ඇමෙරිකා ජනාධිපති ලෙස තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, අරාබි සහ මැදපෙරදිග කලාපීය රටවල කටයුතු පිළිබඳ උපදේශක ලෙස මසාඩ් බොවුලෝස් නම් කර ඇත. ට්‍රම්ප් හිතවාදියකු වන බොවුලෝස් ලෙබනනයේ උපන් ඇමෙරිකන් පුරවැසියෙකි; ට්‍රම්ප් මෙන්ම ව්‍යාපාරිකයෙකි.
ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයේ දී ඇමෙරිකාවේ අරාබි ඇමෙරිකානුවන්ගේ ඡන්ද ලබා ගැනීමේදී බොවුලෝස්ගේ සහාය ට්‍රම්ප්ට නොඅඩුව හිමිවිය.
අරාබි සහ මැදපෙරදිග කලාපීය රටවල කටයුතු පිළිබඳ උපදේශක ලෙස ට්‍රම්ප්, බොවුලෝස් නම් කළ ද එම තනතුර ඔහුට හිමිවන්නේ කොංග්‍රස් මණ්ඩලයේ (ඇමෙරිකන් පාර්ලිමේන්තුවේ) අනුමැතිය ලැබීමෙන් පසුවය.
මේ වනවිට කොංග්‍රස් මණ්ඩලයේ බහුතරය ඇත්තේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට වන බැවින්, බොවුලෝස්ගේ පත්වීම සම්බන්ධයෙන් ගැටලුවක් නොවනු ඇතැයි ද පැවැසෙයි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ට්‍රම්ප්ගේ මැදපෙරදිග කලාපීය උපදේශක මසාඩ් බොවුලෝස්