හිටපු නිදහස් සටන්කාමී සහ නොබෙල් සාම ත්‍යාගලාභී හොසේ රාමෝස් හොර්තා නැගෙනහිර ටිමෝරයේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.
පෘතුගීසි කොලනියක්ව පැවති නැගෙනහිර ටිමෝරය 1975 වසරේදී ඉන්දුනීසියාවේ යටත් විජිතයක් බවට පත් වූ අතර 2002 වසරේදී ඉන්දුනීසියාවෙන් නිදහස ලැබුවේය.
72 හැවිරිදි රාමෝස් හොර්තා නිදහස ලබා ගැනීමේ සටනේ පුරෝගාමියෙක් වූ අතර ඉන්දුනීසියාවෙන් නිදහස ලබා වසර 20 ක් ගෙවෙන මොහොතේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.
දුප්පත් බව අඩු කිරීමට,ළමයින්ට සහ මව්වරුන්ට සෞඛ්‍ය සේවය වැඩි දියුණු කිරීම සහ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා සංවාදයක් ගොඩනැගීමට නව ජනාධිපතිවරයා පොරොන්දු වුවේය.
හොසේ රාමෝස් හොර්තා දශක 3 කට අසන්න කාලයක් පිටුවහල්ව ජීවත් වූ අතර 1999 වසරේ දී නැගෙනහිර ටිමෝරයට පැමිණියේය. ටිමෝර ගැටුමට සාමකාමී විසඳුමක් ලබා දීම හේතුවෙන් 1996 වසරේදී නොබෙල් සාම ත්‍යාගය දිනා ගනු ලැබුවේය.
(බීබීසී)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ටිමෝරයට නව ජනපතිවරයෙක්