ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා දිවුරුම් දෙද්දී ඊට විරෝධය පළ කරමින් වොෂින්ටන්හි කළහකාරී ලෙස හැසිරුණු 200ක් පමණ අත්අඩංගුවට ගනු ලැබූහ.
විරේාධතාකාරුවෝ පොලිසියට ගල් ගසමින් දේපොළ විනාශ කරමින් සිය විරෝධය පළ කළහ.
විරෝධතාකරුවන් විසිරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ මාරාන්තික නොවන වෙනත් ක්‍රමවේදයන්ද අනුගමනය කළේය. උද්ඝෝෂණය අතරතුර පොලිසියේ හය දෙනෙක් සුළු තුවාල ලැබූහ.
උද්ඝෝෂකයන්ගෙන් වැඩි දෙනෙක් කළු ඇඳුම් ඇඳ මුහුණු අවාරණය කරගෙන සිටියහ. වොෂින්ටන්හි විරෝධතාකරුවන් ප්‍රචණ්ඩකාරීව හැසිරෙද්දී ඇමරෙිකාවේ තවත් ප්‍රදේශ කිහිපයක පිරිස් සාමකාමීව සිය ට්‍රම්ප් විරෝධී පාඨ කියහින් උද්ඝෝෂණය කළහ.
ට්‍රම්ප් කුළුනේ පිටත අඩිපාර අවහිර ර කළැයි නිවයෝර්ක්හි දී හත් දෙදෙනක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
සැන් ෆ්‍රැන්සිස්කෝහි උද්ඝෝෂණය කළ පිරිස බාධක යොදා දුම්රිය මාර්ගය අවහිර කර තිබිණි. ඊට නායකත්වය දුන් අට දෙනෙකුද අත්අඩංගුවට අත්අඩංගුවට ගත්තේය.
‘මෙය අපේ රටේ ඉතිහාසයේ අඳුරුතම දවසක්‘‘ යැයි ලොස්ඇන්ජලීස්හි 75 හැවිරිදි පුද්ගලයකු කීවේය.
2025 නොවැම්බර් මස 04
666
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2333
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1724
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ට්‍රම්ප්ගේ පදවිප්‍රාප්තියදා කලහ කළැයි 200ක් අත්අඩංගුවට
කළ්‍යාණි Saturday, 21 January 2017 10:30 AM
විරෝධතාව යනු ප්‍රජාතන්ත්‍රවාදයට සරල අර්ථකථනයකි (නි)
ප්‍රියා Saturday, 21 January 2017 01:52 PM
ලංකාවේ කට්ටිය හොඳයිනේ බලනකොට (නි)
රාජපති Saturday, 21 January 2017 04:39 PM
ඇමෙරිකාවේ ඔහොම වුණත් ලංකාවේ ඔහොම වෙන්නේ නැහැ. පෙලපාලි නැහැ. කඳුළු ගෑස් නැහැ. වතුර ගහන්නෙ නැහැ. පොලිස් ප්‍රහාර නැහැ. සියල්ල දත් ලංකාවේ මෙහෙම වෙලත් නැහැ. සියල්ල දත් රටවැසියා ඔහොම මෝඩ නැහැ. ඔය සේරම කොහේවුණත් ලංකාවේ ඕවා වෙන්නේ නැහැ.නැහැ.නැහැ. (නි)
චන්න Saturday, 21 January 2017 04:51 PM
අපේ කට්ටිය වගේ අය කොහෙත් ඉන්නවා (නි)
ජයාත් Saturday, 21 January 2017 11:21 PM
මේ දවස් වල කැලිෆෝනියා වලට ධාරානිපාත වැස්ස. සමහර පැති වලට හිම වැටෙනවා. ඉතින් හිරු එළියක් නැති නිසා වෙන්න ඇති කියලා තියෙන්නේ "මෙය අපේ රටේ ඉතිහාසයේ අඳුරුතම දවසක්‘ කියලා (නි)
හුසේන් මොහමඩ් -රියාද් Sunday, 22 January 2017 04:19 AM
ඇමෙරිකානු ඉතිහාසයේ දරුණුතම ජනපතිවරයා (බ)
නිමල් Sunday, 22 January 2017 04:21 AM
හොද වැඩක් නැතිනම් අපේ රටේ වගේ ඕන දෙයටයි එපා දෙයටයි පාරට බහින්න ගනීවි (බ)
එරංග Sunday, 22 January 2017 05:08 AM
හුසේන් මොහමඩ් -රියාද් : තවම දිවුරුම් දුන්න විතරයිනේ, ඉතින් කොහොමද ඇමෙරිකානු ඉතිහාසයේ දරුණුතම ජනපතිවරයා කියල කියන්නේ ? (බ)