IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ටයිටන් සබ්මැරීන අනතුර: ඇමෙරිකාව විමර්ශන අරඹයි

අත්ලාන්තික් සාගරයේ ගිලී ගිය ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමට සංචාරකයන් රැගෙන කිමිඳෙද්දී, පිපිරී විනාශ වුණු ‘ටයිටන්’ සබ්මැරීනය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන බව ඇමෙරිකන් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

ඇමෙරිකන් වෙරළාරක්ෂක නිලධාරී, කැප්ටන් ජේසන් නියුබෝර් බොස්ටන් නුවර මාධ්‍ය හමුවක් පවත්වමින් පැහැදිලි කළේ විමර්ශන කටයුතුවලදී කැනඩා වෙරළාරක්ෂකයන්ගේ ද සහාය ලබා ගන්නා බවය.

විමර්ශන සඳහා මුහුදු පතුලේ ඇති ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් සොයා ගැනීම සිදු කරන බවත් සිරුරු කොටස් ද සොයා ගැනීමට අපේක්ෂා කරන බවත් කැප්ටන් ජේසන් නියුබෝර් මාධ්‍ය හමුවේ වැඩිදුරටත් පැහැදිලි කළේය. එම කටයුතු සඳහා රොබෝ කිමිඳුම් යානා යොදා ගැනීමට නියමිතය.

මුහුදේ පතුළට කිමිදෙද්දී පීඩනයට හසුවී පොඩි පට්ටම් වී, ටයිටන් සබ්මැරීනය පුපුරා විනාශ වූ බව තහවුරු කළේ ඇමෙරිකන් නාවික හමුදාවය. එය සිදුවී ඇත්තේ පසුගිය 19 වැනිදාය. සබ්මැරීනය අතුරුදන් වූ අවස්ථාවේ, ඇමෙරිකන් නාවික හමුදාවට ඔවුන්ගේ සෝනාර් තාක්ෂණය ඔස්සේ පිපිරීම් හඬක් අසන්න ලැබී තිබුණි.

එම පිපිරුම් හඬ කුමක්දැයි තහවුරු වූයේ, පසුගිය 22 වැනිදා රොබෝ කිමිඳුම් යානයකට ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් කොටස් මීටර් 3,800 ක් මුහුදු පතුලේ ටයිටැනික් නැවේ සිට මීටර් 400 ක් දුරින් හමුවීමෙන් පසුවය.

මුහුදු පතුලේ පීඩනයට හසුවී, ‘ටයිටන්’ සබ්මැරීනය පොඩි පට්ටම් වී පුපුරා ගියේ නම් එසේ පිපිරෙන්න ඇත්තේ සබ්මැරීනයේ කිසියම් පැල්මක් තිබුණු නිසා යැයි විශේෂඥයෝ පැහැදිලි කරති. මේ වනවිට ටයිටන් සබ්මැරීනයේ ප්‍රමිතිය සහ ආරක්ෂාව සම්බන්ධයෙන්, ‘ඕෂන්ගේට් එක්ස්පෙඩිෂන්ස්’ සමාගමට චෝදනා එල්ල වීමට පටන්ගෙන තිබේ. ‘ඕෂන්ගේට් එක්ස්පෙඩිෂන්ස්’ ඇමෙරිකන් සාගර ගවේෂණ සහ පර්යේෂණ සමාගමකි. ‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ සමාගම, 1921 වසරේ මුහුදුබත් වුණු ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමට සංචාරකයන් රැගෙන යන්නේ එක් සංචාරකයකුගෙන් ඇමෙරිකන් ඩොලර් 250,000 ක මුදලක් අය කරමිණි.

‘ටයිටන්’ සබ්මැරීනය අනතුරට ලක්වීම මුල් කරගනිමින් ‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ සමාගමේ අනාගතය ද මේ වනවිට අනතුරට පත් වී ඇතැයි ද පැවැසෙයි.



අදහස් (0)

ටයිටන් සබ්මැරීන අනතුර: ඇමෙරිකාව විමර්ශන අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site