IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ටිබෙට් භූමි කම්පාවෙන් මියගිය ගණන දැන් 126 ක්

ටිබෙට් නේපාල දේශසීමාවේ, ටිබෙටයට අයත් චීන පාලනය යටතේ පවතින පළාතක් ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි.

භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 7.1 ක් ලෙසය. භූමි කම්පාවෙන් 126 දෙනකු මියගිය බවත් නිවාස සහ ගොඩනැගිලි 3,000 කට හානි සිදුවුණු බවත් විදෙස් මාධ්‍ය පවසයි.

භූමි කම්පාවෙන් තුවාල ලැබූ ගණන 188 ක් බවත්, ඔවුන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බවත් පැවැසෙයි. ඒ අනුව, මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි යැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. භූමි කම්පාව හටගත්තේ චීනයේ වේලාවෙන් ඊයේ (7) රාත්‍රී 9 ට පමණය.

භූමි කම්පාවෙන් බිමට සමතලා වුණු සුන්බුන් අතරේ සිරවුණු පිරිස් සොයා මෙහෙයුම් ඊයේ (7) රාත්‍රියේම ආරම්භ විය. භූමි කම්පාවේ ප්‍රබලත්වය අසල්වැසි රටවල් වන ඉන්දියාව සහ නේපාලයට ද දැනුණු බව පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ටිබෙට් භූමි කම්පාවෙන් මියගිය ගණන දැන් 126 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 699 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17870 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site