ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පැවැත්වෙන ‘ජී20’ රාජ්‍ය නායක සමුළුවට තමන් සහභාගී නොවන බවත්, තමන් වෙනුවට සමුළුවට සහභාගී වනු ඇත්තේ චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැං බවත්, චීන ජනාධිපති ෂී ජින්පින් පවසා තිබේ.
චීන ජනාපධිතිවරයාගේ මෙම තීරණය සම්බන්ධයෙන් තමන් කනගාටු වන බව සමුළුවට සහභාගී වීමට ඉන්දියාව බලා පැමිණීමට සූදානමින් සිටින ඇමෙරිකන් ජනාපධිති ජෝ බයිඩන් පවසා ඇත.
ධවල මන්දිරය මීට පෙර පවසා තිබුණේ ‘ජී20’ සමුළුව අතරතුරේ බයිඩන් සහ ජින්පින් අතරේ ද හමුවක් පැවැත් වීමට කටයුතු සැලැසුම් කර ඇති බවය. කෙසේ නමුත් මේ වනවිට තහවුරු වී ඇත්තේ එවැනි හමුවක් නොපැවැත්වෙන බවය.
‘ජී20’ රටවල රාජ්‍ය නායක සමුළුව ලබන 9 වැනිදා සහ 10 වැනිදා ඉන්දියාවේ නවදිල්ලි අගනුවර කේන්ද්‍රකොට ගනිමින් පැවැත්වෙයි.
ඇමෙරිකා ජනාපධිති බයිඩන් සමුළුවට සහභාගී වීමට නියමිත අතර, ඔහු සමුළුවට දින දෙකකට පෙර ඉන්දියාවට පැමිණෙන බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
‘ජී20’ සමුළුවට චීන ජනපති එන්නේ නෑ