! ලංකාවට ඕනෑත් ඔය වගේ ජනපති කෙනෙක්. (නි)

:       0       0

සුනිල් මාපලගම Tuesday, 31 January 2017 06:37 PM

අර ලංකාවෙත් 10ක් විතර විරෝධය පළකළාම බයට ලංකාවට එන්නේ නැති ට්‍රම්ප්, එංගලන්තයේ මිලියන ගණනක විරෝධයට මොනවා කරාවිද? (නි)

:       0       0

ජගත් ලියනගේ Monday, 30 January 2017 02:07 PM

ඒ වුණාට යාවි .(බ)

:       0       0

සරත් Monday, 30 January 2017 02:37 PM

එංගලන්තෙටත් ගොඩ යාමක් නැහැ .බී.බී.සී.එකෙත් ඉන්නේ සල්ලි වලට යටවුනු එංගලන්තෙට ආපු කළු සුද්දෝ හරි එංගලන්තේම සුද්දෝ හරි. දෙවියන්ගේම පිහිටයි යුරෝපෙට ම. (ර)

:       0       0

රජින්ද Tuesday, 31 January 2017 06:35 AM

පේනවා නේද පවතින ක්‍රමයක් වෙනස් කරන්න යනකොට අන්තවාදී අදහස් දරන අයගේ කෝපය සහ ඔවුන්ගේ ප්‍රභලත්වය. ඔවුන් හදන්නේ ඍජුව ඔවුන් ඉදිරියට නොයා ඔවුන් විසින් මෙහෙයවන එක එක වෘතීන්වල මිනිස්සුන්ව ඉදිරියට දාන්නයි. (ම)

:       0       0

හදීල් Tuesday, 31 January 2017 06:40 AM

හේවාවිතාරන, කෙසේ වෙතත් ට්‍රම්ප් හොරෙක් නොවෙයි. අපේ හිටපු අය වගේ පවුල් පාලනයට හෝ රට හොරකං කරන්නත් නොවෙයි ඇවිල්ල තියන්නේ. (බ)

:       0       0

රත්නසිරි Monday, 30 January 2017 03:33 PM

මේ වගේ කොන්ද පණ තියන ජනාධිපති කෙනෙක් ලොවටම ආදර්ශයකි. (බ)

:       0       0

දර්ශන Monday, 30 January 2017 05:12 PM

ට්‍රම්ප් ජනාධිපති කෙළින්ම ත්‍රස්තවාදයට විරුද්ධ කෙනෙක්. මෙයාට හැමෝම විරුද්ධ ඒ නිසාද? (නි)

:       0       0

රජිත් Monday, 30 January 2017 05:58 PM

අනේ හැබෑට මෙහෙමත් වැඩ! (නි)

:       0       0

හේවාවිතාරණ Monday, 30 January 2017 06:03 PM

කොන්ද කෙලින් තබාගෙන වැඩකළ ලංකාවේ හිටපු නායකයෙක් සහ ට්‍රම්ප් මහතා ඉතිහාසගතවනු ඇත (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 30 January 2017 06:52 PM

එංගලන්තෙට ඔච්චර කලබල වෙන්න හේතුවක් නැහැනේ. එංගලන්ත ජාතිකයන්ට ඇමෙරිකාව තහනම් නැහැනේ. එංගලන්තේ හැමදාම කරන්නේ ඇමෙරිකාවේ වලිගය වගේ පස්සෙන් යන එකනේ. මේ පාරත් එහෙම කරාවි (නි)

:       0       0

ෂෙරීන් Monday, 30 January 2017 07:03 PM

අපේ කට්ටියට තමයි මෙයාව හොඳ බුද්ධිමත්, කොන්ද පන ඇති, ආදර්ශමත්, කෙළින් කතාකරන නායකයා. ඔහොම යමු. බලමු පස්සේ අපිට කොහොමද සළකන්නේ කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 673 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2337 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1725 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site