
කැනඩාවට ඔබ්බෙන් උතුරු අත්ලාන්තික් සාගරයේ, ගිලුණු ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරැඹීමට, සාගර පතුළට ගිය කුඩා සබ්මැරීනයක් (කුමුඳුවක්) එහි නියමුවා සහ සංචාරකයන් සිවුදෙනා සමඟ අතුරුදන් විය.
කුමුඳුව අතුරුදන් වූයේ එය අකරතැබ්බකට මුහුණ දුන් නිසා යැයි සැක කෙරේ. කුමුඳුව සමඟ සබඳතා බිඳ වැටී ඇති අතර, එය අනතුරට පත් වුණු ස්ථානය නිවැරදිව දැන ගැනීමට ඇමෙරිකන් සහ කැනඩා වෙරළාරක්ෂක නිලධාරීන් මෙහෙයුම් අරඹා තිබේ. ඒ සඳහා විශේෂ රේඩාර් සහිත ගුවන් යානා ද භාවිතයට ගැනෙයි.
අද (20) වනවිට ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ කුමුඳුවේ ඔක්සිජන් ඇත්තේ පැය 55 කට පමණක් බවය. ඒ අනුව, කුමුඳුව සොයා ගනිමින්, එහි සිටින පස්දෙනා බේරා ගැනීමට කාලය සමඟ සටන් කිරීමට වෙරළාරක්ෂකයන්ට සිදුවී ඇත.
1912 වසරේ ගිලුණු ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරැඹීමට සංචාරකයන් රැගෙන යෑම සිදුකරන්නේ ‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ නමැති සමාගමය. අතමිටසරු නම්, ත්‍රාසජනක අත්දැකීම්වලට මුහුණ දීමට කැමැති නම්, පවුම් 195,000 ක වැනි මුදලකට ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරැඹීමට ‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ සමාගම අවස්ථාව උදා කර දෙයි.
සමාගමට අයත් ‘පෝලර් ප්‍රින්ස්’ නෞකාවෙන්, සුන්බුන් ඇති මුහුදු කලාපයට රැගෙන යන සංචාරකයන් අඩි 12,500 කු මුහුදු පතුළට ගෙන යෑම සිදු කරන්නේ ‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ සමාගමේ ‘ටයිටන්’ නමැති කුඩා කුමුදුවෙනි. පසුගිය ඉරිදා (18) මුහුදු පතුළ බලා යද්දී අතුරුදන් වූයේ මෙම කුමුඳුවය.
කුමුඳුවේ නියමුවා පෝල් හෙන්රි නාර්ජියෝලේ ය. සාගර ගවේෂණය සම්බන්ධයෙන් අත්දැකීම් බහුල මොහු ප්‍රංශ ජාතිකයෙකි. ඔහුගේ සහායට ‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ සමාගමේ උපසභාපති ස්ටොකොන් රෂ් ද සිටී.
සංචාරකයන් ලෙස ගමනට එක් වූයේ ‘ඇක්ෂන් ඒවියේෂන්’ නමැති ගුවන් සමාගමේ සභාපති බ්‍රිතාන්‍ය ජාතික බිලියනපති හාමීෂ් හාඩින්, ‘එන්ග්‍රෝ’ සමාගමේ උප සභාපති ෂෙහ්සාද් ඩාවුඩ් සහ ඔහුගේ 19 හැවිරිදි පුතු සුලෙයිමාන්ය. පාකිස්තානයේ ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනකු වන්නේ ෂෙහ්සාද් ඩාවුඞ් ය.
සම්මැරීන සම්බන්ධ විශේෂඥයන් බිය පළ කර ඇත්තේ ‘ටයිටන්’ කුමුඳුව අනතුරට පත් වී මුහුදු පතුළේ සිරවූවා නම් ඒ වෙත ගොස් එහි සිටින පිරිස බේරා ගැනීම ඉතාමත් අසීරු කාර්යයක් බවය. කුමුඳුව සමඟ සියලු සබඳතා බිඳ වැටී ඇත්තේ එය පැය 1 මිනිත්තු 45 ක් මුහුදු පතුළ බලා යද්දීය. ටයිටැනික් නෞකාවේ සුන්බුන් වෙත යෑමට ගත වන සම්පූර්ණ කාලය පැය 2 ක් බව ද පැවැසෙයි.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ටයිටැනික් සුන්බුන් බලන්න ගිය කුමුඳුව අතුරුදන්