සිරියාව ඇතුළු රටවල් හතක පුද්ගලයින්ට ඇමෙරිකාවට ඇතුළු වීම තහනම් කරමින් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කළ නියෝගය නීතිවිරෝධී බවත් ඉන් සරණාගකයින් වධහිංසාවට ලක් විය හැකි බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
එම තීරණය ජාත්‍යන්තර නීතියට පටහැනි බවද එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨයෝ පවසති.
යුද්ධයෙන් පීඩාවට පත්ව පැමිණෙන සරණාගතයින් භාරගන්නා ලෙසත් ජාතිය ආගම් අනුව වෙනස්කම් නොකරන ලෙසත් එම සංවිධානය ට්‍රම්ප් පාලනයෙන් ඉල්ලයි.
ආගම හා ජාතිය අනුව වෙනස්කම් කිරීම නිතීවිරෝධී බව එම සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් මහතා පවසයි.
ට්‍රම්ප්ගේ එම තීරණයට ඇමෙරිකානු මිත්‍ර රටවල් අතරද විවේචනයක් පවතී.මීට එරෙහිව ලොව පුරා සංචාරකයන්ගේ විරෝධය එල්ල වන අතර මෙම තීරණය අහෝසි කරගැනීමට ඇමෙරිකාව තුළ නඩු පැවරෙමින් පවතී.මෙම නියෝගයෙන් ඇමෙරිකානු ව්‍යවස්ථාවත් ආගමික නිදහසත් ගැරහීමකට ලක්වන බව නීතිඥ පිරිස් පවසති.
මෙම තීරණය අතිශයින්ම වර්ගවාදී බවත් ඉන් එක් ජාතියක් කොන් කරන බවත් ඔවුහු කියති.විධීමත් පරීක්ෂණයකින් තොරව යුද්ධය පවතින රටවල සිට පැමිණෙන සරණාගතයින් අවදානම සහිත එම රටවලට ආපසු යැවීම අනතුරුදායක බවත් එය ජාත්‍යන්තර මානවවාදී රීති මෙන්ම මානව හිමිකම් උල්ලංගණය කිරීමක් බවත් එම සංවිධානය කියයි.
“යුද්ධයෙන් පීඩාවට පත්ව එන සරණාගතයින් පැන්නීම නොකරන ලෙස ඇමෙරිකාවෙන් ඉල්ලනවා.ඇමෙරිකාවට යන පුද්ගලයන් නියමිත කාලසීමාවක් නොමැතිව රඳවා තබා ගන්නවා.ජාත්‍යන්තරව එකඟ වූ වගකීම් අනුව කටයුතු කරන්න කියලා අපි වොෂින්ටනයෙන් ඉල්ලනවා.ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ජනපතිවරයා ප්‍රශ්න කිරීමේ ක්‍රම ලෙස භාවිත කළ ක්‍රම භාවිත නොකරන ලෙස ද ඉල්ලා සිටිනවා“යැයි එම සංවිධෘනය සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 04
673
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2337
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ට්‍රම්ප්ගේ නියෝගය නීති විරෝධී යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි
සුදේශ් Friday, 03 February 2017 07:18 AM
තමන්ගේ රට ආරක්ෂා කර ගන්න අවශ්‍ය දෙයක් කරන කොට ඒක කොහොමද නීති විරෝධි වෙන්නෙ.එක්සත් ජාතීන්ගේ සංවිධානය උගන්වන්න වෙලා (බ)
සුදේශ් Friday, 03 February 2017 07:19 AM
රිශ්වන් ඔයා කියන දේ හරි. ඒකට ට්‍රම්ප් වග කියන්න ඕනේ නෑ. දැන් තියෙන තත්ත්වය බලලයි ඒ නායකයා වැඩ කරන්නේ. ඒකට අපිට දොස් කියන්න බෑ. (බ)
හුසේන් මොහමඩ් -රියාද් Thursday, 02 February 2017 06:05 AM
ආරච්චි, කියන දේ සම්පුර්ණ ඇත්ත. හැම ආගමකම වගේ ඉස්ලාම් ආගමත්, නිරපරාදේ කාටවත් කරදර කිරීම කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. ඒ වුණාට ඊශ්‍රාලය, පලස්තීනයට අයිති පෙදෙස්වල බලහත්කාරයෙන් ජනාවාස හදනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය කොතරම් විරුද්ධ වුණත්, ඔවුන් දිගටම ඒ නීතිව්රෝධී වැඩේ කරගෙන යනවා. ට්‍රම්ප් ඒ වැඩේට මුළු සහයෝගය දෙන ගමන්ම, ඇමෙරිකාවේ තානාපති කාර්යාලයත් ඒ නීතිවිරෝධී ප්‍රදේශයේම විවෘත කරන්න යනවාලු. එ්කෙන් වෙන්නෙ, නීතිවිරෝධී ජනාවාස, නීත්‍යානුකූල කිරීමයි. එතකොට, ඒ වැඩේ හරිද..? (නි)
රජින්ද Thursday, 02 February 2017 06:06 AM
කොයි රටෙත් හරි දේ කරන්න ගියාම ප්‍රශ්න එනවා තමයි. විශේෂයෙන්ම මේක ට්‍රම්ප් මහත්මයාගේ තනි කැමැත්තෙන් ගත් තීරණයක් නොවේ. මොකද මේ තීරණය ගැන, මෙතුමා බලයට එන්න කලින් ඉඳන්ම ප්‍රසිද්ධ වේදිකාවලදී පුන පුනා කී දෙයක් නිසා. ජනතා කැමැත්තෙන් මෙතුමා බලයට ආවෙත් මිනිස්සු මේ තීරණයට කැමති නිසයි. අපේ රටවල නම් වෙන්නේ මේකේ අනික් පැත්ත. බලයට එනකොට එන්නේ එකක් කියාගෙන, ආවම කරන්නේ සම්පුර්ණයෙන්ම වෙනස් දෙයක්. (නි)
තිළිණ Thursday, 02 February 2017 06:26 AM
මම නම් ට්‍රම්ප් මහතාට හිස නමා ආචාර කරනවා (නි)
රොහාන් Friday, 03 February 2017 12:03 AM
මෙවන් අභීත නායකයින් අපිටත් ලැබුනා නම්... (නි)
චින්තක Friday, 03 February 2017 12:11 AM
බලනකොට ඒ රටවල් වලටත් වැඩිය අපේ අයනේ කලබලවෙලා තියෙන්නේ (නි)
බමුණු Thursday, 02 February 2017 06:36 AM
ජනහිත, ඔබ හරි. අනික මෙය මුළු මුස්ලිම් ලෝකයටම දාපු තහංචියක් නොවෙයි. තෝරාගත් රටවල් 7 කට දාපු තහංචි. එසේම අද තහංචි වැටුනට ඉස්සර ඇමරිකාව සමඟ හොඳට යාලු රටවලුත් ඔතන තිබෙනවා. ඔය රටවල් දැඩි ආගම්වාදී වුණ නිසා තමයි ඔහොම වුණේ. (නි)
බමුණු සිංහ Thursday, 02 February 2017 06:38 AM
අජිත්, පක්ෂ දෙකෙන්ම ඡන්දයට ඉදිරිපත් කොරන්නේ හොරු. මිනිසුන් ජේ වී පියට ඡන්දය දෙන්න හුඹස් බියක් දක්වනවා. එනිසා එක්කෝ කාටවත් ඡන්දය නොදී ඉන්න ඕනෑ. නැත්නම් හොරුන්ට ඡන්දය දී පත්කරගන්න ඕනෑ. මඟහිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී වගේ වැඩක් අපට වෙලා තිබෙන්නේ. (නි)
චරිත Thursday, 02 February 2017 07:14 AM
මහත්වරුනේ, ජාතිවාදයක් පටන්ගන්නනම් ඕනෑතරම් අය ඉන්නවනේ. ඇමරිකාවට පන්දම් අල්ලන අය කරුණාකරලා ලෝකයේ වෙන දේවල් හොයලා බලන්න. (නි)
හුසේන් මොහමඩ් -රියාද් Wednesday, 01 February 2017 06:17 PM
ඇමෙරිකාව කවදද එක්සත් ජාතීන්ගේ සංවිධානයට අවනත වුණේ...? හැබැයි මේ ප්‍රශ්නෙදී නම් අනිවාර්යයෙන්ම, ට්‍රම්ප්ට අඩියක් පස්සට ගන්න වෙනවා. මුස්ලිම්වරුන් එක්ක ට්‍රම්ප්ට තියෙන පෞද්ගලික ද්වේශය, දේශපාලන ගාවාගෙනයි පෙන්නුම් කරන්න හදන්නේ. වැඩිකල් යන්න කලින් ට්‍රම්ප් ඇමෙරිකාවේ විතරක් නෙමෙයි ලෝකෙයේම අපකීර්තිමත් නායකයෙක් වෙනවා නොඅනුමානයි. (නි)
එරංග Thursday, 02 February 2017 07:46 AM
මට තියෙන්නේ එකම එක ප්‍රශ්නයයි. දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමරිකාවට කියනවනේ "යුද්ධයෙන් පීඩාවට පත්ව පැමිණෙන සරණාගතයින් භාරගන්නා ලෙස". නමුත් ඇයි එයාලා සෞදි අරාබියට හරි කටාර් හරි වෙනත් ඕනෑම අරාබි රටකට නොකියන්නේ එයාලව බාරගන්න කියලා? මොකද අරාබි රටවල් කියන්නේ 100% ක්ම මුස්ලිම් සල්ලි උතුරන රටවල්. මෙච්චර කාලයකට එක අරාබි රටකවත් එක සරණාගතයෙක්වත් අරගෙන කියලා අහලා තියෙනවද? (නි)
එරන්ද Thursday, 02 February 2017 07:48 AM
හුසේන් මොහමඩ් -රියාද්, මම වැඩකරන්නේ අරාබි රටක. ඔබතුමා කියන කතා මම නම් පිළිගන්නෙ නැහැ
රෝහිනී Saturday, 04 February 2017 06:59 PM
අපේ අයවත් හරවලා එවුවා නම් බලන්න තිබුණා (නි)
නාමල් නිව්යෝර්ක් Wednesday, 01 February 2017 09:03 PM
ඔය එන සරණාගතයෝ සියල්ලන්ටම වියදම් කරන්න වෙන්නේ ඇමරිකානුවන්ගේ බදු මුදලින්. අනෙක මෙතන මුස්ලිම් රටවල් සියල්ල තහනම් කරලා නැහැ. මේ නියෝගයේ ඇති වරදක් නැහැ. සංක්‍රමණිකයින් තහනම් කරපු ඕනෑතරම් රටවල් තිබෙනවා (නි)
ධනුෂ්ක Thursday, 02 February 2017 12:20 AM
අාගමික අන්තවාදයත්, ත්‍රස්තවාදයත් ලෝකයෙන් තුරන් කළයුතුය. එහි තර්කයක් නොමැත. එහෙත් අැමරිකානු ජනාධිපතිගේ තීරණ එ් සඳහ අර්ථවත්ද යන්න විශාල ගැටලුවකි. යම් ජාතියක් කොන්කිරීම යනු ඔවුන්ගෙ එකමුතුව හා අනෙකුත් ජාතීන් කෙරේ වෙෙරය වර්ධනය කිරීමකි. එය ලෝකයෙ සාමයට අනාගතයෙ කෙසේ බලපායිද යන්න විමසා බැලිය යුතුයි. (නි)
බමුණුසිංහ Thursday, 02 February 2017 12:27 AM
ඇමරිකාවේ සිට ජනාධිපතිවරුන් ලිබියාව ඉරාකය ආක්‍රමණය කරනකොට ඒවා නීතිවිරෝධී යැයි කියාගන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයට කටක් තිබුනේ නැත. තමන්ගේ රට ආරක්ෂා කරගන්න උත්සහ කරනකොට එ්ක නීතිවිරෝධීලු. ට්‍රම්ප් මැතිතුමා බය නැතුව ඔය වැඩේ කරන්න. අපේ සහයෝගය ඔබට තිබෙනවා. මට මතකයි "ඉරාකයට අත නොතබනු" කියලා ඒ කාලේ අපේ රටේ තාප්ප වල ලියලා තිබුනා. (නි)
ධනුෂ්ක Thursday, 02 February 2017 12:34 AM
මේ මිනිසුන් තම මවුරටෙන් දරු පැටවුන් එක්ක එන්නෙ ජීවිතේ බේරා ගන්න, ජීවිතේට තියන අාදරේට. එහෙත් ඔවුන් කොන් කිරීමෙන් සිදුවන්නෙ, ඔවුන්ට ජීවිතය ගැන හා අනාගතය ගැන බලාපොරොත්තු බිඳවැටී අන්තවාදයටත් ම්ලේච්ඡත්වයටත් තල්ලු කිරීමකි. කළයුත්තේ අන්තවාදය විනාශ කිරීමයි. නමුත් අැමරිකාව හැමදාම කළේ තම ලෝක දේශපානය සඳහා ම්ලේච්ඡ සංවිධාන ගොඩනැඟීම පමණි (නි)
රන්ජිත් හොරණ Sunday, 05 February 2017 05:13 PM
ලංකාවෙන් ගිය කොල්ලෝ කෙල්ලෝ ඇමරිකානු ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙනවා. ඔවුන් ඇමරිකානු ආරක්ෂාවට තර්ජනක් කරන්නේ නැත. ඉතා වැදගත් විදියට ජීවත්වෙනවා. ඒ නිසා ශ්‍රී ලාංකිකයන්ට ට්‍රම්ප් කිසිම තහනමක් නොදාන බව සහතිකයි. මුස්ලිම් ප්‍රජාව ඔය ඉල්ලගෙන කන්නේ. ඔවුන් වෙන රටකට ගියහම එම රටේ නීති සහ සංස්කෘතියට අවනත වෙන්න කැමති නැහැ. වෙනස් වෙන පරිසරයට අනුගත වෙන්න බැරි අය මේ ලෝකයෙන් වඳවියයි. (නි)
සුසිල් Thursday, 02 February 2017 02:00 AM
මෙයාගෙ පක්ෂයේම ජනාධිපති බුෂ් ඉරාකයට පහරදීමත් අයිඑස් ඇතිවීමට හේතු වුණා. දැන් ඒ මිනිස්සු කොන්කරලා තමන්ගෙ රට ආරක්ෂා කරගන්න හදනවා. (නි)
බමුණුසිංහ Thursday, 02 February 2017 02:24 AM
සුසිල්, ඒ වැරැද්ද කළේ ඒ ජනාධිපති. මෙයා හදන්නේ රට බේරාගන්න. සදාම් හුසේන්ට විරුද්ධව නැගී සිටියා නම් එරට මිනිස්සු ඒ දඬුවම විඳිය යුතුයි කියා මම සිතනවා. මහින්දට විරුද්ධ වී දැන් අපි විඳවනවා වගේ. (නි)
බමුණු Thursday, 02 February 2017 02:28 AM
ධනුෂ්ක, අන්තවාදයක් තිබුනා නම් ඇමරිකාවක් හැදෙන්නේ නැත. ඇමරිකානුවන් කියන්නේ ලෝකේ සෑම ජාතියක්ම එකතුවී සැදුන නවීන ජාතියකි. ඇමරිකානුවන් ගොඩට බ්‍රිටිෂ් මෙන්ම ශ්‍රී ලාංකිකයින්ද අයිතිය. නමුත් දැන් ඔවුන් හදන්නේ ඇමරිකාවට පැමිණ ආගමිකවාදය පතුරා අනාගතයේ රට අස්ථාවර කිරීමට ගන්න උත්සාහය නතර කිරීමටය. ත්‍රස්තවාදය නැගීසිටියේ ඇමරිකානුවන්ට විරුද්ධවය. නමුත් ඔවුන් ජීවිත බේරාගන්නේ එන්නේ ඇමරිකාවටය. (නි)
කුමාර් Thursday, 02 February 2017 02:43 AM
ට්‍රම්ප් නියම කෙළින් වැඩකරන කෙනෙක් (නි)
ධනුෂ්ක Thursday, 02 February 2017 02:43 AM
බමුණු හරි. සමහරුන්ට සහජීවනය මතක්වෙන්නේ ඔවුන්ට පහර වදිනකොට විතරයි. (නි)
බමුණුසිංහ Thursday, 02 February 2017 02:50 AM
ඇමරිකානුවන්ටත් අපට වගේම ඉක්මනින් අමතකවීමේ රෝගයක් තිබෙනවා (නි)
බමුණුසිංහ Thursday, 02 February 2017 02:59 AM
ධනුෂ්ක, ඔවුන්ගේ රට තුළ ඔවුන් අන්තවාද කළාවේ. එ්කට අපට කමක් නැත. නමුත් ඒ අන්තවාදය ලෝකයට ගෙනයාම නවත්වන්නැයි ට්‍රම්ප් මහතාගේ උවමනාව. ඔවුන් ජීවිත බේරාගැනීමට අනික් රටවලට පැනගෙන ටික කාලෙකින් ඔවුන්ගේ ආගමික නීතිරීති පතුරවන්න හදනවා. බොදුබල සේනාව වගේ අය නොහිටින්න දැනට මේ රටේ තිබෙන සංහිඳියව මුස්ලිම් ආගම පැතිරෙන්න හොඳ පසුබිමක්. (නි)
නුවරඑළියේ වසන්ත Thursday, 02 February 2017 10:28 AM
යුද්දයෙන් පීඩා විදින රටවල් වලින් බටහිර රටවල් වලට සංක්‍රමණය වෙන අයව බාර ගන්න ඒ රටවල් බැඳිලා ඉන්නවද..? එතකොට ඒ එන අයව නඩත්තු කරන්න ඕනේ ඒ රටේ ජනතාවනේ. ඒක කොච්චර අසාධාරනයක්ද ? ඇරත් ඒ ඒ රටවල් වල අභ්‍යන්තර ආරක්ෂාව සම්බන්දයෙන් ගන්න තීරණ වලට එක්සත් ජාතීන්ගේ සංගමයට මැදිහත් වෙන්න පුලුවන්ද. (ර)
රිස්වාන් Friday, 03 February 2017 04:56 AM
ඔය තහනම් කරපු රටවල් හතේම ප්‍රශ්න ඇති කළේ ඇමෙරිකානුවෝ නොවේද? සදාම් හුසේන් ඉන්න කාලේ ඉරාකේ මේ තරම් ප්‍රශ්න තිබුනේ නැහැ. අැයි මේ එක ජාතියක් දිහා හැම කෙනෙක්ම ද්වේශසහගත ලෙස බලන්නේ. (නි)
ද සිල්වා බෙර්ලින් Thursday, 02 February 2017 10:37 AM
ඇමෙරිකාව හැමදාම කලේ ඇමෙරිකාවට ඕන වැඩ මිසක් එක්සත් ජාතීන්ට ඕනේ වැඩ නොවේ , මේ ප්‍රශ්නෙදිදීත් වෙනසක් ඇති වෙන එකක් නැහැ, මුස්ලිම් සරණාගතයන්ට පුළුවන් තුර්කිය , සවුදි අරාබිය , එක්සත් අරාබි එමීර් රාජ්‍ය, කටාර් වැනි අසල්වැසි මුස්ලිම් රටකට යන්න එහෙම නැතුව සැතපුම් දහස් ගණනක් මග ගෙවා ඇමෙරිකාවට යන්නේ වැඩි හරියක් බොරු සරණාගතයෝ. (ර)
ද සිල්වා Thursday, 02 February 2017 10:39 AM
අපේ වගේ නොවේ හරි හෝ වැරදි වේවා මැතිවරණ පොරොන්දු ඉටු කරන කෙලින් තීරණ ගන්න නායකයෙක් , අපේ මිනිස්සු දන්නේ බොරු කියල බලයට ඇවිත් බලය ලැබුනට පස්සේ ගොළුවෝ බිහිරෝ වගේ ඉන්න . ලංකාවට වින කරන හිලරිගේ නිලධාරීන් ටික මාරු කරලා දැම්ම එක ලොකු දෙයක්. (ර)
ප්‍රියන්ත, ශ්‍රීලංකාව Thursday, 02 February 2017 10:42 AM
හුසේන් මොහමඩ් -රියාද් ඒක ඇත්ත. (ර)
ප්‍රියන්ත, ශ්‍රීලංකාව Thursday, 02 February 2017 10:50 AM
ආරච්චි මොට්ට ඇයි මෙතරම් . ඇස් පෙන්නේ නැද්ද? (ර)
සුදේශ් Thursday, 02 February 2017 10:51 AM
හුසේන් මොහමඩ් -රියාද්. ISIS ලා අහිංසකයන්ගේ බෙලි කපන්නේ එයාල බුද්ධිමත් නිසා වෙන්න ඇති. (ර)
ද සිල්වා බර්ලින් Thursday, 02 February 2017 10:54 AM
හිලරිලා ඔබාමලා කළේ ලංකාවේ ප්‍රශ්න වැනි අනවශ්‍ය ප්‍රශ්න වලට අත දමමින් , ලෝකය අවුල් කළ එක , ට්‍රම්ප් කරන්නේ ලෝකයේ ප්‍රශ්න වලට අතදමන්න ඉස්සෙලා තමන්ගේ ගෙදර දොර පිළිවෙලක් කරගෙන එහි ආරක්ෂාව සලසා ගන්න , මෙය මම දකින්නේ හරි තීරණයක් විදිහට , මුස්ලිම් සරණාගතයෝ කලබල නැති සවුදි , එක්සත් අරාබි එමීර් රාජ්‍යය , කටාර් , තුර්කිය වැනි මුස්ලිම් රටවලට යායුතුය , එහිදී බුර්කා අදින්න , තම අාගම අදහන්න , භාෂා කතාකරන්න පුළුවන් නිසා ඔවුන්ට අවශ්‍ය විදිහට ජිවත් වෙන්න පුළුවන් (බ)
ප්‍රියන්ත Thursday, 02 February 2017 11:00 AM
හුසේන් මොහමඩ් -රියාද්! ඔයාට හිතෙන විදිහට බුද්ධිය පරිණතවෙලා තමයි ඔය ආගම වැළඳ ගන්නේ. මට දැන් තමයි තේරුනේ. පටිනතම කට්ටිය තමයි ඔය මුස්ලිම් රටවල ඉන්නේ !!!! (බ)
කොචාහි Thursday, 02 February 2017 05:51 PM
හුසේන්, ඉන්න ටිකත් ඉස්ලාම් අතහැරලා යනවා. ඉරාන ජාතිකයන්ගෙන් 30%ක් ආගම අතහැරලා. බොහෝ මුස්ලිම් තරුණ බහුතරය ඉස්ලාම් අතහැරලා. (නි)
හුසේන් මොහමඩ් -රියාද් Thursday, 02 February 2017 04:03 AM
9/11 ප්‍රහාරයේදිත් මුස්ලිම්වරුන්ට එරෙහිව මේ වගේම දැඩි තීරණ බුෂ් ගත්තා. ඒත්, මධ්‍යස්ථ බුද්ධිමත් ඇමෙරිකානුවන්ට කටුක වුණත් සත්‍යය තේරුණු නිසයි අවුරුදු 3ක් ඇතුළත මිලියන 5 කට ආසන්න ඇමෙරිකානුවන් ඉස්ලාමය වැළඳගත්තේ. මුස්ලිම්වරුන් කවදාවත් ගෙවල් ගානේ ගිහින් සල්ලි දීලා ඉස්ලාමය පතුරුවන්නේ නැහැ. කිසියම් පැහැදීමකිනුයි, ඉස්ලාම් ආගම වැළඳගන්නේ. ඔය යථාර්ථය පිළිගන්න තරම් බොහෝ අයගේ බුද්ධිය පරිණතවෙලා නැහැ. (නි)
ගිහාන් Thursday, 02 February 2017 11:20 AM
පරිණතභාවය නම් ඔය මෙහෙත් උතුරන්නේ. ඒ ආගම වැළඳගන්නේ නම් හැබැයි අලුත ඔයාලට දාව උපදින දරුවෝ තමයි වැඩිහිටියෝ නෙමෙයි. (ම)
මුසම්මිල් Thursday, 02 February 2017 11:27 AM
රටවල් වලට පැනලා රටවල් අකර්මණ්‍යය කරලා විනාශ කරන්නේ කව්ද කියලා දැන් ලෝකයේ වෙන දේවල් දැක්කහම තේරුම් ගන්න පුළුවන් (නි)
රන්ජිත් Thursday, 02 February 2017 07:10 PM
ඇයි ඔය සරණාගතයන්ට අසල්වාසි මුස්ලිම් රටවල රැකවරණ දෙන්න බැරි? සෞදි අරාබිය, ඕමානය, ඩුබායි, බහරේන්, අබුඩාබි, කටාර් වගේ ධනවත් මුස්ලිම් රටවල් ඕනෑතරම් තියෙනවා. ඒගොල්ලන් මුස්ලිම් සරණාගතයන් ගන්නේ නැහැ. මොවුන්ට ඕනෑ ලෝකේ හැම රටකම මුස්ලිම් ප්‍රජාව වැඩි කරන්න. ඇමරිකාව විතරක් නෙමෙයි අනික් රටවලුත් මේ තහනම දාන්න ඕනෑ (නි)
ගමගේ Friday, 03 February 2017 04:52 PM
ඇමෙරිකාවේ ශ්‍රී ලාංකිකයින්ට අත නොතබන තාක්කල් ලංකාවේ බොහෝ දෙනෙක් ට්‍රම්ප්ගේ ගුණ ගායනා කරනු ඇත (නි)
සුමේධ Tuesday, 07 February 2017 03:47 AM
ට්‍රම්ප් ඇමරිකාව විතරක් නෙමෙයි ලෝකෙම කාලයි යන්නේ (නි)
අජිත් Thursday, 02 February 2017 05:02 AM
බමුණුසිංහ, ලංකාවේ අයට අද අමාරු කාලයක් ඇතිවෙලා තියෙන්නේ මහින්ද පරාජය කිරීම නිසා නොව හොරුන් තමන්ගේ පාලකයන් පත්කර ගැනීම නිසයි. අර කියනවා වගේ හොරු පත්කර ගත්තහම ඒකේ පලවිපාක ඒ පත්කරපු මිනිසුන්ටම විඳවන්න වෙනවා! (නි)
බුද්ධික Thursday, 02 February 2017 05:20 AM
ට්‍රම්ප් මහතා හට සියළු බාධක මැඩගෙන ඉදිරියටම යාමට හැකිවේවා! (නි)
ජනහිත Thursday, 02 February 2017 05:21 AM
ඇමෙරිකාව කියන්නේ බොහෝ මහන්සියෙන් ගොඩනඟපු රටක්. අදත් එහෙමයි. හොඳින් ජිවත්වෙන්න ඕනෑ නම් මහන්සි වෙලා අාදායම් රැස්කරගත් යුතුයි. එහෙම දියුණු වූ රට තමයි 911 වලදී විනාශ කළේ. එහෙම වුණේ ඔය වගේ නීති නොතිබුන නිසයි. මේ ගත් තීරණ ආගම හෝ ජාතින් පදනම් කරගෙන ගත් තීරණ නොවෙයි. රට ගැන හිතා ගත් තීරණ බවයි මට නම් හැඟෙන්නේ. (නි)
බමුණු Monday, 06 February 2017 11:34 AM
රිස්වාන් එක ජාතියක් දිහා නොවෙයි ජාතීන් 7ක් නමුත් එක ආගමිකයින්. ඉරාන ජාතිකයින් වෙනයි ඉරක ජාතිකයින්ට සහ සෝමාලි ජාතිකයින්ට. මොවුන්ගේ ත්‍රස්තවාදය ඇතිවී තිබෙන්නේ ජාතිය නිසා නොව ආගම නිසාය. (බ)
යසපාල Friday, 03 February 2017 07:31 PM
මේවා අහන අපිට නම් හිනා! (නි)
හුසේන් මොහමඩ් -රියාද් Thursday, 02 February 2017 12:22 PM
එරන්ගත් එක්ක මම 100% ක් එකඟ වෙනවා. ඔය කියපු රටවල් කරන උදවිය එක්තරා සීමාවක් තුලයි ඉන්නේ. සුදේශ්, ඔය අයිසිස්ල වගේ මෘග මිනීමරුවෝ නිර්මාණය කළේ කවුද කියල, 'තතු දන්නා ' උදවිය දන්නවා. පැහැදිලිවම කියනවනම්, මුස්ලිම්වරුන් ලෙස පෙනී හිටියත් ඔවුන් මුස්ලිම්වරුන් නෙමෙයි. (බ)
ආරච්චි Thursday, 02 February 2017 05:34 AM
හුසේන් මොහමඩ් කියන්නේ ඒ වැඩේ හරි කියලද. පොඩ්ඩක් හිතන්න අනුන්ගේ ගෙදරකට කඩාවැදිලා ඒ ගෙදර විනාශ කරන්න කියලා කිසිම ආගමක කියලා නැහැ. ජාතිය කුමක් වුණත් විනාශය කවුරුත් අනුමත කරන්නේ නැහැ. ට්‍රම්ප්ට ඕනෑ තම රට පරිස්සම් කරගන්න මිසක් අනෙක් රටවල් ගැන හිතන්න නොවෙයි. සරණාගතයින් කරන්නේ තමන්ගේම අයනේ. (නි)